IMG-LOGO

2025 අප්‍රේල් මස 19 වන සෙනසුරාදා


සම්මානනීය කැමරා අධ්‍යක්ෂ ඩොනල්ඩ් කරුණාරත්න සමුගනී​

සම්මානනීය කැමරා අධ්‍යක්‍ෂවරයකු වූ ඩොනල්ඩ් කරුණාරත්න මහතා අද (28) අභාවප්‍රාප්ත විය.

අග්‍රගන්‍ය චිත්‍රපට කැමරා අධ්‍යක්‍ෂවරයකු වූ ඔහු ඇමෙරිකාවේ, කැලිෆෝනියා හි පිහිටි සිය නිවසේදී අභාවප්‍රාප්ත වී ඇත.

ඩොනල්ඩ් කරුණාරත්න මහතා මියයන විට 77 වැනි වියෙහි පසුවිය.

ඔහු ‘අහසින් පොළොවට’, ‘ගඟ අද්දර’, ‘කරුමක්කාරයෝ’, ‘යහළු යෙහෙළි’, ‘මලට නොඑන බඹරු’, ‘දඩයම’, ‘මායා’, ‘ක්‍රිස්තු චරිතය’, ‘පොරොන්දුව’, ‘සක්කාරං’, ‘ස්වරූප’, ‘වෛෂ්ණාවී’ ආදී චිත්‍රපට රැසක කැමරා අධ්‍යක්‍ෂවරයා ලෙස කටයුතු කළේය.

ජනාධිපති සිනමා සම්මාන උළෙලේදී ප්‍රශස්ත කැමරා අධ්‍යක්ෂණය වෙනුවෙන් හය වතාවක් සම්මාන ලැබූ ඔහු පසුගිය ජනාධිපති සිනමා සම්මාන උළෙලේ විශේෂ අභිනන්දන උපහාරයකින් පිදුම් ලැබීය.

ඩොනල්ඩ් කරුණාරත්න මහතා කැලණිය ගුරුකුල විද්‍යාලයේ ආදී ශිෂ්‍යයෙකි.

ඔහුගේ අවසන් කටයුතු පසුව දැනුම් දෙනු ඇත.

(ඩයනා උදයංගනී)


 



අදහස් - (0)

සම්මානනීය කැමරා අධ්‍යක්ෂ ඩොනල්ඩ් කරුණාරත්න සමුගනී​

ඔබේ අදහස් එවන්න

අවමංගල්‍ය දැන්වීම්

සුනිල් සේනානායක දිවි සැරිය නිම කරයි
2025 අප්‍රේල් මස 18 1276 0

එක්සත් ජාතික පක්ෂ දකුණු පළාත් සභා හිටපු මන්ත්‍රිවරයෙකු වූ සුනිල් සේනානායක මහතා අභාවප්‍රාප්ත විය.


මහාචාර්ය ජයසේන කෝට්ටේගොඩ දිවි සැරිය නිමා කරයි
2025 අප්‍රේල් මස 17 1149 1

කොළඹ සෞදන්ර්ය කලා විශ්ව විද්‍යාලයේ හිටපු උප කුලපති, සම්මානිත මහාචාර්ය ජයසේන කෝට්ටේගොඩ මහතා අභාවප්‍රාප්ත විය.


ප්‍රසන්න ෆොන්සේකා හඬ නිහඩ වෙයි
2025 මාර්තු මස 04 5538 2

ප්‍රවීණ රංගන ශිල්පියෙකු හා හඬකැවීම් ශිල්පියෙකු වන ප්‍රසන්න ෆොන්සේකා මහතා අභාවප්‍රාප්ත වී තිබේ.


සුසන්තා චන්ද්‍රමාලි දිවි රඟමඩලට සමුදෙයි
2025 මාර්තු මස 01 5098 5

ප්‍රවීණ ටෙලිනාට්‍ය සහ චිත්‍රපට රංගන ශිල්පිනී සුසන්තා චන්ද්‍රමාලි මහත්මිය අභාවප්‍රාප්ත වූවාය.


වෙස් නර්තන ශිල්පී පීටර් සූරසේන සමුගනී
2025 පෙබරවාරි මස 25 304 0

මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා පෙරහරේ අඩ සියවසකට අධික කාලයක් ප්‍රධාන වෙස් නර්තන ශිල්පියා වශයෙන්කටයුතු කළ පීටර් සූරසේන මහතා අභාවප්‍රාප්ත වී තිබේ.


අමිතා වැදිසිංහ හඬ නිහඬ වෙයි
2025 පෙබරවාරි මස 20 4518 9

ප්‍රවීණ ගායන ශිල්පිණි අමිතා වැදිසිංහ මහත්මිය අද උදෑසන අභාවප්‍රාප්ත වූ බව ඇගේ පවුලේ ඥාතීන් පවසයි.


Our Group Site