බේරුවල කුරුඳුවත්ත ශ්‍රී ශෛලබිම්බාරාම මැණික් විහාරය ඇතුළු මාලේවන විහාර ගණයේ අධිපති, බේරුවල මාලෙවන ආයුර්වේද වෛද්‍ය විද්‍යාලයේ හා හැව්ලොක්ටවුන් මාලේවන ආයුර්වේද රසායනාගාරයේ අධ්‍යක්ෂක ආයුර්වේද වෛද්‍ය වෛද්‍යාචාර්ය මාලේවන සෝභිත නාහිමියෝ (73)අද (17)පස්වරුවේ දෙමටගොඩ පාලිතාරාම විහාරස්ථානයේදී අපවත් වූහ.
උන්වහන්සේගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පසුව බේරුවලදී සිදුකිරීමට නියමිත අතර ඒ පිළිබඳ පසුව දැනුම් දෙනු ලබන බව බේරුවල කුරුඳුවත්ත ශ්‍රී ශෛලබිම්බාරාම විහාරස්ථ දායක සභාව සඳහන් කරයි.
කොළඹ සෞදන්ර්ය කලා විශ්ව විද්‍යාලයේ හිටපු උප කුලපති, සම්මානිත මහාචාර්ය ජයසේන කෝට්ටේගොඩ මහතා අභාවප්‍රාප්ත විය.
ප්‍රවීණ රංගන ශිල්පියෙකු හා හඬකැවීම් ශිල්පියෙකු වන ප්‍රසන්න ෆොන්සේකා මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
ප්‍රවීණ ටෙලිනාට්‍ය සහ චිත්‍රපට රංගන ශිල්පිනී සුසන්තා චන්ද්‍රමාලි මහත්මිය අභාවප්‍රාප්ත වූවාය.
මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා පෙරහරේ අඩ සියවසකට අධික කාලයක් ප්‍රධාන වෙස් නර්තන ශිල්පියා වශයෙන්කටයුතු කළ පීටර් සූරසේන මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
ප්‍රවීණ ගායන ශිල්පිණි අමිතා වැදිසිංහ මහත්මිය අද උදෑසන අභාවප්‍රාප්ත වූ බව ඇගේ පවුලේ ඥාතීන් පවසයි.
ප්‍රවීණ වේදිකා, ටෙලිනාට්‍ය සහ සිනමා රංගන ශිල්පිණී කුමාරි පෙරේරා අද (13) දින සිය දිවි ගමන නිමා කළාය.
මාලේවන සෝභිත හිමියෝ අපවත් වෙති