හම්බේගමුව ප්‍රදේශයේ සමාජ සේවිකාවක වන ලියන ආරච්චිගේ සොපි නෝනා මාතාව අභාවප්‍රාප්ත වූවාය.
මිය යන විට 79 සොපි නෝනා මාතාව විජය පුවත්පත් සමාගමේ අධීක්ෂණ කළමනාකරුවකු වන එල්.ඒ. ජයවීර මහතා සහ හම්බේගමුව ප්‍රාථමික විදුහලේ විදුහල්පති එල්.ඒ. රම්‍ය කුමාර මහතා ඇතුළු දරුවන් නව දෙනකුගේ මවක වූවාය.
සොපි නෝනා මෑණියන්ගේ දේහය හම්බේගමුව ජනපදය නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු අද (11) හම්බේගමුව ජනපද පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතය.
කොළඹ සෞදන්ර්ය කලා විශ්ව විද්‍යාලයේ හිටපු උප කුලපති, සම්මානිත මහාචාර්ය ජයසේන කෝට්ටේගොඩ මහතා අභාවප්‍රාප්ත විය.
ප්‍රවීණ රංගන ශිල්පියෙකු හා හඬකැවීම් ශිල්පියෙකු වන ප්‍රසන්න ෆොන්සේකා මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
ප්‍රවීණ ටෙලිනාට්‍ය සහ චිත්‍රපට රංගන ශිල්පිනී සුසන්තා චන්ද්‍රමාලි මහත්මිය අභාවප්‍රාප්ත වූවාය.
මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා පෙරහරේ අඩ සියවසකට අධික කාලයක් ප්‍රධාන වෙස් නර්තන ශිල්පියා වශයෙන්කටයුතු කළ පීටර් සූරසේන මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
ප්‍රවීණ ගායන ශිල්පිණි අමිතා වැදිසිංහ මහත්මිය අද උදෑසන අභාවප්‍රාප්ත වූ බව ඇගේ පවුලේ ඥාතීන් පවසයි.
ප්‍රවීණ වේදිකා, ටෙලිනාට්‍ය සහ සිනමා රංගන ශිල්පිණී කුමාරි පෙරේරා අද (13) දින සිය දිවි ගමන නිමා කළාය.
ලංකාදීප කළමනාකාර ජයවීරගේ මව කලුරිය කරයි