IMG-LOGO

2025 පෙබරවාරි මස 01 වන සෙනසුරාදා


සාහිත්‍ය වේදී මානෑව දිවි ගමනට සමු දෙයි

(මහේෂ් කිර්තිරත්න)

මාතලේ සාහිත්‍යකලා සංසදයේ අනුශාසක රාජ්‍ය සම්මානලාභී ප්‍රවීණ ලේඛක කේ.බී.මානෑව මහතා අභාවප්‍රාප්ත විය.

මිය යනවිට 87 වන වියේ පසු වූ ඒ මහතා දියණියන් තිදෙනකුගේ පියෙකි.

රජරට නුවරකලාවියේ මානෑව ගමේ ඉපදුනු කිරි බණ්ඩා මානෑව මහතා මානෑව විදුහලින් මූලික අධ්‍යානය ලැබ පාසල් අධ්‍යාපනයෙන් අනතුරුව ශිෂ්‍ය ගුරුවරයකු ලෙස ගුරු සේවයට එකතු වූ ඒ මහතා අනුරාධපුරයේ සහ මාතලේ දිස්ත්‍රීක්කයේ පාසල් කිහිපයක සේවය කිරීමෙන් අනතුරුව විශ්‍රාම ගත්තේය.

දිවයිනේ ප්‍රකට ජනශ්‍රැතිවේදියෙකු වූ ඒ මහතා ඒ වෙනුවෙන් තුන් වතාවක්ම රාජ්‍ය සාහිත්‍ය සම්මානයෙන් පිදුම් ලැබූවේය.

නුවරකලාවියේ ජන වහර, ලග්ගල ජනවහර, මාතලේ ජනවහර, නුවර කලාවියේ ජනමංගල්ල, සීහල ජනවහර, යන ශාස්ත්‍රීය පොත්, මකුලේතැන්න, සන්නසක සෙනෙහස, ඉව යන නිර්මාණ ග්‍රන්ථ රැසක් සිංහල සාහිත්‍යට එක්කොට ඇත.

කලාභූෂණ සහ කලාකීර්ති සහ මැදරට අභිමානී සම්මානයන්ගෙන් ද පිදූ ඒ මහතා කලක් සාහිත්‍ය අනු මණ්ඩලයේද කටයුතු කොට තිබේ .

දේහය මාතලේ ඇල්වල නිවසේ තැම්පත් කොට ඇති අතර අවසාන කටයුතු ඉරිදා ප.ව.5.00 මාතලේ ආදාහනාගාරයෙදී සිදු කිරීමට නියමිතය.

 



අදහස් (0)

සාහිත්‍ය වේදී මානෑව දිවි ගමනට සමු දෙයි

ඔබේ අදහස් එවන්න

අවමංගල්‍ය දැන්වීම්

සාහිත්‍ය වේදී මානෑව දිවි ගමනට සමු දෙයි
2025 ජනවාරි මස 31 19 0

මාතලේ සාහිත්‍යකලා සංසදයේ අනුශාසක රාජ්‍ය සම්මානලාභී ප්‍රවීණ ලේඛක කේ.බී.මානෑව මහතා අභාවප්‍රාප්ත විය.


මාධ්‍යවේදී අනුර වික්‍රමසිංහ මිය යයි
2025 ජනවාරි මස 23 187 0

මාධ්‍ය ක්ෂේත්‍රයේ වසර 50 කට ආසන්න කාලයක නිරතව සිටිමින් ලංකාදීප , දවස සහ දිවයින යන පුවත්වල කටයුතු කළ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී අනුර වික්‍රමසිංහ මහතා අභාවප්‍ර


ප්‍රවීණ සිතාර් වාදන ශිල්පී වයි.එම්.සුමනසිරි සමුගනී
2025 ජනවාරි මස 22 219 0

ශ්‍රීලංකා ගුවන්විදුලි සංස්ථා වාදක මණ්ඩලයේ හිටපු ප්‍රධානියකු වූ (විශ්‍රාමික) සහ ප්‍රවීණ සිතාර් වාදන ශිල්පී, සෞන්දර්යය කලා විශ්ව විද්‍යාලයයේ හිටපු ආචා


අනිල් භාරතී හඬ නිහඬ වෙයි
2025 ජනවාරි මස 22 2750 9

මෙරට ජ්‍යෙෂ්ඨතම ගායන ශිල්පියකු වන අනිල් භාරතී මහතා අද (22) අභාවප්‍රාප්ත විය.


ඉන්ද්‍රදාස හෙට්ටිආරච්චි අභාවප්‍රාප්ත වෙයි
2025 ජනවාරි මස 12 1681 1

එක්සත් ජාතික පක්ෂ හිටපු අමාත්‍ය ඉන්ද්‍රදාස හෙට්ටිආරච්චි මහතා අභාවප්‍රාප්ත විය.


වසන්තා හඳපාන්ගොඩ දිවියට සමුදෙයි
2024 දෙසැම්බර් මස 25 5546 3

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණුට අනුබද්ධිත පොදුජන අධ්‍යාපන සේවා සංගමයේ සභාපති ලෙස ක්‍රියා කළ කටයුතු කල වසන්තා හඳපාන්ගොඩ මහත්මිය හදිසි රෝගී තත්වයක් හේතුවෙ


Our Group Site