IMG-LOGO

2025 අප්‍රේල් මස 20 වන ඉරිදා


සුනිල් සේනානායක දිවි සැරිය නිම කරයි

(චන්ද්‍රසිරි ගුණසේකර)

එක්සත් ජාතික පක්ෂ දකුණු පළාත් සභා හිටපු මන්ත්‍රිවරයෙකු වූ සුනිල් සේනානායක මහතා අභාවප්‍රාප්ත විය.

හිනිදුම ආසනයේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා ලෙස දිගු කලක් කටයුතු කළ සුනිල් සේනානායක මහතා නෙළුව ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රිවරයෙකු ලෙස පළමුවෙන්ම දේශපාලනයට අවතීර්ණ විය.

ඔහු නෙළුව ප්‍රාදේශීය සභාවේ හිටපු විපක්ෂනායක තිලක් සේනානායක මහාතාගේද සහෝදරයෙකි.

විශ්‍රාමික වෛද්‍ය කල්‍යාණී අබේවර්ධන මහත්මියගේ ස්වාමිපුරුෂයා වූ සුනිල් සේනානායක මහතා එක්දරු පියෙකි.

පසුගිය දිනවල අසනීප තත්ත්වයෙන් පසුවූ ඔහු අද (18) සවස අභාවප්‍රාප්ත වී ඇත.

සුනිල් සේනානායක මහතාගේ දේහය නෙළුවේ පිහිටි ඒ මහතාගේ නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු අප්‍රේල් මස 20 වන ඉරිදා සවස 4.00 ට නෙළුව මහජන ක්‍රීඩාංගණයේදී සිදුකිරීමට නියමිතය. 



අදහස් - (0)

සුනිල් සේනානායක දිවි සැරිය නිම කරයි

ඔබේ අදහස් එවන්න

අවමංගල්‍ය දැන්වීම්

සුනිල් සේනානායක දිවි සැරිය නිම කරයි
2025 අප්‍රේල් මස 18 5785 0

එක්සත් ජාතික පක්ෂ දකුණු පළාත් සභා හිටපු මන්ත්‍රිවරයෙකු වූ සුනිල් සේනානායක මහතා අභාවප්‍රාප්ත විය.


මහාචාර්ය ජයසේන කෝට්ටේගොඩ දිවි සැරිය නිමා කරයි
2025 අප්‍රේල් මස 17 1184 1

කොළඹ සෞදන්ර්ය කලා විශ්ව විද්‍යාලයේ හිටපු උප කුලපති, සම්මානිත මහාචාර්ය ජයසේන කෝට්ටේගොඩ මහතා අභාවප්‍රාප්ත විය.


ප්‍රසන්න ෆොන්සේකා හඬ නිහඩ වෙයි
2025 මාර්තු මස 04 5560 2

ප්‍රවීණ රංගන ශිල්පියෙකු හා හඬකැවීම් ශිල්පියෙකු වන ප්‍රසන්න ෆොන්සේකා මහතා අභාවප්‍රාප්ත වී තිබේ.


සුසන්තා චන්ද්‍රමාලි දිවි රඟමඩලට සමුදෙයි
2025 මාර්තු මස 01 5111 5

ප්‍රවීණ ටෙලිනාට්‍ය සහ චිත්‍රපට රංගන ශිල්පිනී සුසන්තා චන්ද්‍රමාලි මහත්මිය අභාවප්‍රාප්ත වූවාය.


වෙස් නර්තන ශිල්පී පීටර් සූරසේන සමුගනී
2025 පෙබරවාරි මස 25 310 0

මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා පෙරහරේ අඩ සියවසකට අධික කාලයක් ප්‍රධාන වෙස් නර්තන ශිල්පියා වශයෙන්කටයුතු කළ පීටර් සූරසේන මහතා අභාවප්‍රාප්ත වී තිබේ.


අමිතා වැදිසිංහ හඬ නිහඬ වෙයි
2025 පෙබරවාරි මස 20 4541 9

ප්‍රවීණ ගායන ශිල්පිණි අමිතා වැදිසිංහ මහත්මිය අද උදෑසන අභාවප්‍රාප්ත වූ බව ඇගේ පවුලේ ඥාතීන් පවසයි.


Our Group Site