IMG-LOGO

2025 අප්‍රේල් මස 18 වන සිකුරාදා


සංගීතඥ ආනන්ද පෙරේරා දිවි ගමනට සමු දෙයි

(ෂේන් සෙනෙවිරත්න,සුජිත් හේවා ජූලිගේ)

මෙරට සංගීත ක්ෂේත්‍රයට ඉමහත්  සේවාවක් ඉටුකළ අති දක්ෂ සංගීතඥයෙක් වූ ආනන්ද පෙරේරා මහතා මහනුවර ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත විය.

ඒ මහතා දීර්ඝ කාලයක් අසනීප තත්ත්වයෙන් පසුවිය .

ඒ මහතාගේ දේහය මංගලගම පාර මොළඳන්ඩ, කිරිබත්කුඹුර නිවසේ තැන්පත් කිරීමට නියමිත අතර අවසන් කටයුතු සිදු කරන දිනය පසුව දැනුම් දීමට නියමිතය .

‘‘සිහශක්ති‘‘ සංගීත කණ්ඩායමේ නායකයා වූ ආනන්ද පෙරේරා මහතා මහනුවර ධර්මරාජ විදුහලේ ආදි සිසුවෙකු වන අතර ඔහු මෙරට බිහි වූ අති දක්ෂ සංගීතඥයකු වශයෙන් සැලකේ.



අදහස් - (8)

සංගීතඥ ආනන්ද පෙරේරා දිවි ගමනට සමු දෙයි

Buddika Sunday, 26 May 2024 07:32 PM

ඉතාම දක්ෂ සංගීත සෙට් ශිල්පියෙක්.ඉස්සර සිහශක්ති කණ්ඩායම අදටත් මැවිල පේනවා.ලන්කාවේ සංගීතයට නොමැකෙන සේවයක් කල සංගීත ශිල්පියෙක්.ඔබට නිවන් සුවය ලැබේවා!

:       2       92

Asela Sunday, 26 May 2024 09:17 PM

අති දක්ෂ සංගීත ශිල්පියෙක්. ඔබට නිවන් සුව සහෝදරයා.

:       1       11

PATTA hora Sunday, 26 May 2024 09:19 PM

ආනන්දගේ තාත්තා, එම්. ජී. පෙරේරා මහතා තමයි වික්ටර් රත්නායක ගේ සංගීත ගුරුතුමා. තරුණ ආනන්ද සුහද වගේම දරදඬු චරිතයක්. අපිට සංගීත වගේම සංග්‍රාම ජීවිතයකුත් තිබුනා. ඒ දවස්වල මුල්ගම්පොල එන්.ජී.පී. කලායතනයට අපි එකතු වුනේ පුදුම ලෙන්ගතු කමකින්. ආනන්ද ට ඕනෑම සංගීත භාණ්ඩය ක් වාදනය කිරීමට හැකියාව තිබුනා. වයස මුහුකුරා යත්ම අපි විසිර ගියා. මුන ගැහිලා හිනාවුණා, අතීතය මතක් කරලා. ආනන්ද ඔබට සුභ ගමන්!

:       1       14

Cisco Sunday, 26 May 2024 10:58 PM

මෙතූමගෙ නීර්මාන අපි හොදීන් රසවින්දා. එතූමාට නිවන්සූව ප්‍රාර්ථනා කරනවා..

:       1       9

senaratne Monday, 27 May 2024 12:06 AM

ඉතා ලස්සන තනු නිර්මාණ කල සිංහල සංගීතයට අති මහත් සේවයක් කල සංගීත පඬි රුවනකි

:       1       7

වජිර Monday, 27 May 2024 11:29 AM

අමා මහ නිවන් සම්පත්තිය ලැබේවායි පතමි...!

:       1       7

ටිරොන් Monday, 27 May 2024 12:34 PM

අපි පාසල් යන කාලයේ දුරකථන හරි විරලයි. ඉතින් අපේ හමුවීමේ මූලස්ථානය මහනුවර පොදු වෙලඳපොල (market) ඒ කාලයේ මෙතුමාත් මෙතුමාගේ සමකාලීන සිහශක්ති සගයෙකුත් සහෝදරයෙක්ද දන්නේ නැහැ. එයාලාත් හමුවෙන්නේ මාර්කට් එක ඉස්සරහ කට්ට කාලා ඉහළට ගිය කෙනෙක්... ඔබට නිවන් සුව පතමු...!

:       1       10

පිටිගල මිලානෝ Monday, 27 May 2024 01:44 PM

මහනුවර නගරයේ ඉන්න බොහොමයක් සංගීත සිසුන්ට ගුරුහරුකම් දීල, ලොකු සේවයක් කරපු කළා කරුවෙක්. නිවන් සුව පතමු…!

:       1       6

ඔබේ අදහස් එවන්න

අවමංගල්‍ය දැන්වීම්

මහාචාර්ය ජයසේන කෝට්ටේගොඩ දිවි සැරිය නිමා කරයි
2025 අප්‍රේල් මස 17 1133 1

කොළඹ සෞදන්ර්ය කලා විශ්ව විද්‍යාලයේ හිටපු උප කුලපති, සම්මානිත මහාචාර්ය ජයසේන කෝට්ටේගොඩ මහතා අභාවප්‍රාප්ත විය.


ප්‍රසන්න ෆොන්සේකා හඬ නිහඩ වෙයි
2025 මාර්තු මස 04 5536 2

ප්‍රවීණ රංගන ශිල්පියෙකු හා හඬකැවීම් ශිල්පියෙකු වන ප්‍රසන්න ෆොන්සේකා මහතා අභාවප්‍රාප්ත වී තිබේ.


සුසන්තා චන්ද්‍රමාලි දිවි රඟමඩලට සමුදෙයි
2025 මාර්තු මස 01 5097 5

ප්‍රවීණ ටෙලිනාට්‍ය සහ චිත්‍රපට රංගන ශිල්පිනී සුසන්තා චන්ද්‍රමාලි මහත්මිය අභාවප්‍රාප්ත වූවාය.


වෙස් නර්තන ශිල්පී පීටර් සූරසේන සමුගනී
2025 පෙබරවාරි මස 25 301 0

මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා පෙරහරේ අඩ සියවසකට අධික කාලයක් ප්‍රධාන වෙස් නර්තන ශිල්පියා වශයෙන්කටයුතු කළ පීටර් සූරසේන මහතා අභාවප්‍රාප්ත වී තිබේ.


අමිතා වැදිසිංහ හඬ නිහඬ වෙයි
2025 පෙබරවාරි මස 20 4515 9

ප්‍රවීණ ගායන ශිල්පිණි අමිතා වැදිසිංහ මහත්මිය අද උදෑසන අභාවප්‍රාප්ත වූ බව ඇගේ පවුලේ ඥාතීන් පවසයි.


ප්‍රවීණ කලාවේදිනී කුමාරි පෙරේරා සමුගනී
2025 පෙබරවාරි මස 13 10032 4

ප්‍රවීණ වේදිකා, ටෙලිනාට්‍ය සහ සිනමා රංගන ශිල්පිණී කුමාරි පෙරේරා අද (13) දින සිය දිවි ගමන නිමා කළාය.


Our Group Site