IMG-LOGO

2024 නොවැම්බර් මස 22 වන සිකුරාදා


රන්ජන් අමරසිංහ අභාවප්‍රාප්ත වෙයි

පුවත්පත් සහ  විද්‍යුත් මාධ්‍ය ක්ෂේත්‍රයේ වසර හතලිහක පමණ කාලයක් කටයුතු කළ ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී රන්ජන් අමරසිංහ මහතා ඊයේ (05) අභාවප්‍රාප්ත  විය.

මිය යන විට 69වන වියේ පසු වූ ඒ මහතා දෙදරු පියෙකි.

දවස පුවත්පතෙන්  සිය මාධ්‍ය ජීවිතය ආරම්භ කර ඇති ඒ මහතා ඉන් පසු දිවයින, පුවත්පතේද සේවය කිරීමෙන් පසු, සිරස මාධ්‍ය ජාලයේ  සිරස  සහ  වයි එෆ්,එම්. ගුවන් විදුලියන්හි ප්‍රවෘත්ති සංස්කාරක ලෙස දිගු  කලක් සේවය කර තිබේ

පසුකාලීනව  රන්දිව, ලංකාදීප, පුවත්පත්වල නිදහස් මාධ්‍යවේදියෙකු ලෙසත්  ලංකා ඊ නිව්ස් සහ මව්බිම වෙබ් අඩවියෙත් කටයුතු කර ඇත.

අමරසිංහ මහතා කොළඹ විශ්ව විද්‍යාලයේ උපාධිදාරියෙක් වන අතර කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි

දේහය තලංගම කොස්වත්ත මහින්ද පනාගොඩ මල්ශාලාවේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු බැද්ද ගාන පොදු සුසාන භූමියේදී අනිද්දා (8)  සවස 3.00ට සිදුකෙරේ.

(ආරියරත්න රණබාහු)



අදහස් (0)

රන්ජන් අමරසිංහ අභාවප්‍රාප්ත වෙයි

ඔබේ අදහස් එවන්න

අවමංගල්‍ය දැන්වීම්

චිත්‍රපට අධ්‍යක්ෂ තේජා ඉද්දමල්ගොඩ දිවියට සමුදෙයි
2024 නොවැම්බර් මස 18 460 0

චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු සංගීතඥයෙකු හා වෙළෙඳ දැන්වීම් නිර්මාණකරුවෙකු වූ තේජා ඉද්දමල්ගොඩ මහතා ඊයේ (17) අභාවප්‍රාප්ත විය


කොබවක ධම්මින්ද නාහිමිගේ මෑණියන් කළුරිය කරයි
2024 නොවැම්බර් මස 06 165 0

ඓතිහාසික කිරිවෙහෙර රාජමහා විහාරාධිපති රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක කතරගම ශාසනාරක්ෂක බලමණ්ඩලයේ සභාපති කොබවක ධම්මින්ද නාහිමියන්ගේ මෑණියන්ව


ජපුර හිටපු උපකුලපති මහාචාර්ය චන්දිම විජේබණ්ඩාර සමුගනී
2024 නොවැම්බර් මස 04 415 0

ශ්‍රී ජයවර්ධන පුර විශ්ව විද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය චන්දිම විජේබණ්ඩාර මහතාඊයේ(03) අභාවප්‍රාප්ත විය.


අජිත් ආරියරත්න හඬ නිහඩ වෙයි
2024 ඔක්තෝබර් මස 21 6410 0

ජනප්‍රිය සරල ගීත ගායකයකු වු අජිත් ආරියරත්න මහතා හදිසියේ අද(21) සවස අභාවප්‍රාප්ත විය.


සමාජ සේවිකා බණ්ඩාර මැණිකේ දිවි සැරිය නිම කරයි
2024 ඔක්තෝබර් මස 19 157 0

සමාජ සේවිකාවක වූ ලග්ගල පල්ලේගම ,දේවාලදෙණිය ,හත්තොට අමුණේ පී.ජී බණ්ඩාර මැණිකේ මාතාව අභාවප්‍රාප්ත වූවාය.


හිටපු නියෝජ්‍ය විදුහල්පති කිරමගේ සරත් කළුරිය කරයි
2024 ඔක්තෝබර් මස 14 141 0

දෙණියාය මධ්‍ය විද්‍යාලයේ හිටපු නියෝජ්‍ය විදුහල්පතිවරයකු වූ විශ්‍රාමික කිරමගේ සරත් මහතා රෝගීව සිට අභාවප්‍රාප්ත විය.


Our Group Site