IMG-LOGO

2024 ඔක්තෝබර් මස 18 වන සිකුරාදා


ජ්‍යෝතීර්වේදී චන්ද්‍රසිරි බණ්ඩාර අභාවප්‍රාප්ත වෙයි

(යොහාන් භාසුර)

ප්‍රවීණ සහ ජනප්‍රිය ජ්‍යෝතීර්වේදියෙක් වන චන්ද්‍රසිරි බණ්ඩාර මහතා අද (22) පෙරවරුවේ අභාවප්‍රාප්ත විය.

ඒ මහතා පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටිය දී මෙලෙස අභාවප්‍රාප්ත වූ බවත් අභාවප්‍රාප්ත වන විට බණ්ඩාර මහතා 63 වන වියේ පසුවිය.
 



අදහස් (17)

ජ්‍යෝතීර්වේදී චන්ද්‍රසිරි බණ්ඩාර අභාවප්‍රාප්ත වෙයි

සෙනෙවිරත්න Monday, 22 April 2024 12:36 PM

පව් අනේ, බොරු කිව්වෙත් ජීවත්වෙන්න කීයක් හරි උපයගන්න නේ. වරක් කතරගම දෙවියො දර්ශනය වෙනවා කියල සමහරු උඩබලාගෙන හිටිය නේද මෙතුමගේ අනාවැකියක් අනුව.

:       3       51

Rifan Monday, 22 April 2024 12:38 PM

එතුමා අද මැරෙන බව නම් දැනගෙන සිටින්න ඇති.

:       7       31

Rifan Monday, 22 April 2024 12:42 PM

අනාවැකි නම් ඉතින් අපේ රටේ චන්ද්‍රසිරි බණ්ඩාර තමයි. මතකයිනේ පසුගිය කාලවල කියපු දේශපාලන අනාවැකි.

:       4       31

පිටිගල මිලානෝ Monday, 22 April 2024 12:42 PM

මෙයා මැරෙණ දින වකවානු මෙයා කලින් දැනගෙන හිටියාද?

:       1       25

විමල් Monday, 22 April 2024 12:53 PM

මනුස්සයෙක්ගේ මරණය කනගාටුවට කරුණක්. ඒත් ලෝකයටම පලාඵල කියන ජෝතිර්වේදියෙක් තමාගේ කේන්දරය බලානොගැනීම නම් අභාග්‍යයක්.

:       4       42

චින්තක Monday, 22 April 2024 01:23 PM

ජ්‍යෝතිෂවේදී කෙනෙක් වෙලා තමන්ගෙ කේන්ද්‍රය බලා ගත්තා කියලා මරණයෙන් බේරෙන්න පුළුවන් කමක් නැහැනේ විමලේ .එහෙම ක්‍රමයක් තියෙනවා නම් දැනට ලංකාව ඉන්න දේශපාලුවො මොනවා නොකරයිද

:       5       19

ගමේ එකාලා Monday, 22 April 2024 01:28 PM

හැමෝටම අනාවැකි කියන කෙනා තමුන්ට වෙන දේ ගැන හරියටම දන්නේ නැතිව ඇති .

:       2       20

ajith Monday, 22 April 2024 01:47 PM

ජ්‍යෝතීශය 100% නිවැරදියි.

:       44       7

ගජබින්නා කේ. අතුරලිය Monday, 22 April 2024 02:13 PM

බොරු කියන සාස්තරකාරයෝ මේවා දකිනවා ඇති. මැරිලත් හොඳක් අහන්න වෙන්නේ නෑ. අසරණ මිනිස්සු රවට්ටලා මුදල් හම්බ කරනවට වඩා හොඳයි හිඟා කනවා, මිනිස්සු අපහාස නින්දා කරන්නේ නෑ එතකොට.... මේ මහත්තයනම් දේසපාලන සාස්තර කියලා මැරෙන්න පෙරම කුජීත වුණා. තව අර රාජ්‍ය සාත්තර කාරයෙක් හිටිය පෝය දවසට ටීවී එකේ පච හලපු මිනිහ ආගිය අතක් නෑ. මැරිලද දන්නේ නෑ.

