(සුජිත් ප්‍රසංග)
ප්‍රවීණ ගුවන් විදුලි නිවේදිකාවක,නාට්‍ය ශිල්පිනියක වූ රම්‍යා ශ්‍රියාණි පතිරණ මහත්මිය අද (18) අභාවප්‍රාප්ත වූවාය.
ගුවන් විදුලි නාට්‍ය ශිල්පිණියක ලෙස 1978 දී ගුවන් විදුලි සංස්ථාවට එක්වූ ඇය 1981 වර්ෂයේ සහන නිවේදිකාවක ලෙස නිවේදක මණිඩලයට එක්වූවාය.
ගුවන් විදුලි සංස්ථාවේ වෙළෙද සේවයේ වසර 38ක් සේවය කළ ඇය දක්ෂතම නිවේදිකාවක වූ අතර ඇය මෙහෙය වූ විවිධ වැඩසටහන් ගණන විශාල සංඛ්‍යාවකි.
හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් ජාතික රෝහලට ඇතුළත් කෙරුණු ඇය අද (18) අඵයම අභාවප්‍රාප්ත වූවාය.
ප්‍රවීණ කිවියර නන්දන වීරසිංහ මහතාගේ ආදරණීය භාර්යාව වූ ඇය සෙනෙහෙබර මවකි.දේහය ඇරැව්වල උස්වත්ත මැදපාර නිවෙසේ ප.ව. 2.00 සිට තැම්පත් කර ඇති අතර අවසන් කටයුතු පසුව දැනුම්දෙනු ලැබේ.
ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ පළමු ශ්‍රී ලාංකික සභාපතිවරයා වන දේශමාන්‍ය කෙන් බාලේන්ද්‍ර මහතා අභාවප්‍රාප්ත විය.
මෙරට ඉදිරිපෙළ ව්‍යාපාරිකයකු මෙන්ම කළක් මෙරට ධනවතුන් අතර පළමු ස්ථානයේ සිටි දේශමාන්‍ය හැරී ජයවර්ධන මහතා අභාවප්‍රාප්ත විය.
මාතලේ සාහිත්‍යකලා සංසදයේ අනුශාසක රාජ්‍ය සම්මානලාභී ප්‍රවීණ ලේඛක කේ.බී.මානෑව මහතා අභාවප්‍රාප්ත විය.
මාධ්‍ය ක්ෂේත්‍රයේ වසර 50 කට ආසන්න කාලයක නිරතව සිටිමින් ලංකාදීප , දවස සහ දිවයින යන පුවත්වල කටයුතු කළ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී අනුර වික්‍රමසිංහ මහතා අභාවප්‍ර
ශ්‍රීලංකා ගුවන්විදුලි සංස්ථා වාදක මණ්ඩලයේ හිටපු ප්‍රධානියකු වූ (විශ්‍රාමික) සහ ප්‍රවීණ සිතාර් වාදන ශිල්පී, සෞන්දර්යය කලා විශ්ව විද්‍යාලයයේ හිටපු ආචා
මෙරට ජ්‍යෙෂ්ඨතම ගායන ශිල්පියකු වන අනිල් භාරතී මහතා අද (22) අභාවප්‍රාප්ත විය.
ගුවන් විදුලි නිවේදිකා රම්‍යා ශ්‍රියාණි අභාවප්‍රාප්තවේ
SUNIL MILANO Monday, 18 September 2023 02:58 PM
ඔබතුමිය රට ජාතියට කළ සේවයට හිස නමා ගෞරව කරන අතර අජරාමර නිවන් සම්පත්තිය ලැබේවායි පතමි.
ගමේ එකාලා Monday, 18 September 2023 07:10 PM
ඔබතුමියට අමාමහ නිවන්සුව අත්වේවා...!