මාධ්‍ය ක්ෂේත්‍රයේ වසර 50 කට ආසන්න කාලයක නිරතව සිටිමින් ලංකාදීප , දවස සහ දිවයින යන පුවත්වල කටයුතු කළ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී අනුර වික්‍රමසිංහ මහතා අභාවප්‍රාප්ත විය.
දෙදරු පියකුවූ වික්‍රමසිංහ මහතා කලක් රෝගී තත්ත්වයෙන් සිටි අතර මියයන විට 80 වෙනි වියෙහි පසුවිය.
තැපැල් ස්ථානාධිපතිවරයකු වශයෙන් සහ තැපැල් කාර්යාල විමර්ශන පරීක්ෂකවරයකු වශයෙන් කටයුතු කර විශ්‍රාම ලබා පසුව පූර්ණකාලීනව ලංකාදීප පුවත්පතෙහි ගම්පහ ප්‍රාදේශීය මාධ්‍යවේදී ලෙස කටයුතු කළේය.
අනුර වික්‍රමසිංහ මහතාගේ දේහය ගම්පහ , දයාරත්න මල් ශාලාවේ තැන්පත් කොට ඇති අතර අවසන් කටයුතු අද (24) සවස 4 ට ගම්පහ , කසගහවත්ත ආදාහනාගාරයේදී සිදු කෙරෙන බව පවුලේ ඥාතීහු සදහන් කළහ.
එක්සත් ජාතික පක්ෂ දකුණු පළාත් සභා හිටපු මන්ත්‍රිවරයෙකු වූ සුනිල් සේනානායක මහතා අභාවප්‍රාප්ත විය.
කොළඹ සෞදන්ර්ය කලා විශ්ව විද්‍යාලයේ හිටපු උප කුලපති, සම්මානිත මහාචාර්ය ජයසේන කෝට්ටේගොඩ මහතා අභාවප්‍රාප්ත විය.
ප්‍රවීණ රංගන ශිල්පියෙකු හා හඬකැවීම් ශිල්පියෙකු වන ප්‍රසන්න ෆොන්සේකා මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
ප්‍රවීණ ටෙලිනාට්‍ය සහ චිත්‍රපට රංගන ශිල්පිනී සුසන්තා චන්ද්‍රමාලි මහත්මිය අභාවප්‍රාප්ත වූවාය.
මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා පෙරහරේ අඩ සියවසකට අධික කාලයක් ප්‍රධාන වෙස් නර්තන ශිල්පියා වශයෙන්කටයුතු කළ පීටර් සූරසේන මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
ප්‍රවීණ ගායන ශිල්පිණි අමිතා වැදිසිංහ මහත්මිය අද උදෑසන අභාවප්‍රාප්ත වූ බව ඇගේ පවුලේ ඥාතීන් පවසයි.
මාධ්‍යවේදී අනුර වික්‍රමසිංහ මිය යයි