IMG-LOGO

2024 දෙසැම්බර් මස 21 වන සෙනසුරාදා


වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි

(ආරියරත්න රණබාහු)

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී  ප්‍රවීණ  නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්‍රාප්ත වූවාය..

මිය යන විට 92වන වියෙහි  පසුවූ  ඇය  දෙදරු මවකි. ජාත්‍යන්තර කීර්තිට පත් ප්‍රවීණ නර්තන ශිල්පී දිවංගත   චිත්‍රසේනයන්ගේ බිරිඳ ද වේ.

නර්තනය පිළිබඳව හසල දැනුමක් ඇති ඇය එම කලාව සිය සැමියා සමග  ලොව වටා ගෙන යාමට  කටයුතු කළ අතර ඒ නිසාම  ඇයගේ උඩරට නර්තනයට ඇති හැකියාවට  සහ එය ප්‍රචලිත කිරීමට ගත් කැපවීමසම්මානයෙන්  උදෙසා 2020වසරේදී ඉන්දියාවේ පද්මශීු   සම්මානයෙන් පුද ලැබුවාය.

උඩරට නර්තනයට මෙන්ම  බටහිර  බැලේ නර්තන  ශිල්පයටද එකසේ හපන්කම් ඇති වජිරා එහි කූඨාප්‍රාප්තියට සමිප වු  ශ්‍රී ලංකාවේ ප්‍රථම කාන්තාව ලෙස හැඳින්වේ

ප්‍රවීණ නර්තනා ආචාර්යවරියක් වන ැැ ඇයගෙන්  එම ශිල්පය හැදෑරුවෝ දහස් ගණනකි.

කලා භූෂණ, දේශබන්දු  දේශාභිමානී ආදී මෙරට පුරවැසියෙකුට ලැබිය හැකි ඉහළම සම්මාන සෑම එකක්ම ඇය හිමිකරගෙන ඇති අතර නර්තනය සම්බන්ධයෙන් චිත්‍රසේන වජිරා යුවල පුරාවෘත්තයක් ලෙස සැලකේ.

කරදිය සහ  නලදමයන්ති මුද්‍රා නාට්‍ය ඇයගේ නර්තනයන්ගෙන් ශෝභාමත් වූ  අයුරු බොහෝ ප්‍රේක්ෂකයන්  ගේමතකයේ පවතී.

ඇය කළුතර බාලිකා විද්‍යාලය සහ මෙතෝදිස්ත  විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවකි

දේහය බොරැල්ල ජයරත්න මල්ශාලාවේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු  බොරැල්ලෙක් කනත්ත පොදු සුසාන භූමියේදී හෙට (25) පස්වරු 4.00ට සිදුකෙරේ.



අදහස් (0)

වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි

ඔබේ අදහස් එවන්න

අවමංගල්‍ය දැන්වීම්

ප්‍රවීන ලේඛක තිලක කුඩාහෙට්ටි සමුගනී
2024 දෙසැම්බර් මස 16 96 0

ප්‍රවීන ලේඛක , තිර කතා රචක , හිටපු නියෝජ්‍ය පෝස්ට් මාස්ටර් ජනරාල් තිලක කුඩාහෙට්ටි මහතා අභාවප්‍රාප්ත විය. මිය යනවිට ඒ මහතා 87 වැනි වියේ පසුවිය.


නූර්ති සම්ප්‍රදායේ අවසන් පුරුක දිවියට සමු දෙයි
2024 දෙසැම්බර් මස 01 360 0

නූර්ති සම්ප්‍රදායට ඉමහත් සේවයක් කළ ගායන හා වාද්‍ය විශාරද ටවර් හෝල් ශිල්පී,කලාභූෂණ දොන් ලයනල් විජේසිංහ ගුණතිලක මහතා අභාවප්‍රාප්ත ඊයේ (30) අභාවප්‍රාප්ත


චිත්‍රපට අධ්‍යක්ෂ තේජා ඉද්දමල්ගොඩ දිවියට සමුදෙයි
2024 නොවැම්බර් මස 18 1342 0

චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු සංගීතඥයෙකු හා වෙළෙඳ දැන්වීම් නිර්මාණකරුවෙකු වූ තේජා ඉද්දමල්ගොඩ මහතා ඊයේ (17) අභාවප්‍රාප්ත විය


කොබවක ධම්මින්ද නාහිමිගේ මෑණියන් කළුරිය කරයි
2024 නොවැම්බර් මස 06 222 0

ඓතිහාසික කිරිවෙහෙර රාජමහා විහාරාධිපති රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක කතරගම ශාසනාරක්ෂක බලමණ්ඩලයේ සභාපති කොබවක ධම්මින්ද නාහිමියන්ගේ මෑණියන්ව


ජපුර හිටපු උපකුලපති මහාචාර්ය චන්දිම විජේබණ්ඩාර සමුගනී
2024 නොවැම්බර් මස 04 541 0

ශ්‍රී ජයවර්ධන පුර විශ්ව විද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය චන්දිම විජේබණ්ඩාර මහතාඊයේ(03) අභාවප්‍රාප්ත විය.


අජිත් ආරියරත්න හඬ නිහඩ වෙයි
2024 ඔක්තෝබර් මස 21 6522 0

ජනප්‍රිය සරල ගීත ගායකයකු වු අජිත් ආරියරත්න මහතා හදිසියේ අද(21) සවස අභාවප්‍රාප්ත විය.


Our Group Site