ජීවත් වූ එක මොහොතක් හෝ අපතේ නොහැර සමස්ත ලෝවාසීන්ගේ උන්නතිය උදෙසා දවුල්දෙණ ඤාණිස්සර මහා නාහිමියන් සිදුකළ කාර්ය භාරය ජීවත්වෙන සියලූ දෙනාටම පරමාදර්ශයකැයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් මහින්ද අමරවීර මහතා ශෝක පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කරයි.
එම ශෝක පණිවිඩයේ මෙසේද සඳහන් වේ.
අපවත් වී වදාල අමරපුර නිකායේ මහානායක, අග්ග මහා පණ්ඩිත, අතිපූජ්‍ය දවුල්දෙණ ඤාණිස්සර මහා නාහිමියන් පිළිබඳව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම්වරයා වශයෙන් පළමුව මගේ ශෝකය පළ කරමි.
රටට, ජාතියට, බුදුසසුනට අතිමහත් සේවාවක් සිදුකළ උන්වහන්සේ තමන් ජීවත් වූ වසර 102 ක කාලය තුළ සිදුකළ සේවාව අමිලය. ජීවත් වන එක් මොහොතක් හෝ අපතේ නොහරිමින්, සමස්ත ලෝකවාසීන්ගේ උන්නතිය උදෙසා සිදුකළ කාර්යභාරය සැබැවින්ම ජීවත් වන සියලූ දෙනාට පරමාදර්ශි බව මගේ හැඟීමයි. සමහරු ජීවත් වුවත් මළවුන් මෙනි. එමෙන්ම තවත් සමහරු මරණයට පත්වුනත්, ඔවුහු අමරණීය පුද්ගලයින් සේ ජීවත් වන්නවුන් තුළ සදා මතකයේ පවතී. අග්ග මහා පණ්ඩිත අතිපූජ්‍ය දවුල්දෙණ ඤාණිස්සර මහානාහිිමියන් අයත් වන්නේ අපවත් වුවත් තමන් කළ අනුපමේය සේවාව නිසා සදා ජීවත්වන පුද්ගල ගොනුවටය. එමෙන්ම තමන් වියපත් වුවද සෑම විටම අප‍්‍රතිහත ධෛර්යයෙන් යුක්තව උන්වහන්සේ කටයුතු කළ ආකාරය සියලූ දෙනාට මහඟු ආදර්ශයකි.
පසුගිය වසරේ දිනෙක මා උන්වහන්සේ බැහැදැකීමට ගිය විට උන්වහන්සේ මා වෙත අතිශය කරුණාබර වදනින් උපදෙස් දුන් අයුරු මා හට කිසි දිනෙක අමතක නොවේ ”සබ්බේ සත්ථා භවන්තු සුඛිතත්ථා” යන බුද්ධ වචනය අනුව යමින් සියලූ සත්වයන් කෙරේ මෛතී‍්‍ර පරවශ චිත්තයෙන් කටයුතු කළ උන්වහන්සේගේ අපවත්වීම අප රටට මහත් පාඩුවකි
එහෙත් බුද්ධ දර්ශනයට අනුව සියල්ල අනිත්‍යය පදනම් කර ගනිමින් පවතී. එම නිසා අපවත් වී වදාළ අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය දවුල්දෙණ ඤාණිස්සර මහානාහිමියන් ප‍්‍රාර්ථනා කළ තුන්තරා බෝධියෙන් එක් බෝධියකට හෝ පැමිණ සසර කෙළවර අමා මහා නිවන්සුව අත්වේවායි මම ප‍්‍රාර්ථනා කරමි.
නොරෝච්චෝල ලක් විජය බලාගාරයේ සේවකයින් පිරිසක් හදිසියේ උණ හා අනිකුත් රෝග ලක්ෂණ පෙන්නුම් කිරිමත් සමග අදාල සේවක පිරිස වෛද්‍ය පරික්ෂණ සදහා යොමු කර රාජකාර
බීමත් රියදුරන් සහ රථවාහන වැරදි සම්බන්ධ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා දිවයින පුරා පැය 24ක් තුළ සිදුකළ මෙහෙයුමෙන් බීමත් රියදුරන් 245දෙනෙකු අත්අඩංගුවට
පාතාල සාමාජිකයෙකු වන ‘වැල්ලේ සාරංග’ නැමැත්තා රුපියල් ලක්ෂ 15 ට අධික අයිස් මත්ද්‍රව්‍ය හා හොරොයින් සමග අද(09) මෝදර රොක්හවුස් පටුමග ප‍්‍රදේශයේදී අත්අඩංගු
ඩුබායි හි හෝටලයක පැවති උපන්දින සාදයක් අතරතුර මාකදුරේ මධුෂ් ඇතුළු පිරිසක් සමග එරට පොලිස් අත්අඩංගුවට ගෙන සිට පිටුවහල් කිරීමෙන් පසු කටුනායක ගුවන් තොට
හෙරොයින් මත්කුඩු පැකට් 36ක් සමඟ අඹුසැමි යුවළක් ගල්කිස්සේදී අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස පොලිසිය කියයි.
ඩුබායි පොලිස් අත්අඩංගුවේ සිටින පාතාල නායක මාකඳුරේ මධුෂ් නැමැත්තා මේ සතිය ඇතුළතදී ලංකාවට පැමිණීමට නියමිතව ඇතැයි නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් දීලීප පී
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දවුල්දෙන මහනාහිමි පරමාදර්ශී චරිතයක් - සන්ධාන මහලේකම්