(අමදෝරැ අමරජීව )
නැගෙනහිර පලාත් සභාවේ හිටපු මහා ඇමැතිවරයෙකු වන නජීබ් අබ්දුල් මජීඩ් මහතා අද (22) උදැසන කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදි අභාවප්‍රාප්ත විය.
ත්‍රිකුණාමලය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු,නියෝජ්‍ය ඇමැතිවරයෙකු හා අමාත්‍යවරයෙකු වන ඒ මහතා අභාවප්‍රාප්ත වන විට 66 වන වියේ පසුවිය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මුතූර් ආසන සංවිධායක වු ඒ මහතා1993 පලාත් පාලන මැතිවරණයෙන් ජයගෙන කින්නියා ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා විය. ඒ මහතා 2000 වසරේ පැවැති මහා මැතිවරණයෙන් ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයෙන් ජයගෙන පොදු පෙරමුණු රජයේ තැපැල් හා විදුලි සංදේශ නියෝජ්‍ය ඇමැතිවරයා විය.
2004 මහා මැතිවරණයෙන් ජයගෙන පලාත් පාලන හා පලාත් සභා නියෝජ්‍ය ඇමැති වු ඒ මහතා 2007 දි සිදුවු අමාත්‍ය මණ්ඩල සංශෝධනයේදි සමුපාකාර සංවර්ධන (කැබිනට් නොවන) ඇමැති විය.2012 වසරේ පැවැති නැගෙනහිර පලාත් සභා මැතිවරණය ජයගෙන නැගෙනහිර මහා ඇමැති වු මජීඩ් මහතා පසුව 2015 හා 2020 මහා මැතිවරණය වලින් පරාජයට පත්විය.
ප්‍රවීණ රංගන ශිල්පියෙකු හා හඬකැවීම් ශිල්පියෙකු වන ප්‍රසන්න ෆොන්සේකා මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
ප්‍රවීණ ටෙලිනාට්‍ය සහ චිත්‍රපට රංගන ශිල්පිනී සුසන්තා චන්ද්‍රමාලි මහත්මිය අභාවප්‍රාප්ත වූවාය.
මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා පෙරහරේ අඩ සියවසකට අධික කාලයක් ප්‍රධාන වෙස් නර්තන ශිල්පියා වශයෙන්කටයුතු කළ පීටර් සූරසේන මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
ප්‍රවීණ ගායන ශිල්පිණි අමිතා වැදිසිංහ මහත්මිය අද උදෑසන අභාවප්‍රාප්ත වූ බව ඇගේ පවුලේ ඥාතීන් පවසයි.
ප්‍රවීණ වේදිකා, ටෙලිනාට්‍ය සහ සිනමා රංගන ශිල්පිණී කුමාරි පෙරේරා අද (13) දින සිය දිවි ගමන නිමා කළාය.
ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ පළමු ශ්‍රී ලාංකික සභාපතිවරයා වන දේශමාන්‍ය කෙන් බාලේන්ද්‍ර මහතා අභාවප්‍රාප්ත විය.
හිටපු මහා ඇමැති නජීබ් අබ්දුල් මජීඩ් අභාවප්‍රාප්තවේ