IMG-LOGO

2025 අප්‍රේල් මස 15 වන අඟහරුවාදා


සංගීතඥ ප්‍රේමදාස මුදුන්කොටුව දිවි සැරිය නිම කරයි

ජ්‍යෙෂ්ඨ සංගීතඥයෙක් මෙන්ම සංගීත ආචාර්යවරයෙක් වන ආචාර්ය ප්‍රේමදාස මුදුන්කොටුව මහතා අද (29) අභාවප්‍රාප්ත විය.

ප්‍රවීණ ගායන ශිල්පී සමිතා මුදුන්කොටුව මහත්මියගේ පියා වන ආචාර්ය ප්‍රේමදාස මුදුන්කොටුව අභාවප්‍රාප්ත වන විට 91 හැවිරිදි වියේ පසුවිය.

මුදුන්කොටුව මහතා සංගීත උපදේශවරයෙක් සහ කථිකාචාර්යවරයෙක් ද ප්‍රසිද්ධියක් ඉසිලීය.

ඒ මහතා 1933 වසරේ ඔක්තෝබර් මස 6 වැනිදා අවිස්සාවේල්ල, කොස්ගම ප්‍රදේශයේදී උපත ලැබීය.

ඒ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පසුව දැනුම් දෙන බව පවුලේ ඥාතීහූ පැවසූහ.

(යොහාන් භාසුර)



අදහස් - (3)

සංගීතඥ ප්‍රේමදාස මුදුන්කොටුව දිවි සැරිය නිම කරයි

Chathuri Tuesday, 30 April 2024 05:33 AM

මේ වගෙ උගත් බුද්දිමත් පියෙක්ගෙ දුවද නාඩග්ම් නටන්නෙ මිනිස්සු මාරු කරමින්

:       6       10

Senarath Tuesday, 30 April 2024 09:30 AM

එතුමාට නිවන් සුව අත්වේවා

:       0       10

ගනේගොඩ Tuesday, 30 April 2024 01:53 PM

දෙමව්පියෝ උගත් වුණාට ඒ අයගේ හැම දරුවෙක්ම උගත්, බුද්ධිමත් වෙන්නේ නෑ. අ.අපි එතුමාට නිවන්සුව පතමු.

:       3       7

ඔබේ අදහස් එවන්න

අවමංගල්‍ය දැන්වීම්

ප්‍රසන්න ෆොන්සේකා හඬ නිහඩ වෙයි
2025 මාර්තු මස 04 5479 2

ප්‍රවීණ රංගන ශිල්පියෙකු හා හඬකැවීම් ශිල්පියෙකු වන ප්‍රසන්න ෆොන්සේකා මහතා අභාවප්‍රාප්ත වී තිබේ.


සුසන්තා චන්ද්‍රමාලි දිවි රඟමඩලට සමුදෙයි
2025 මාර්තු මස 01 5071 5

ප්‍රවීණ ටෙලිනාට්‍ය සහ චිත්‍රපට රංගන ශිල්පිනී සුසන්තා චන්ද්‍රමාලි මහත්මිය අභාවප්‍රාප්ත වූවාය.


වෙස් නර්තන ශිල්පී පීටර් සූරසේන සමුගනී
2025 පෙබරවාරි මස 25 297 0

මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා පෙරහරේ අඩ සියවසකට අධික කාලයක් ප්‍රධාන වෙස් නර්තන ශිල්පියා වශයෙන්කටයුතු කළ පීටර් සූරසේන මහතා අභාවප්‍රාප්ත වී තිබේ.


අමිතා වැදිසිංහ හඬ නිහඬ වෙයි
2025 පෙබරවාරි මස 20 4492 9

ප්‍රවීණ ගායන ශිල්පිණි අමිතා වැදිසිංහ මහත්මිය අද උදෑසන අභාවප්‍රාප්ත වූ බව ඇගේ පවුලේ ඥාතීන් පවසයි.


ප්‍රවීණ කලාවේදිනී කුමාරි පෙරේරා සමුගනී
2025 පෙබරවාරි මස 13 10005 4

ප්‍රවීණ වේදිකා, ටෙලිනාට්‍ය සහ සිනමා රංගන ශිල්පිණී කුමාරි පෙරේරා අද (13) දින සිය දිවි ගමන නිමා කළාය.


කෙන් බාලේන්ද්‍ර සමුගනී
2025 පෙබරවාරි මස 03 2844 1

ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ පළමු ශ්‍රී ලාංකික සභාපතිවරයා වන දේශමාන්‍ය කෙන් බාලේන්ද්‍ර මහතා අභාවප්‍රාප්ත විය.


Our Group Site