පුවත්පත් කතුවරයකු, සිනමා ලේඛකයෙකු චිත්‍ර ශිල්පියෙකු ඇතුළු කලා ලෝකයේ නිර්මාණ රැසකට දායක වූ ජ්‍යේෂ්ඨ පුවත්පත් කලාවේදී ඒ. ඩී. රංජිත් කුමාර මහතා අද (10) පෙරවරුවේ අභාවප්‍රාප්ත විය.
මිය යන විට ඒ මහතා 75 වන වියේ පසුවිය.
ප්‍රවීණ සහ ජනප්‍රිය ගායිකාවක වන දමයන්ති ජයසුරිය මහත්මියගේ සැමියා වන ඒ මහතා සරසවිය සිනමා පුවත්පතේ වත්මන් කර්තෘ නුවන් නයනජිත් කුමාර මහතාගේ පියාද වේ.
වයස අවුරුදු 17දි" කලා "සිනමා සඟරාවෙන් ලේඛන දිවියට පිවිසි ඒ මහතා ඉන් පසුව විසිතුර ු සිනමා පුවත්පත හරහා වෘත්තීය ලේඛකයකු බවට පත්විය.
සිය පියාගේ හිතවතෙකු වූ දිවංගත හිටපු ජනාධිපති ආර් ප්‍රේමදාස මහතාගේ නිර්දේශය මත එවකට ලේක්හවුස් සභාපතිවරයා හරහා සරසවිය පුවත්පත ට සම්බන්ධ වි ඇති රංජිත්කුමාර මහතා වසර 25 කට වැඩි කාලයක් එහි ප්‍රධාන කතෘවරයා වශයෙන් කටයුතු කර තිබේ. සරසවිය පුවත්පත අනුග්‍රහයෙන් සරසවිය සිනමා සම්මාන උළෙලවල් 17ක් සංවිධානය කර ඇති අතර පසු කලෙක සුමති පුවත්පත් සමාගමට සම්බන්ධ වීමෙන් පසු සුමති සම්මාන උළෙලවල් 20ක් සංවිධානය කර ඇත
සරසි සිනමා පුවත්පතෙ කතුවරයෙක් වශයෙන් ද කටයුතු කර ඇති ඒ මහතා දිනමිණ, ලක්බිම, ඉරිදා සංග්‍රහය, ඉරිදා ලංකාදීප, දිනපතා ලංකාදීප ඇතුළු පුවත්පත් ගණනාවකට සිනමා කලාවට සම්බන්ධ පැරැණි පුද්ගලයින් පිළිබඳව ලිපි රැසක් ලියා ඇත.
ඔහු සම්මානලාභී ලේඛකයන් රැසකගේ නවකතා ඇතුළු ග්රන්ථ ගණනාවකට පිට කවරය සඳහා කංචුක චිත්‍ර නිර්මාණයටද දායක වී අතර චිත්‍රපට කලා අධ්‍යක්ෂකවරයෙකු ද වේ.
හෙතෙම කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි.
දේහය ගල්කිස්ස මහින්ද මල්ශාලාවේ හෙට (11) උදෑසන 8.00 සිට 10.00 දක්වා තැන්පත් කර ඇති අතර ඉන්පසු පසුව උදෑසන දහයට කොතලාවල වෛද්‍ය පීඨයට බාර දෙන බව පවුලේ සාමාජිකයෙකු පැවසීය.
(ආරියරත්න රණබාහු)
චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු සංගීතඥයෙකු හා වෙළෙඳ දැන්වීම් නිර්මාණකරුවෙකු වූ තේජා ඉද්දමල්ගොඩ මහතා ඊයේ (17) අභාවප්‍රාප්ත විය
ඓතිහාසික කිරිවෙහෙර රාජමහා විහාරාධිපති රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක කතරගම ශාසනාරක්ෂක බලමණ්ඩලයේ සභාපති කොබවක ධම්මින්ද නාහිමියන්ගේ මෑණියන්ව
ශ්‍රී ජයවර්ධන පුර විශ්ව විද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය චන්දිම විජේබණ්ඩාර මහතාඊයේ(03) අභාවප්‍රාප්ත විය.
ජනප්‍රිය සරල ගීත ගායකයකු වු අජිත් ආරියරත්න මහතා හදිසියේ අද(21) සවස අභාවප්‍රාප්ත විය.
සමාජ සේවිකාවක වූ ලග්ගල පල්ලේගම ,දේවාලදෙණිය ,හත්තොට අමුණේ පී.ජී බණ්ඩාර මැණිකේ මාතාව අභාවප්‍රාප්ත වූවාය.
දෙණියාය මධ්‍ය විද්‍යාලයේ හිටපු නියෝජ්‍ය විදුහල්පතිවරයකු වූ විශ්‍රාමික කිරමගේ සරත් මහතා රෝගීව සිට අභාවප්‍රාප්ත විය.
සරසවිය හිටපු කතෘ අභාවප්‍රාප්ත වෙයි