(තිලක නවරත්න -ඉතාලිය)
ඉතාලියේ විතෙර්බෝ නගරයේ 2017 බක්මහඋලෙළ සිංහළ දෙමළ ආදී සියලු ම ශ්‍රී ලාංකික ජන වර්ගයන් ගේ සහභාගිත්වයෙන් පැවැත්වීමට විතෙර්බෝ ගල්ලෙන් විහාරාධිකාරී පඬුවස්නුවර සීලරතන හිමියන් ඇතුළු සංවිධාන කමිටුව කටයුතු සුදානම් කර තිබේ.
අප්‍රේල් මස 25දා අඟහරුවාදා විතෙර්බෝහි සන් මර්තීනෝ අල් චිමීනෝ පිීටියේ උදේ 9.00 සිට ඇරැඹෙන මෙම සංස්කෘතික උලෙළට ශ්‍රී ලාංකිකයන් මෙන් ම ඉතාලි ජාතිකයන් ද සම්බන්ධ වන අතර කතෝලික පියතුමන්ලා මෙන්ම බෞද්ධ භික්ෂූන් වහන්සේලා නායකත්වය හොබවන සාමග්‍රී හමුවක් ලෙසද පැවැත්වෙන බව 25 දෙනකුගෙන් සමන්විත සංවිධාන කමිටුව කියයි.
අවුරුදු කුමරිය තේරීම, කොට්ටා පොර, ගම හරහා දිවීම, කණා මුට්ටිය බිදීම, ගෝනි රේස්, අලියට ඇහැ තැබීම, පොල් ගෑමේ තරගය, සංගීත පුටු තරගය, විකට ඇදුම් තරගය, බිත්තර ඇල්ලීම ආදි තරග ඉසව් 30කින් පමණ උලෙළ සමන්විත ය.
ජයලබන්නන් වෙත තෑගි පිණිස ස්වර්ණාභරණද ශ්‍රී ලංකාවට යාමට සහ ඒමට ගුවන් ප්‍රවේශපත් ඇතුළු අගනා තෑගි ව්තෙර්බෝ වාසි ශ්‍රී ලංකිකයන් විසින් සූදානම් කරනු ලැබ ඇත.
නොරෝච්චෝල ලක් විජය බලාගාරයේ සේවකයින් පිරිසක් හදිසියේ උණ හා අනිකුත් රෝග ලක්ෂණ පෙන්නුම් කිරිමත් සමග අදාල සේවක පිරිස වෛද්‍ය පරික්ෂණ සදහා යොමු කර රාජකාර
බීමත් රියදුරන් සහ රථවාහන වැරදි සම්බන්ධ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා දිවයින පුරා පැය 24ක් තුළ සිදුකළ මෙහෙයුමෙන් බීමත් රියදුරන් 245දෙනෙකු අත්අඩංගුවට
පාතාල සාමාජිකයෙකු වන ‘වැල්ලේ සාරංග’ නැමැත්තා රුපියල් ලක්ෂ 15 ට අධික අයිස් මත්ද්‍රව්‍ය හා හොරොයින් සමග අද(09) මෝදර රොක්හවුස් පටුමග ප‍්‍රදේශයේදී අත්අඩංගු
ඩුබායි හි හෝටලයක පැවති උපන්දින සාදයක් අතරතුර මාකදුරේ මධුෂ් ඇතුළු පිරිසක් සමග එරට පොලිස් අත්අඩංගුවට ගෙන සිට පිටුවහල් කිරීමෙන් පසු කටුනායක ගුවන් තොට
හෙරොයින් මත්කුඩු පැකට් 36ක් සමඟ අඹුසැමි යුවළක් ගල්කිස්සේදී අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස පොලිසිය කියයි.
ඩුබායි පොලිස් අත්අඩංගුවේ සිටින පාතාල නායක මාකඳුරේ මධුෂ් නැමැත්තා මේ සතිය ඇතුළතදී ලංකාවට පැමිණීමට නියමිතව ඇතැයි නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් දීලීප පී
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා
ඉතාලියේ බක්මහඋලෙළ 25 වැනිදා විතෙර්බෝ නගරයේදී
Pitigala Milano Wednesday, 12 April 2017 10:10 AM
මිලානෝ නගරයේ මෙන් සල්ලි හම්බ කරන්න කරන අවුරුදු උත්සව සහ සංගීත සංදර්ශන වර්ජනය කර මෙවැනි නිර්ව්‍යාජ සාමුහික ප්‍රයත්නයන්ට දිරි දීමක් ලෙස සියල්ලෝම මීට සහභාගි වන්න. පිටරට යහතින් දිවි ගෙවන ශිෂ්ටසම්පන්න අප සංගීත සංදර්ශන ආදිය පවත්වා මුදල් එකතු කල යුත්තේ දුකට පත්වූවන්ට ආධාර පිණිස මිසක් පුද්ගල ධනය තවත් තර කර ගැනීමට නොවේ.