බාඳුරාගොඩ උඩුඋල්ල විසූ විශ්‍රාමලත් පාඨශාලාචාරිනි ඩී.ආර්. විජේසුන්දර වික්‍රමනායක මහත්මිය අභාවප්‍රාප්ත වූවාය.
මිය යන විට 85 වැනි වියේ පසු වූ ඇය, මීරිගම ඩී.එස්. සේනානායක ජාතික පාසලේ සහකාර විදුහල්පති ලෙස සේවය කළ, අභාවප්‍රාප්ත එඩ්වඩ් වික්‍රමනායක මහතාගේ ආදරණීය බිරිඳය.
ඇලබඩගම මුස්ලිම් විද්‍යාලය, බාඳුරාගොඩ ධර්මාශෝක මහා විද්‍යාලය, කිතුල්වල මුනිදාස කුමාරතුංග කනිෂ්ඨ විද්‍යාලය ඇතුළු පාසල් ගණනාවක තිස් වසරකට වැඩි කාලයක් සේවය කළ ගුරුවරියක වන වික්‍රමනායක මහත්මිය, ‘ලංකාදීප’ නියෝජ්‍ය කර්තෘ රංජන් වික්‍රමනායක සහ කපිල රොෂාන් වික්‍රමනායක යන මහත්වරුන්ගේ මෑණියෝය.
දේහය උඩුඋල්ල නිවෙසේ අවසන් ගෞරවය සඳහා තැන්පත් කර ඇති අතර, ආදාහන කටයුතු හෙට (6 වැනිදා) පස්වරු 2.30ට මීරිගම විල්වත්ත ආදාහනාගාරයේ දී සිදු කෙරේ.
එක්සත් ජාතික පක්ෂ දකුණු පළාත් සභා හිටපු මන්ත්‍රිවරයෙකු වූ සුනිල් සේනානායක මහතා අභාවප්‍රාප්ත විය.
කොළඹ සෞදන්ර්ය කලා විශ්ව විද්‍යාලයේ හිටපු උප කුලපති, සම්මානිත මහාචාර්ය ජයසේන කෝට්ටේගොඩ මහතා අභාවප්‍රාප්ත විය.
ප්‍රවීණ රංගන ශිල්පියෙකු හා හඬකැවීම් ශිල්පියෙකු වන ප්‍රසන්න ෆොන්සේකා මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
ප්‍රවීණ ටෙලිනාට්‍ය සහ චිත්‍රපට රංගන ශිල්පිනී සුසන්තා චන්ද්‍රමාලි මහත්මිය අභාවප්‍රාප්ත වූවාය.
මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා පෙරහරේ අඩ සියවසකට අධික කාලයක් ප්‍රධාන වෙස් නර්තන ශිල්පියා වශයෙන්කටයුතු කළ පීටර් සූරසේන මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
ප්‍රවීණ ගායන ශිල්පිණි අමිතා වැදිසිංහ මහත්මිය අද උදෑසන අභාවප්‍රාප්ත වූ බව ඇගේ පවුලේ ඥාතීන් පවසයි.
ලංකාදීප නියෝජ්‍ය කර්තෘ රන්ජන්ගේ මව කලුරිය කරයි