IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි

(ආරියරත්න රණබාහු)

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී  ප්‍රවීණ  නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්‍රාප්ත වූවාය..

මිය යන විට 92වන වියෙහි  පසුවූ  ඇය  දෙදරු මවකි. ජාත්‍යන්තර කීර්තිට පත් ප්‍රවීණ නර්තන ශිල්පී දිවංගත   චිත්‍රසේනයන්ගේ බිරිඳ ද වේ.

නර්තනය පිළිබඳව හසල දැනුමක් ඇති ඇය එම කලාව සිය සැමියා සමග  ලොව වටා ගෙන යාමට  කටයුතු කළ අතර ඒ නිසාම  ඇයගේ උඩරට නර්තනයට ඇති හැකියාවට  සහ එය ප්‍රචලිත කිරීමට ගත් කැපවීමසම්මානයෙන්  උදෙසා 2020වසරේදී ඉන්දියාවේ පද්මශීු   සම්මානයෙන් පුද ලැබුවාය.

උඩරට නර්තනයට මෙන්ම  බටහිර  බැලේ නර්තන  ශිල්පයටද එකසේ හපන්කම් ඇති වජිරා එහි කූඨාප්‍රාප්තියට සමිප වු  ශ්‍රී ලංකාවේ ප්‍රථම කාන්තාව ලෙස හැඳින්වේ

ප්‍රවීණ නර්තනා ආචාර්යවරියක් වන ැැ ඇයගෙන්  එම ශිල්පය හැදෑරුවෝ දහස් ගණනකි.

කලා භූෂණ, දේශබන්දු  දේශාභිමානී ආදී මෙරට පුරවැසියෙකුට ලැබිය හැකි ඉහළම සම්මාන සෑම එකක්ම ඇය හිමිකරගෙන ඇති අතර නර්තනය සම්බන්ධයෙන් චිත්‍රසේන වජිරා යුවල පුරාවෘත්තයක් ලෙස සැලකේ.

කරදිය සහ  නලදමයන්ති මුද්‍රා නාට්‍ය ඇයගේ නර්තනයන්ගෙන් ශෝභාමත් වූ  අයුරු බොහෝ ප්‍රේක්ෂකයන්  ගේමතකයේ පවතී.

ඇය කළුතර බාලිකා විද්‍යාලය සහ මෙතෝදිස්ත  විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවකි

දේහය බොරැල්ල ජයරත්න මල්ශාලාවේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු  බොරැල්ලෙක් කනත්ත පොදු සුසාන භූමියේදී හෙට (25) පස්වරු 4.00ට සිදුකෙරේ.



අදහස් (0)

වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි

ඔබේ අදහස් එවන්න

අවමංගල්‍ය දැන්වීම්

වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 1204 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


රෝලන්ඩ් අබේපාල දිවියට සමුදෙයි
2024 සැප්තැම්බර් මස 13 314 0

ප්‍රකට ග්‍රන්ථ කතෘවරයෙකු වු සම්මානනීය මහාචාර්ය නීතිඥ රෝලන්ඩ් අබේපාල මහතා අද( 13 )පෙරවරුවේ අභාවප්‍රාප්ත විය


කරන්දෙණිය ප්‍රාදේශීය සභාපති සුසන්ත ලාල් ජයවීර
2024 සැප්තැම්බර් මස 13 412 0

දකුණු පළාත් සභාවේ හිටපු මන්ත්‍රී සහ හිටපු කරන්දෙණිය ප්‍රාදේශීය සභාපති සුසන්ත ලාල් ජයවීර මහතා අද (13) අලුයම් කාලයේ දී හදිසි හෘදයාබාධයකින් කරාපිටිය ජාති


සුජීව හරිංශ්චන්ද්‍ර හඬ නිහඩ වෙයි
2024 සැප්තැම්බර් මස 08 236 0

ප්‍රවීණ ගුවන් විදුලි නිවේදකයෙකු වු සුජීව හරිංශ්චන්ද්‍ර මහතා අද (08) දහවල් හදිසියේ අභාවප්‍රාප්ත විය.


ගනේගොඩ රතනජෝති හිමියෝ අපවත් වෙති
2024 සැප්තැම්බර් මස 06 76 0

පොල්පිතිගම නාගොල්ල රජමහ විහාරයේ විහාරාධිපති ගනේගොඩ ශ්‍රී සිද්ධාර්ථ ධම්මපාල රතනජෝති හිමියෝ පෙරේදා (5) අපවත් වූහ.


ගල්ගමුවේ සුමනා මෙහෙණියෝ අපවත් වෙති
2024 අගෝස්තු මස 29 255 0

ගෝවකොටුව ගුණනන්දිකාරාමයේ වැඩ විසූ ගල්ගමුවේ සුමනා මෙහෙණින් වහන්සේ පෙරේදා (28) දින අපවත් වී වදාළහ.


Our Group Site