(ආරියරත්න රණබාහු)
ක්‍රීඩා විශේෂඥ වෛද්‍ය මහාචාර්ය සිරි කන්නගර මහතා අද (6) ඕස්ට්‍රේලියාවේදී අභාවප්‍රාප්ත විය.
මීට වසර 47කට පෙර ඕස්ට්‍රේලියාවේ පදිංචියට ගිය හෙතෙම ශ්‍රී ලංකාවෙන් බිහි වූ කීර්තිමත් වෛද්‍යවරයෙකි.
ශ්‍රී ලංකාවේ හොරණ ප්‍රදේශයේ උපත ලත් මහාචාර්ය කන්නන්ගර මහතා කොළඹ රාජකීය විද්‍යාලයේ දීප්තිමත් ආදි ශිෂ්‍යයෙකි.
ක්‍රීඩා වෛද්‍ය විද්‍යාව හා රක්ත වේදය න් පිළිබඳව ජාත්‍යන්තර කීර්තියක් උසුලන බාසිලෝනා සහ ඇට්ලන් ඔලිමිපික් උළෙලවල ක්‍රීඩා වෛද්‍ය විශේෂඥවරයකු ලෙස කටයුතු කර තිබේ.
ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රිඩිකාවන් ජාත්‍යන්තර තරග වලදී විවිධ ගැටලුවලට මුහුණ දුන් අවස්ථාවල දී ඔවුන් වෙනුවෙන් වෙනුවෙන් මහාචාර්යවරයා පෙනී සිට ඇත.
විශේෂයෙන් ම ඒ පිළිබඳව සඳහන් කිරීමේදී ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක යා මුත්තයා මුරලිදරන්ගේ පන්දු යැවීමේ ඉරියව්ව සැක සහිත බවට චෝදනා එල්ල වූ අවස්ථාවේදී ඒ වෙනුවෙන් පෙනී සිටි පුද්ගලයින් අතර මහාචාර්ය කන්නන්ගර මහතාට සුවිශේෂ ස්ථානයක් හිමි වේ.
ඒ මහතාගේ අවසන් කටයුතු ඔස්ට්‍රේලියාවෙදි සිදු කිරීමට නියමිතය.
එක්සත් ජාතික පක්ෂ දකුණු පළාත් සභා හිටපු මන්ත්‍රිවරයෙකු වූ සුනිල් සේනානායක මහතා අභාවප්‍රාප්ත විය.
කොළඹ සෞදන්ර්ය කලා විශ්ව විද්‍යාලයේ හිටපු උප කුලපති, සම්මානිත මහාචාර්ය ජයසේන කෝට්ටේගොඩ මහතා අභාවප්‍රාප්ත විය.
ප්‍රවීණ රංගන ශිල්පියෙකු හා හඬකැවීම් ශිල්පියෙකු වන ප්‍රසන්න ෆොන්සේකා මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
ප්‍රවීණ ටෙලිනාට්‍ය සහ චිත්‍රපට රංගන ශිල්පිනී සුසන්තා චන්ද්‍රමාලි මහත්මිය අභාවප්‍රාප්ත වූවාය.
මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා පෙරහරේ අඩ සියවසකට අධික කාලයක් ප්‍රධාන වෙස් නර්තන ශිල්පියා වශයෙන්කටයුතු කළ පීටර් සූරසේන මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
ප්‍රවීණ ගායන ශිල්පිණි අමිතා වැදිසිංහ මහත්මිය අද උදෑසන අභාවප්‍රාප්ත වූ බව ඇගේ පවුලේ ඥාතීන් පවසයි.
වෛද්‍ය මහාචාර්ය සිරි කන්නගර සමුගනී
Anura Nanayakkara Sunday, 09 June 2024 05:31 PM
ඉතා දක්ෂ කරුණාවන්ත දොස්තර මහතෙකි. ඉතා පළ පුරුදු වෛද්‍යවරයෙකි. නිවන් සුව ලැබේවා
Yasantha Samarasinghe Tuesday, 11 June 2024 07:00 AM
ඉතාමත් ලස්සන පුද්ගලයෙක්. සිඩ්නි හි ශ්‍රී ලාංකික සංගමය වෙනුවෙන් බොහෝ දේ කළ පුද්ගලයෙකි.