IMG-LOGO

2025 අප්‍රේල් මස 19 වන සෙනසුරාදා


හෙළ සිනමාවේ කිවිඳිය සමුගනී

සිංහල සිනමාවේ කිවිඳිය ලෙසින් හැඳින්වුණු මෙරට සිනමාවේ සම්මානනීය සහ ජ්‍යෙෂ්ඨතම සිනමා නිර්මාණවේදිනියක වන ආචාර්ය සුමිත්‍රා පීරිස් මහත්මිය අභාවප්‍රාප්ත වූවාය.

ඇය අභාවප්‍රාප්ත වන විට 87 වැනි වියෙහි පසුවිය.  

ලෝක පූජිත සිනමාවේදී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ බිරිය වූ සුමිත්‍රා පීරිස් මහත්මිය ලාංකීය සිනමාව වෙනුවෙන් සිනමා නිර්මාණ දායාද කළාය.

ආචාර්ය ලෙස්ටර් සූරීන්ගේ ”සංදේශය” චිත්‍රපටයේ සහය අධ්‍යක්ෂිකාව ලෙසින් 1960 වසරේ සිනමා වරම් ලැබූ ඇය ඉන්පසු සංස්කාරවරියක් ලෙසින් ”ගම්පෙරළිය”, ”දෙලොවක් අතර”, ”රන්සළු”, ”අක්කර පහ”, ”ගොළු හදවත” සහ ”බක්මහ දීගේ” වැනි චිත්‍රපටවලට සම්බන්ධ වූවාය.

“ගැහැණු ළමයි” චිත්‍රපටයෙන් චිත්‍රපට අධ්‍යක්ෂණයට පිවිසෙන ඇය “ගඟ අද්දර”, “යහලු යෙහෙලි”, “මායා”, “සාගර ජලය මදි හැඬුවා ඔබ සන්දා”, “ලොකු දුව”, “දුවට මවක මිස”, “සක්මන් මළුව”, “යහලුවෝ” සහ “වෛෂ්ණාවී” වැනි චිත්‍රපට රැසක් අධ්‍යක්‍ෂණය කළාය.

“ගැහැණු ළමයි” ටෙලිනාට්‍ය අධ්‍යක්ෂණය කරමින් ටෙලිනාට්‍ය අධ්‍යක්‍ෂණයට ද පිවිසි ඇය සිය සැමියා වන ලෙස්ටර් ජේම්ස් සූරීන් සමඟ එක්ව “ගොළු හදවත” ටෙලිනාට්‍යයේ සම අධ්‍යක්ෂණයෙන් ද දායක වූවාය.

සිනමා සංස්කාරවරියක සහ චිත්‍රපට අධ්‍යක්ෂිකාවක ලෙස දෙස් විදෙස් සම්මානයන්ගෙන් ද ඇය පිදුම් ලැබුවාය.

ඉකුත් වසරේ ඇය ගෞරව ආචාර්ය උපාධියකින් ද පිදුම් ලැබූ අතර අවසන් කටයුතු පසුව දැනුම් දෙනු ඇත. 

(ඩයනා උදයංගනී)


 



අදහස් - (0)

හෙළ සිනමාවේ කිවිඳිය සමුගනී

ඔබේ අදහස් එවන්න

අවමංගල්‍ය දැන්වීම්

සුනිල් සේනානායක දිවි සැරිය නිම කරයි
2025 අප්‍රේල් මස 18 1161 0

එක්සත් ජාතික පක්ෂ දකුණු පළාත් සභා හිටපු මන්ත්‍රිවරයෙකු වූ සුනිල් සේනානායක මහතා අභාවප්‍රාප්ත විය.


මහාචාර්ය ජයසේන කෝට්ටේගොඩ දිවි සැරිය නිමා කරයි
2025 අප්‍රේල් මස 17 1149 1

කොළඹ සෞදන්ර්ය කලා විශ්ව විද්‍යාලයේ හිටපු උප කුලපති, සම්මානිත මහාචාර්ය ජයසේන කෝට්ටේගොඩ මහතා අභාවප්‍රාප්ත විය.


ප්‍රසන්න ෆොන්සේකා හඬ නිහඩ වෙයි
2025 මාර්තු මස 04 5538 2

ප්‍රවීණ රංගන ශිල්පියෙකු හා හඬකැවීම් ශිල්පියෙකු වන ප්‍රසන්න ෆොන්සේකා මහතා අභාවප්‍රාප්ත වී තිබේ.


සුසන්තා චන්ද්‍රමාලි දිවි රඟමඩලට සමුදෙයි
2025 මාර්තු මස 01 5098 5

ප්‍රවීණ ටෙලිනාට්‍ය සහ චිත්‍රපට රංගන ශිල්පිනී සුසන්තා චන්ද්‍රමාලි මහත්මිය අභාවප්‍රාප්ත වූවාය.


වෙස් නර්තන ශිල්පී පීටර් සූරසේන සමුගනී
2025 පෙබරවාරි මස 25 304 0

මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා පෙරහරේ අඩ සියවසකට අධික කාලයක් ප්‍රධාන වෙස් නර්තන ශිල්පියා වශයෙන්කටයුතු කළ පීටර් සූරසේන මහතා අභාවප්‍රාප්ත වී තිබේ.


අමිතා වැදිසිංහ හඬ නිහඬ වෙයි
2025 පෙබරවාරි මස 20 4517 9

ප්‍රවීණ ගායන ශිල්පිණි අමිතා වැදිසිංහ මහත්මිය අද උදෑසන අභාවප්‍රාප්ත වූ බව ඇගේ පවුලේ ඥාතීන් පවසයි.


Our Group Site