IMG-LOGO

2025 අප්‍රේල් මස 16 වන බදාදා


පොතානේ ධම්මානන්ද නාහිමියෝ අපවත් වූහ

(රෝහණ චන්ද්‍රදාස)

ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ උතුරුමැද පළාතේ ප්‍රධාන සංඝනායක අනුරාධපුර පූජා නගරයේ භයාගිරි පූර්වාරාම විහාරාධිපති පොතානේ ධම්මානන්ද නාහිමියෝ අද(14) උදෑසන අපවත්වූහ.

අපවත්වනවිට උන්වහන්සේ 80 වැනි වියෙහි පසුවූහ.

රෝගාතුරව වැඩසිටි උන්වහන්සේ අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දි අපවත් වූ අතර ආදාහන පූජෝත්සවය පැවැත්වීම සම්බන්ධයෙන් පසුව දැනුම්දෙන බව විහාරස්ථ දායක සභාව ප්‍රකාශ කරයි.

පොතානේ ධම්මානන්ද නාහිමියෝ අනුරාධපුර ශ්‍රී ලංකා භික්ෂු විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ධූරයෙහි ද කාලයක් කටයුතු කර ඇති උන්වහන්සේ විචිත්‍ර ධර්ම දේශනා පැවැත්වීමෙහිලා රජරට බෞද්ධ ජනතාවගේ ගෞරවාදරයට පත්ව සිටියහ.

 



අදහස් - (1)

පොතානේ ධම්මානන්ද නාහිමියෝ අපවත් වූහ

K.M.K.Kumarasinghe Sunday, 16 April 2023 01:46 PM

මිහින්තලේ සිට ත්‍රිකුණාමලය පාරේ සැතපුම් 3ක් පමණ දුරින් මහකණදරාව වැව මධ්‍යයෙන් දකුණට හැරී සැතපුමක් පමණ යනවිට උන්වහන්සේ උපන් පොතාන ගම්මානය හමුවෙයි. එවකට ගොවි පවුලක් වූ පියා සුද්දහාමී සහ මව නංහාමී ගේ දෙවන පුතා පොතානේ ධම්මානන්ද වශයෙන් පැවිදි ජීවිතයට පත්වී ආචාර්‍ය උපාධි ලබා ජ්‍යෙෂ්ඨ කඨ්කාකාචාර්‍යවරයෙකු වශයෙන් රජරට භික්ෂු විශ්ව විද්‍යාලයේ අගනා සේවයක් උපන් බිමට කර අවුරුදු 80ක් ආයු වළඳා අපවත් වූහ. උන්වහන්සේට අජරාමර නිවන්සුව අත්වේවා!!!

:       0       7

ඔබේ අදහස් එවන්න

අවමංගල්‍ය දැන්වීම්

ප්‍රසන්න ෆොන්සේකා හඬ නිහඩ වෙයි
2025 මාර්තු මස 04 5506 2

ප්‍රවීණ රංගන ශිල්පියෙකු හා හඬකැවීම් ශිල්පියෙකු වන ප්‍රසන්න ෆොන්සේකා මහතා අභාවප්‍රාප්ත වී තිබේ.


සුසන්තා චන්ද්‍රමාලි දිවි රඟමඩලට සමුදෙයි
2025 මාර්තු මස 01 5083 5

ප්‍රවීණ ටෙලිනාට්‍ය සහ චිත්‍රපට රංගන ශිල්පිනී සුසන්තා චන්ද්‍රමාලි මහත්මිය අභාවප්‍රාප්ත වූවාය.


වෙස් නර්තන ශිල්පී පීටර් සූරසේන සමුගනී
2025 පෙබරවාරි මස 25 299 0

මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා පෙරහරේ අඩ සියවසකට අධික කාලයක් ප්‍රධාන වෙස් නර්තන ශිල්පියා වශයෙන්කටයුතු කළ පීටර් සූරසේන මහතා අභාවප්‍රාප්ත වී තිබේ.


අමිතා වැදිසිංහ හඬ නිහඬ වෙයි
2025 පෙබරවාරි මස 20 4504 9

ප්‍රවීණ ගායන ශිල්පිණි අමිතා වැදිසිංහ මහත්මිය අද උදෑසන අභාවප්‍රාප්ත වූ බව ඇගේ පවුලේ ඥාතීන් පවසයි.


ප්‍රවීණ කලාවේදිනී කුමාරි පෙරේරා සමුගනී
2025 පෙබරවාරි මස 13 10022 4

ප්‍රවීණ වේදිකා, ටෙලිනාට්‍ය සහ සිනමා රංගන ශිල්පිණී කුමාරි පෙරේරා අද (13) දින සිය දිවි ගමන නිමා කළාය.


කෙන් බාලේන්ද්‍ර සමුගනී
2025 පෙබරවාරි මස 03 2845 1

ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ පළමු ශ්‍රී ලාංකික සභාපතිවරයා වන දේශමාන්‍ය කෙන් බාලේන්ද්‍ර මහතා අභාවප්‍රාප්ත විය.


Our Group Site