:       3       33

Anuta Monday, 22 April 2024 02:13 PM

එක සැරයක් ජාතික රූපවාහිනියේ බදාදා නුග සෙවන වැඩ සටහනට කඩා වැදිලා දරුවන්ගේ මතක ශක්තිය වැඩෙන පාන්දරම බොන්න ඕනෙ පාන වර්ග කියලා මොනවද? ජරාවක් මිනිස්සුන්ට හඳුන්වලා දුන්නා.තව සැරයක් මදුරු කොයිල් එකක් වගේ රූපයක් දිහා එක දිගටම බලාගෙන හිටියම දරුවන් ගේ මොළේ වැඩෙනවා කිව්වා පස්සේ බලනකොට මෙයා ඒ වැඩ සටහනට සතිපතා ඇවිත් තියෙන්නේ අත යට ගාණක් ගෙවලා මොකද ඒකෙන් විශාල ප්‍රචාරක වාසියක් ලැබෙන හින්දා.ඊට පස්සේ තමයි මේ හාදයා 2015 ජනාධිපති වරයෙන් මහින්ද රාජපක්ෂ මහත්තයා දිනුවේ නැත්නම් මෙතනට ඇවිත් වෙඩි තියා ගන්නවා කියලා සිරස රූපවාහිනියෙන් කිව්වේ.එතකොටම ඒ වැඩ සටහන මෙහෙයවපු කිංස්ලි රත්නායක "අනේ අනේ මෙහේ නම් එන්න එපා" කියලා මේ හාදයව පච කරලා දැම්මා. ඔහොම සමාජ පිළිල මේ ලෝකෙන් තුරන් වෙන තරමට හොඳයි.

:       2       26

චින්තක Tuesday, 23 April 2024 07:14 AM

කාලයකට පෙර ලංකාවෙ ප්‍රශිද්ධව සිටි ජ්‍යෝතිෂවේදී කස්තුරිරත්න මැතිතුමා ලියූ පොතක 19 පිටුවෙ අශ්වයාගේ පිම්මද (දිනන අශ්වයා තේරීම කියලත් තියෙනවා ) ඒක අපි දිනන දේශපාලක කිව්වම වරදක් නැහැ අහස ගෙරවීම හෝ අකුණු වැදීම හා අද අහවල් ස්ථානයට වහිනවා වහින්නේ නැහැ කීමද (වර්තමානයේ තාක්ෂණය උපයෝගී කරගෙන කාළගුන අනාවැකි කිව්වත් ඔවුන් අහවල් පළාතේ තැනින් තැන වහිනවා කියනවා වුනත් තැනක් /ස්ථානයක් හරියට කියන්නෙ නැහැනේ) ස්ත්‍රීන්ගේ සිත හරියටම මෙහෙමයි නිශ්චය කිරීමද පුරුෂයෙකුගේ භාග්‍ය මෙහෙමයි කීමටද දෙවියෙකුවත් නොදන්නා නිසා මිනිසෙක් කියන්නේ

:       1       0

ravin Monday, 22 April 2024 04:39 PM

රාජ්‍ය සිංහල අවුරුදු නැකත් සිට්ටුවේ මෙයත් හිටියා නේද?

:       2       15

ගවේෂක Monday, 22 April 2024 08:03 PM

නැකැත් කමිටුව කිව්වාම මතක් වුනේ මෙවරත් මහ ඉහළින් අවුරුදු නැකත වර්ණනා කළ තරමක් තරබාරු ජ්‍යෝතිෂවේදී මැතිතුමෙක් ඇතුළු නැකැත් කමිටුවේ හිටපු හා දැනටමත් සිටින පිරිසක් කාලයකට පෙර මහින්ද මහත්තයා මුරුංගා අත්තේ තියාගෙන ඔවුන් පලකල සුරගුරු ජ්‍යෝතිෂ සඟරාවේ 2011 නොවැම්බර් මාසයේ ශ්‍රීලංකාවෙන් ඛනිජ තෙල් කියලා ලිපියක් 2011 ජූලි -අගෝස්තු කලාපයේ 7 වැනි පිටුවේ පලකොට තිබුණා... සඟරාව සොයාගෙන සත්‍ය අසත්‍ය බව වටහා ගන්න මේ කියන චන්ද්‍රසිරි මහතා කිව්වේ 2015 මහින්ද මහත්තයා ජනාධිපති වෙනවා... නැත්නම් වෙඩි තියාගෙන මැරෙනවා කියලා විතරයි මම හිතන්නේ දැන් ඒ දෙකම සත්‍ය වෙලාදැයි අහන්නේ නොදන්නා කමටයි...

