IMG-LOGO

2025 පෙබරවාරි මස 08 වන සෙනසුරාදා


අනිල් භාරතී හඬ නිහඬ වෙයි

(යොහාන් භාසුර, සුමිත් පොතුපිටිය සහ සමන් කාරියවසම්)

මෙරට ජ්‍යෙෂ්ඨතම ගායන ශිල්පියකු වන අනිල් භාරතී මහතා අද (22) අභාවප්‍රාප්ත විය.

අනිල් භාරතී මහතා අභාවප්‍රාප්ත වන විට 75 වන වියේ පසුවිය.

රෝගී තත්ත්වයක් හේතුවෙන් පානදුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී ඒ මහතා අභාවප්‍රාප්ත වූ අතරඒ මහතා ගායනා කළ ගීත අතරින් නත්තල් ගීත වීම විශේෂයෙන් කැපී පෙනේ. බෙත් ලෙහෙම් පුරේ - දිළිඳු ගව ලෙනේ ගීතය වඩාත් ප්‍රසිද්ධි ගීතය වේ.

මොරටුව වේල්ස් කුමර විදුහලෙන් අධ්‍යාපනය ලැබූ භාරතී මහතා, වසර 50 ක් පුරා ශ්‍රී ලංකා ගුවන් විදුලියේ සේවය කළ අතර, ප්‍රවෘත්ති නිවේදකයෙකු, වැඩසටහන් ඉදිරිපත් කරන්නෙකු ලෙස ද ඒ මහතා කටයුතු කළේය.



අදහස් (9)

අනිල් භාරතී හඬ නිහඬ වෙයි

රම්බොඩ Wednesday, 22 January 2025 01:53 PM

තව ටික දෙනයි ඉතිරි. එයාලාත් නික්ම ගියපසු අඳෝනා පමණක් ඉතිරි වේ. තව පරම්පරා කීපයකින් ගීත යනු අඳෝනා ලෙස ඒ පරපුර හිතාගනීවි. ලෝකය ඉදිරියට යන්නේ එසේයි...

:       2       71

Lalla Thursday, 23 January 2025 11:49 AM

නිවන් සුව ලැබේවා

:       0       3

Kumar nava Wednesday, 22 January 2025 02:57 PM

මේ සංසාරයෙන් එගොඩ වීමට වාසනාව ලැබේවා

:       0       40

Shane Wednesday, 22 January 2025 03:13 PM

ඔබතුමාට නිවන් සුවය පතනවා. මෙතුවක් කල් අපිව සංගීතයෙන් නැලෙව්වාට බොහොම පින්...!

:       0       49

Buddika Wednesday, 22 January 2025 06:10 PM

ඔබට නිවන් සුව, මගේත් ආදරණීය ගායකයෙක් ඔබතුමා...

:       0       24

Shelton Thursday, 23 January 2025 04:51 AM

දෙවිදුන් වෙත යන ගමන කාටත් අනිවාර්යයි.සමාදානයේ සැත්පේවා.ජේසු පිහිටයි .

:       0       2

Gamini Wijsiri Thursday, 23 January 2025 11:40 AM

අනීල් බාරතී ගැයූ බෙත්ලෙහෙම් පුරේ ගීතය ලියා ඇත්තේ බෞද්ධ ජාතිකයකු වුන නෑසී ගිය කරුණාරත්න අබේසේකර මහතායි වරක් අනිල් භාරතී මහතා සම්මුඛ සාකච්ඡාවකදී මෙම ගීතය තමාට දේව ආශීර්වාදය ක් බව පැවසීය.

:       0       2

Chinthaka Thursday, 23 January 2025 01:08 PM

නිවන් සුව අත්වේවා , මෙරට සිටින හොදම ගායකයෝ නැතිවෙලා යනවා. අද සමහර ගායකයෝ කියාගන්න අයගේ විලාප ඇහෙනකොට මෙතුමන්ලාගේ ගීත මොනතරම් ඉහලද

:       0       4

චින්තක Thursday, 23 January 2025 01:16 PM

ඔබතුමාට නිවන් සුව අත්වේවා

:       0       2

ඔබේ අදහස් එවන්න

අවමංගල්‍ය දැන්වීම්

කෙන් බාලේන්ද්‍ර සමුගනී
2025 පෙබරවාරි මස 03 2661 1

ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ පළමු ශ්‍රී ලාංකික සභාපතිවරයා වන දේශමාන්‍ය කෙන් බාලේන්ද්‍ර මහතා අභාවප්‍රාප්ත විය.


හැරී ජයවර්ධන අභාවප්‍රාප්ත වෙයි
2025 පෙබරවාරි මස 03 3274 1

මෙරට ඉදිරිපෙළ ව්‍යාපාරිකයකු මෙන්ම කළක් මෙරට ධනවතුන් අතර පළමු ස්ථානයේ සිටි දේශමාන්‍ය හැරී ජයවර්ධන මහතා අභාවප්‍රාප්ත විය.


සාහිත්‍ය වේදී මානෑව දිවි ගමනට සමු දෙයි
2025 ජනවාරි මස 31 90 0

මාතලේ සාහිත්‍යකලා සංසදයේ අනුශාසක රාජ්‍ය සම්මානලාභී ප්‍රවීණ ලේඛක කේ.බී.මානෑව මහතා අභාවප්‍රාප්ත විය.


මාධ්‍යවේදී අනුර වික්‍රමසිංහ මිය යයි
2025 ජනවාරි මස 23 208 0

මාධ්‍ය ක්ෂේත්‍රයේ වසර 50 කට ආසන්න කාලයක නිරතව සිටිමින් ලංකාදීප , දවස සහ දිවයින යන පුවත්වල කටයුතු කළ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී අනුර වික්‍රමසිංහ මහතා අභාවප්‍ර


ප්‍රවීණ සිතාර් වාදන ශිල්පී වයි.එම්.සුමනසිරි සමුගනී
2025 ජනවාරි මස 22 246 0

ශ්‍රීලංකා ගුවන්විදුලි සංස්ථා වාදක මණ්ඩලයේ හිටපු ප්‍රධානියකු වූ (විශ්‍රාමික) සහ ප්‍රවීණ සිතාර් වාදන ශිල්පී, සෞන්දර්යය කලා විශ්ව විද්‍යාලයයේ හිටපු ආචා


අනිල් භාරතී හඬ නිහඬ වෙයි
2025 ජනවාරි මස 22 2782 9

මෙරට ජ්‍යෙෂ්ඨතම ගායන ශිල්පියකු වන අනිල් භාරතී මහතා අද (22) අභාවප්‍රාප්ත විය.


Our Group Site