IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


ලංකාදීප ’’ඒ’’ තුමා නිහඬවෙයි

සමාජ අසාධාරණයට රටට බරක් වූ දේශපාලකයින්ට එරෙහිව  පෑනෙන් තෙළිතුඩෙන් සටන් කළ ප්‍රවීණ චිත්‍ර ශිල්පී තලංගම ජයසිංහ මහතා ඊයේ (07) රාත්‍රියේ සිය ජීවන ගමන නිමා කළේය.

මියයන විට ඒ මහතා 88වන වියේ පසුවිය.

ලංකාදීප පුවත්පතට එතුමා "පලාමල්ල" කාටුන්ද, "අනේද කියන්නේ" යන සිවු පද කවියද ජයසිංහ මහතා දිනපතා නිර්මාණය කළේය.

(ආරියරත්න රණභාහු)



අදහස් (10)

ලංකාදීප ’’ඒ’’ තුමා නිහඬවෙයි

Aravinda Monarawila Thursday, 08 February 2024 12:45 PM

අවුරුදු 88 දීත් තරුණයෙක් වගේ වැඩ කරලා විතරක් නොවෙයි හිතලත් තියනවා බව පෙනෙනවා. එතුමාගේ කාටූන් දැක්ම ,ජාතියට අමිල මෙහෙවරක් කෙරුව මාධ්‍යවෙදියාණෙනි ඔබට සුභ ගමනක්

:       2       94

චින්තක Thursday, 08 February 2024 12:49 PM

ඉක්මන් බවයකදීම උතුම්වූ අජරාමර නිවන්සැප ලැබේවායි පතමි

:       5       74

PATTA hora Thursday, 08 February 2024 03:31 PM

ඔබතුමාගේ කාටුන් දකින විට මෙතරම් වයස බව හිතන්නවත් බැහැ. මතු සසරේත් සුවදායක තැන්වල ඉපිද අජරාමර නිවන් සුව අත්කර ගනිත්වා!

:       0       12

Pinjana Thursday, 08 February 2024 03:38 PM

දෙවියන්, සොබාදහම ඔබ වැනි මහෝත්තමයින් පිළිගැනීමට සැදී පැහැදී බලා සිටිනවා. අර්ථාන්විතව දන මන පැහැදූ ඔබගේ නිර්මාණ අප තුළ සදා නොමියෙනු ඇත.

:       0       10

Ratne Thursday, 08 February 2024 03:39 PM

නිවන්සැප ලැබේවා!!!

:       0       7

ආනන්ද විජේසිංහ Thursday, 08 February 2024 04:32 PM

අහෝ....! .අහෝ.....! ! ජාතියේ පිණින් ලක්මාවත බිහිකළ අසහාය කලා-මාධ්‍ය ශිල්පියාණෙනි, ජාතියට ඔබ කළ අකල්ංක සේවය ඉතිහාසයේ රන් අකුරින් ලියැවෙනු නිසැකය. ඔබට අජරාමර නිවන් සුව අත්වේවා .... !!!

:       1       27

Mahasen Thursday, 08 February 2024 04:37 PM

ඔය වැන්නවුන්ගේ පහළ වීම දුර්ලභය... ඔබතුමන්ගේ භව ගමන සුගතිගාමී වේවා... !!!

:       0       7

තිස්ස Thursday, 08 February 2024 05:56 PM

හද කම්පාකල ආරංචියක්. අපේ රටේ පැරණි පරම්පරාවේ ජී.එස්.ප්‍රනාන්දු, ජී.එල්.ගෞතමදාස,සුසිල් ප්‍රේමරත්න, දැනී විමලසිරි, ජයසිරි සේමගේ, මොටාගෙදර වනිගරත්න, කොලට් වැනි බොහෝ නිර්මාණශීලී කලාකරුවන් අතරින් ඊයේ පෙරේදා දක්වාම සිය කුසලතා ඉදිරිපත්කල අතිදක්ෂ නිර්මාණ කරුවෙකුගේ නික්මයාම ඉතාම කනගාටුදායක ආරංචියකි. මේ පිරිස අතරින් අද ඉතිරිව ඇත්තේ මොටගෙදර වනිගරත්න මහතා පමණක් බවයි මගේ හැඟීම. වයෝවෘධ නිසා එතුමාද දැන් නිහඬ බවයි පෙනෙන්නේ. සිය නිර්මාණ කර්තව්‍යයන් මුදලට හිලව් නොකළ තලංගම ජයසිංහ මහතාගේ අඩුව කිසිදා පිරවිය හැකි දෙයක් නොවේ. හරිම කනගාටුයි. එතුමාට අජරාමර නිවන්සුවය අත්වේවා.

:       0       12

Bamunuarachchi Thursday, 08 February 2024 11:23 PM

අසාධාරණයට විරුද්දව නිහඬව උපහාසයෙන් පහර දුන් ඔබතුමාට අමාමහ නිවන් සුවය ලැබේවායි පතමි!

:       0       11

Jayasundara Saturday, 10 February 2024 04:56 PM

ඔබවැනි එඩිතර කලාකරුවන්ට අපගේ ගෞරවය සහ උපහාරය...! ඔබට නිවන්සුව!

:       0       11

ඔබේ අදහස් එවන්න

අවමංගල්‍ය දැන්වීම්

එල්ටන් දිසානායක සමුගනී
2024 ඔක්තෝබර් මස 03 72 1

වඳුරඹ ඉදිරිපත්වල ප්‍රදේශයේ පදිංචිව සිටි බද්දේගම ගා/ අන්තෝනි මහා විද්‍යාලයේ හිටපු විදුහල්පති එල්ටන් දිසානායක මහතා අවුරුදු 81 ආයු වළදා ඉකුත් (01) වැනි දින


විද්‍යා ලේඛක තිලක් වීරසිංහ අභාවප්‍රාප්ත වෙයි
2024 සැප්තැම්බර් මස 28 151 0

කොළඹ-ආනන්ද විද්‍යාලයේ වසර 32ක කාලයක් විද්‍යා ආචාර්යවරයා වශයෙන් සේවය කල තිලක් වීරසිංහ මහතා (විශ්‍රාමික) අභාවප්‍රාප්ත විය.


ටෙනසි මල්රාජ් සමුගනී
2024 සැප්තැම්බර් මස 27 187 0

වයඹ පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයකු මෙන්ම ලුණුවිල පොල් පර්යේෂණ ආයතනයේ හිටපු සභාපති සහ ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ වෙන්නප්පුව ආසනයේ ප්‍රධාන සංවිධායක ටෙ


කළුතර මාධ්‍ය ඒකක ප්‍රධානිගේ නැන්දණිය දිවි ගමනට සමුදෙයි
2024 සැප්තැම්බර් මස 25 64 0

කළුතර දිස්ත්‍රික් මාධ්‍ය ඒකකයේ ප්‍රධානී සමන් කුලරත්න මහතාගේ නැන්දණිය වන මල්කාන්ති රණවීර මහත්මිය (59) අභාවප්‍රාප්ත වූවාය.


වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 2599 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


රෝලන්ඩ් අබේපාල දිවියට සමුදෙයි
2024 සැප්තැම්බර් මස 13 365 0

ප්‍රකට ග්‍රන්ථ කතෘවරයෙකු වු සම්මානනීය මහාචාර්ය නීතිඥ රෝලන්ඩ් අබේපාල මහතා අද( 13 )පෙරවරුවේ අභාවප්‍රාප්ත විය


Our Group Site