:       1       1

Asitha Tuesday, 23 April 2024 05:17 AM

මෙතුමා කරපු හොඳම වැඩේ තමයි ජාතිය බේරාගත්තු අප්පච්චිව අපල දුරුවෙන්න කියලා රුවන්වැලි සැය වටේ යවපු එක....

:       1       1

Sumith Tuesday, 23 April 2024 06:57 AM

හරයක් , වටිනාකමක් නැති කේන්දර හා සාස්තර කාරයෝ..

:       1       5

අපකීර්ති වර්ණකුලසූරිය Wednesday, 24 April 2024 08:08 AM

අපෝ මේ පැත්ත පාලාතෙ මේ මල මිණී ගෙන්න එපා. කිලි, කිලි. කිලි අල්ලයි

:       1       4

MANAMPERI Thursday, 25 April 2024 05:57 AM

මෙයට වැඩිය පාලිත තෙවරප්පෙරුම ජෝතිෂය හරියටම දන්නවා වගේ. ...... අත්තෝ අත්තස්ස නක්ඛත්තන් කිං කරිස්සන් තාරකා..... බුද්ධිමතුන්ගේ ඇස් ඇරේවා .

:       1       2

ඔබේ අදහස් එවන්න

අවමංගල්‍ය දැන්වීම්

හිටපු නියෝජ්‍ය විදුහල්පති කිරමගේ සරත් කළුරිය කරයි
2024 ඔක්තෝබර් මස 14 68 0

දෙණියාය මධ්‍ය විද්‍යාලයේ හිටපු නියෝජ්‍ය විදුහල්පතිවරයකු වූ විශ්‍රාමික කිරමගේ සරත් මහතා රෝගීව සිට අභාවප්‍රාප්ත විය.


එල්ටන් දිසානායක සමුගනී
2024 ඔක්තෝබර් මස 03 187 1

වඳුරඹ ඉදිරිපත්වල ප්‍රදේශයේ පදිංචිව සිටි බද්දේගම ගා/ අන්තෝනි මහා විද්‍යාලයේ හිටපු විදුහල්පති එල්ටන් දිසානායක මහතා අවුරුදු 81 ආයු වළදා ඉකුත් (01) වැනි දින


විද්‍යා ලේඛක තිලක් වීරසිංහ අභාවප්‍රාප්ත වෙයි
2024 සැප්තැම්බර් මස 28 252 0

කොළඹ-ආනන්ද විද්‍යාලයේ වසර 32ක කාලයක් විද්‍යා ආචාර්යවරයා වශයෙන් සේවය කල තිලක් වීරසිංහ මහතා (විශ්‍රාමික) අභාවප්‍රාප්ත විය.


ටෙනසි මල්රාජ් සමුගනී
2024 සැප්තැම්බර් මස 27 245 0

වයඹ පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයකු මෙන්ම ලුණුවිල පොල් පර්යේෂණ ආයතනයේ හිටපු සභාපති සහ ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ වෙන්නප්පුව ආසනයේ ප්‍රධාන සංවිධායක ටෙ


කළුතර මාධ්‍ය ඒකක ප්‍රධානිගේ නැන්දණිය දිවි ගමනට සමුදෙයි
2024 සැප්තැම්බර් මස 25 79 0

කළුතර දිස්ත්‍රික් මාධ්‍ය ඒකකයේ ප්‍රධානී සමන් කුලරත්න මහතාගේ නැන්දණිය වන මල්කාන්ති රණවීර මහත්මිය (59) අභාවප්‍රාප්ත වූවාය.


වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 2640 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


Our Group Site