IMG-LOGO

2025 අප්‍රේල් මස 19 වන සෙනසුරාදා


වියානාහී ශ්‍රී ලංකා නියෝජ්‍ය තානාපති හදිසියේ මිය යයි

ඔස්ට්‍රියාවේ වියානාහී ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නියෝජ්‍ය තානාපති ලෙස සේවය කළ චරිත බණ්ඩාර වීරසිංහ මහතා මෙරටට පැමිණ සිටියදී හදිස්සියේ ඇතිවූ හෘදයාබාධයක් හේතුවෙන් මහනුවර ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගියේය.

නිවාඩුවක් ගත කිරීම සඳහා මෙරටට පැමිණි වීරසිංහ මහතා හඟුරන්කෙත කොට්ටල පාරේ පිහිටි සිය නිවසේ සිටියදී හදිසියේ ඇතිවූ හෘදයාබාධයක් හේතුවෙන් මහනුවර ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මෙලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ.

මිය යනවිට හතලිස්පස්වන (45) වියේ පසුවූ වීරසිංහ මහතා හඟුරන්කෙත උඩවත්ත කනිෂ්ඨ විද්‍යාලය හා පොරමඩුල්ල ජාතික පාසලෙන් අධ්‍යාපන ලබා පසුව පේරාදෙණිය විශ්ව විද්‍යාලයට ඇතුලත්ව ඉන් අනතුරුව 2010 වසරේ තානාපති සේවයට එක්ව තිබේ.

මියගිය චරිත බණ්ඩාර මහතා මධ්‍යම පළාත් සභාවේ හිටපු කෘෂිකර්ම අමාත්‍ය ජයරත්න දිසානායක හා හඟුරන්කෙත ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති රණසිංහ දිසානායක යන මහත්වරුන්ගේ ඥාති පුත්‍රයෙකි.

දේහය පිළිබඳව අවසන් කටයුතු අද (1දා) හඟුරන්කෙත ආදාහනාගාරයේදී සිදු කිරීමට නියමිතය.

(එම්.දසනායක)

 



අදහස් - (0)

වියානාහී ශ්‍රී ලංකා නියෝජ්‍ය තානාපති හදිසියේ මිය යයි

ඔබේ අදහස් එවන්න

අවමංගල්‍ය දැන්වීම්

සුනිල් සේනානායක දිවි සැරිය නිම කරයි
2025 අප්‍රේල් මස 18 4050 0

එක්සත් ජාතික පක්ෂ දකුණු පළාත් සභා හිටපු මන්ත්‍රිවරයෙකු වූ සුනිල් සේනානායක මහතා අභාවප්‍රාප්ත විය.


මහාචාර්ය ජයසේන කෝට්ටේගොඩ දිවි සැරිය නිමා කරයි
2025 අප්‍රේල් මස 17 1169 1

කොළඹ සෞදන්ර්ය කලා විශ්ව විද්‍යාලයේ හිටපු උප කුලපති, සම්මානිත මහාචාර්ය ජයසේන කෝට්ටේගොඩ මහතා අභාවප්‍රාප්ත විය.


ප්‍රසන්න ෆොන්සේකා හඬ නිහඩ වෙයි
2025 මාර්තු මස 04 5548 2

ප්‍රවීණ රංගන ශිල්පියෙකු හා හඬකැවීම් ශිල්පියෙකු වන ප්‍රසන්න ෆොන්සේකා මහතා අභාවප්‍රාප්ත වී තිබේ.


සුසන්තා චන්ද්‍රමාලි දිවි රඟමඩලට සමුදෙයි
2025 මාර්තු මස 01 5105 5

ප්‍රවීණ ටෙලිනාට්‍ය සහ චිත්‍රපට රංගන ශිල්පිනී සුසන්තා චන්ද්‍රමාලි මහත්මිය අභාවප්‍රාප්ත වූවාය.


වෙස් නර්තන ශිල්පී පීටර් සූරසේන සමුගනී
2025 පෙබරවාරි මස 25 307 0

මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා පෙරහරේ අඩ සියවසකට අධික කාලයක් ප්‍රධාන වෙස් නර්තන ශිල්පියා වශයෙන්කටයුතු කළ පීටර් සූරසේන මහතා අභාවප්‍රාප්ත වී තිබේ.


අමිතා වැදිසිංහ හඬ නිහඬ වෙයි
2025 පෙබරවාරි මස 20 4531 9

ප්‍රවීණ ගායන ශිල්පිණි අමිතා වැදිසිංහ මහත්මිය අද උදෑසන අභාවප්‍රාප්ත වූ බව ඇගේ පවුලේ ඥාතීන් පවසයි.


Our Group Site