හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වූ ඒ.එච්.එම්. අලෙවි මහතා අභාවප්‍රාප්ත විය. මිය යන විට 71 වන වියෙහි පසු වූ ඒ මහතා, 1988 වසරේදී එක්සත් ජාතික පක්ෂයෙන් වයඹ පළාත් සභාවට තේරීපත් වී ඇති අතර, 1994 වසරේදී කටුගම්පළ ආසනය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මැතිවරණයට එ.ජා.ප.යෙන් තරග කර දිනා 1999 වසර දක්වා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කර ඇත.
කටුගම්පළ ආසනයේ එ.ජා.ප. ප්‍රධාන ආසන සංවිධායක ලෙස කටයුතු කළ අලෙවි මහතා, මිය යන විට සමගි ජන බලවේගයේ ක්‍රියාකාරිකයකු ලෙස කටයුතු කළ අතර, ආසනයේ දියුණුව වෙනුවෙන් මහත් සේවයක් කළේය.
අවසන් කටයුතු පන්නල බම්මන්න ප්‍රදේශයේදී ඉස්ලාම් ආගමික චාරිත්‍රානුකූලව ඊයේ (17) සිදු කෙරිණි.
ප්‍රවීණ රංගන ශිල්පියෙකු හා හඬකැවීම් ශිල්පියෙකු වන ප්‍රසන්න ෆොන්සේකා මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
ප්‍රවීණ ටෙලිනාට්‍ය සහ චිත්‍රපට රංගන ශිල්පිනී සුසන්තා චන්ද්‍රමාලි මහත්මිය අභාවප්‍රාප්ත වූවාය.
මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා පෙරහරේ අඩ සියවසකට අධික කාලයක් ප්‍රධාන වෙස් නර්තන ශිල්පියා වශයෙන්කටයුතු කළ පීටර් සූරසේන මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
ප්‍රවීණ ගායන ශිල්පිණි අමිතා වැදිසිංහ මහත්මිය අද උදෑසන අභාවප්‍රාප්ත වූ බව ඇගේ පවුලේ ඥාතීන් පවසයි.
ප්‍රවීණ වේදිකා, ටෙලිනාට්‍ය සහ සිනමා රංගන ශිල්පිණී කුමාරි පෙරේරා අද (13) දින සිය දිවි ගමන නිමා කළාය.
ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ පළමු ශ්‍රී ලාංකික සභාපතිවරයා වන දේශමාන්‍ය කෙන් බාලේන්ද්‍ර මහතා අභාවප්‍රාප්ත විය.
හිටපු මන්ත්‍රී අලෙවි අභවප්‍රාප්ත වෙයි