IMG-LOGO

2025 අප්‍රේල් මස 11 වන සිකුරාදා


ආතර් වෙදමුල්ල දිවියෙන් සමුගනී

(රංජන් කස්තුරි)

ශ්‍රී ලංකාවේ විභාග දෙපාර්තමේන්තුවේ හිටපු විභාග කොමසාරිස් ජනරාල්වරයකු වූ අතර් වෙදමුල්ල මහතා මිය ගියේය.

මිය යනවිට 92 හැවිරිදි වියේ පසු වූ වෙදමුල්ල මහතා දෙදරු පියෙකි.

වර්ෂ 1931 අප්‍රේල් මස 01 වැනි දින දෙවුන්දරදී උපත ලද වෙදමුල්ල මහතා දෙවුන්දර දාපුළුසෙන් කණිෂ්ඨ විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබුවේය.

දෙවුන්දර ද්විභාෂා විද්‍යාලයෙන් ජ්‍යෙෂ්ඨ පාඨශාලා සහතිකය සමත් වූ හෙතෙම ගුරුවරයකු ලෙස දිවයිනේ පාසල් ගණනාවකම සේවය කළේය.

ගුරුවෘත්තියේ නියැලෙන අතරතුර විද්‍යෝදය විශ්ව විද්‍යලයෙන් රාජ්‍ය පරිපාලන උපාධිය සම්පූර්ණ කළ වෙදමුල්ල මහතා 1965 වසරේදී විභාග දෙපාර්තමේන්තුවේ සේවයට එක් වුයේය. 

දේහය කිරුලපන අමරසේකර මවතේ අංක 27/ඒ/1 දරන  නිවසෙහි තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු හෙට පස්වරු 4.30ට බොරැල්ල කනත්තේදී සිදු කිරිමට නියමිය. 



අදහස් - (0)

ආතර් වෙදමුල්ල දිවියෙන් සමුගනී

ඔබේ අදහස් එවන්න

අවමංගල්‍ය දැන්වීම්

ප්‍රසන්න ෆොන්සේකා හඬ නිහඩ වෙයි
2025 මාර්තු මස 04 5440 2

ප්‍රවීණ රංගන ශිල්පියෙකු හා හඬකැවීම් ශිල්පියෙකු වන ප්‍රසන්න ෆොන්සේකා මහතා අභාවප්‍රාප්ත වී තිබේ.


සුසන්තා චන්ද්‍රමාලි දිවි රඟමඩලට සමුදෙයි
2025 මාර්තු මස 01 5040 5

ප්‍රවීණ ටෙලිනාට්‍ය සහ චිත්‍රපට රංගන ශිල්පිනී සුසන්තා චන්ද්‍රමාලි මහත්මිය අභාවප්‍රාප්ත වූවාය.


වෙස් නර්තන ශිල්පී පීටර් සූරසේන සමුගනී
2025 පෙබරවාරි මස 25 292 0

මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා පෙරහරේ අඩ සියවසකට අධික කාලයක් ප්‍රධාන වෙස් නර්තන ශිල්පියා වශයෙන්කටයුතු කළ පීටර් සූරසේන මහතා අභාවප්‍රාප්ත වී තිබේ.


අමිතා වැදිසිංහ හඬ නිහඬ වෙයි
2025 පෙබරවාරි මස 20 4481 9

ප්‍රවීණ ගායන ශිල්පිණි අමිතා වැදිසිංහ මහත්මිය අද උදෑසන අභාවප්‍රාප්ත වූ බව ඇගේ පවුලේ ඥාතීන් පවසයි.


ප්‍රවීණ කලාවේදිනී කුමාරි පෙරේරා සමුගනී
2025 පෙබරවාරි මස 13 9980 4

ප්‍රවීණ වේදිකා, ටෙලිනාට්‍ය සහ සිනමා රංගන ශිල්පිණී කුමාරි පෙරේරා අද (13) දින සිය දිවි ගමන නිමා කළාය.


කෙන් බාලේන්ද්‍ර සමුගනී
2025 පෙබරවාරි මස 03 2840 1

ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ පළමු ශ්‍රී ලාංකික සභාපතිවරයා වන දේශමාන්‍ය කෙන් බාලේන්ද්‍ර මහතා අභාවප්‍රාප්ත විය.


Our Group Site