මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා පෙරහරේ අඩ සියවසකට අධික කාලයක් ප්‍රධාන වෙස් නර්තන ශිල්පියා වශයෙන්කටයුතු කළ පීටර් සූරසේන මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
අභාවප්‍රාප්ත වන විට 85 හැවිරිදි වියේපසු වූ ඒ මහතාශ්‍රී දළදා පෙරහරේ විශිෂ්ටතම වෙස් නර්තන ශිල්පියා වශයෙන්වසර 35ක්ජනාධිපති සම්මානයට පාත්‍රවී තිබේ. උඩරට වෙස් නර්තනය ලොව පුරා ප්‍රචලිත කිරීමට රටවල් 80කට අධික ප්‍රමාණයකට සංචාරය කර ඇති සූරසේන මහතා ලන්ඩන් හි ඓතිහාසික ඇල්බට් ශාලාවේ නර්තනයක් ඉදිරිපත් කළ එකම වෙස් නැටුම් ශිල්පියාද වේ.
ඒ මහතාගේ දේහය අරුප්පොල පිහිටි සූරසේන කලා ආයතනයේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු හෙට (26) සවස 7.30 ට මහයියාව ආදාහනාගාරයේ දී සිදුකිරීමට නියමිතය.
එක්සත් ජාතික පක්ෂ දකුණු පළාත් සභා හිටපු මන්ත්‍රිවරයෙකු වූ සුනිල් සේනානායක මහතා අභාවප්‍රාප්ත විය.
කොළඹ සෞදන්ර්ය කලා විශ්ව විද්‍යාලයේ හිටපු උප කුලපති, සම්මානිත මහාචාර්ය ජයසේන කෝට්ටේගොඩ මහතා අභාවප්‍රාප්ත විය.
ප්‍රවීණ රංගන ශිල්පියෙකු හා හඬකැවීම් ශිල්පියෙකු වන ප්‍රසන්න ෆොන්සේකා මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
ප්‍රවීණ ටෙලිනාට්‍ය සහ චිත්‍රපට රංගන ශිල්පිනී සුසන්තා චන්ද්‍රමාලි මහත්මිය අභාවප්‍රාප්ත වූවාය.
මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා පෙරහරේ අඩ සියවසකට අධික කාලයක් ප්‍රධාන වෙස් නර්තන ශිල්පියා වශයෙන්කටයුතු කළ පීටර් සූරසේන මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
ප්‍රවීණ ගායන ශිල්පිණි අමිතා වැදිසිංහ මහත්මිය අද උදෑසන අභාවප්‍රාප්ත වූ බව ඇගේ පවුලේ ඥාතීන් පවසයි.
වෙස් නර්තන ශිල්පී පීටර් සූරසේන සමුගනී