උතුරුමැද පළාත් සභාවේ හිටපු ඇමැතිවරයකු වූ නීතිඥ ඩී.පී.බී. මහදිවුල්වැව ( අශෝක මහදිවුල්වැව) මහතා අභාවප්‍රාප්ත විය.
අභාවප්‍රාප්ත වනවිට ඒ මහතා 97 වැනි වියේ පසු වූ අතර ටික කාලයක් රෝගාතුරව සිටියේය. හෙතෙම සිවු දරු පියෙකි.
ජේ.ආර්.ජයවර්ධන මහතා ජනාධිපති ලෙස සිටියදී ක්‍රියාත්මක කළ දිස්ත්‍රික් සංවර්ධන සභා ක්‍රමය යටතේ ඔහු අනුරාධපුර දිස්ත්‍රික් සංවර්ධන සභාවේ සභාපති ලෙස ද වැඩි ඡන්දයෙන් තේරී පත්විය.
ඉන්පසු 1988 දී මුල්වරට පිහිටුවන ලද (එක්සත් ජාතික පක්ෂයට බලය හිමි වු) උතුරුමැද පළාත් සභාවේ කෘෂිකර්ම , නිවාස ඉදිකිරීම් , යෞවන කටයුතු හා ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස පත් විය. ඒ ජී.ඩී.මහින්දසෝම මහතා උතුරුමැද මහ ඇමැති ලෙස සිටි (1988-1993) කාලසීමාවේ ය. අවස්ථා කිහිපයක දී වැඩබලන මහඇමැති ලෙස ද ඔහු කටයුතු කර ඇත.
ලංකා විශ්ව විද්‍යාලයේ නීති පීඨයෙන් උසස් අධ්‍යාපනයට වරම් ලබා ඇති මහදිවුල්වැව මහතා 1952 වසරේ දී නීතිඥ වෘත්තීයට පිවිස ඇත. 1994 වසරේ දී පිහිටුවන ලද උතුරුමැද නීති ආධාර කොමිෂන් සභාවේ ප්‍රධානී ලෙස සාමාන්‍ය ජනතාව වෙනුවෙන් අධිකරණය හමුවේ විභාග කළ විවිධ නඩු සඳහාම නොමිලේ පෙනී සිටිමින් ඔවුනට ඉමහත් සේවාවක් කළේය. එම සේවා කාලය වසර 25 කට වැඩිය. එමෙන්ම වෙනත් සමාජසේවා කටයුතු රැසක දී අනුරාධපුරයේ සාමාන්‍ය ජනතාවට බොහෝ උපකාර කළ සුධාරකයකු ද වූයේය.
අවමංගල්‍ය කටයුතු අනුරාධපුර නිසල නිම්නය පොදු සුසාන භූමියේ දි මෙම අද 28 වැනිදා- පස්වරු 3.00 සිදුකිරීමට කටයුතු යොදා තිබේ.
ප්‍රවීණ රංගන ශිල්පියෙකු හා හඬකැවීම් ශිල්පියෙකු වන ප්‍රසන්න ෆොන්සේකා මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
ප්‍රවීණ ටෙලිනාට්‍ය සහ චිත්‍රපට රංගන ශිල්පිනී සුසන්තා චන්ද්‍රමාලි මහත්මිය අභාවප්‍රාප්ත වූවාය.
මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා පෙරහරේ අඩ සියවසකට අධික කාලයක් ප්‍රධාන වෙස් නර්තන ශිල්පියා වශයෙන්කටයුතු කළ පීටර් සූරසේන මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
ප්‍රවීණ ගායන ශිල්පිණි අමිතා වැදිසිංහ මහත්මිය අද උදෑසන අභාවප්‍රාප්ත වූ බව ඇගේ පවුලේ ඥාතීන් පවසයි.
ප්‍රවීණ වේදිකා, ටෙලිනාට්‍ය සහ සිනමා රංගන ශිල්පිණී කුමාරි පෙරේරා අද (13) දින සිය දිවි ගමන නිමා කළාය.
ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ පළමු ශ්‍රී ලාංකික සභාපතිවරයා වන දේශමාන්‍ය කෙන් බාලේන්ද්‍ර මහතා අභාවප්‍රාප්ත විය.
හිටපු මහ ඇමැති මහදිවුල්වැව අභාවප්‍රාප්ත වේ