IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


විශ්වාසභංගයෙන් දේශපාලන වුවමනා ඉටුකරගන්න හදනවා

 

“දූෂණය කියන්නේ අපේ රට වෙලා තියෙන දරුණු වසංගතයක්. එහෙම නොවුණු කාලයක් තිබුණා. මේ දූෂණය
ඇති කරන මූලබීජ අපි මුලිනුපුටා දැමිය යුතුයි. දූෂණය සම්බන්ධ සෑම පැමිණිල්ලක්ම පරීක්‍ෂණ කළ යුතුයි. වරදකරු වුවහොත් උපරිම දඬුවම් දිය යුතුයි. මහ බැංකු සිද්ධියට සම්බන්ධ ඕනෑම අයකුට තරාතිරම නොබලා දඬුවම් දිය යුතුයි.

මෙහිදී අගමැතිතුමාට සම්බන්ධව ගෙන ඇති යෝජනාව තුළ යම් දේශපාලන වුවමනාවක් ඉටු කර ගන්න හදනවා. ඇයි මේ තරම් දියාරු වචන යොදා තිබෙන්නේ? මේ යෝජනාව දැන් ගෙනෙන්නේ ඇයි? මෙහි කරුණු ලියා තිබෙන ආකාරය බොහොම සරලයි. බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් අගමැතිට චෝදනා නිශ්චිත නැහැ. ඊට හේතුව කරුණු හොයා ගන්න බැරිව තිබෙනවා. යෝජනාවේ කරුණු බොහොම දුර්වලයි.

මෙය අගමැතිට එරෙහිව ගෙනෙන යෝජනාවක් ද? මේ ආණ්ඩුව සම්මතයක් වශයෙන්ම බිඳ හෙළීමට ගෙනෙන
යෝජනාවක් ද? විශ්වාසභංග යෝජනාවේ විශ්වාසනීයත්වයත්තො රවෙලා. මේ අයගේ ඊළඟ ඉලක්කය ජනාධිපතිට විරුද්ධව විය හැකියි. ජනවාරි අටවැනිදා බලයට පත් කළ මේ රජය පෙරළා දමා ජනතා අපේක්‍ෂා ඉටු කරන්නේ කොහොම ද? මේ ජනවරමේ අගය තේරුම් ගන්න. අප මේ දේශපාලන කුමන්ත්‍රණයට යොදා ගන්න හදන්න එපා.

මේකට අපිව යොදා ගන්න හදන්නේ ඇයි කියල අපි දන්නවා. අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒමට සහාය දෙන්න. අපි ආර්ථික අතින් දියුණු රටක් බවට පත් කිරීමට සමගිව කටයුතු කරමු. සිංහල ජනතාවගේ විශ්වාසය දිනාගන්න අපි ඕනෑම දේශපාලන පක්‍ෂයකට සහාය දෙන්න සූදානම්. ශ්‍රීලනිප නිදහස් පක්‍ෂ ජ්‍යෙෂ්ඨ සාමාජිකයන්ට අපි කියන්නේ අපි එකට එකතු වෙමු. අපි එක්සත්ව කටයුතු කළහොත් අපිව වෙන් කරන්න බැරි වෙයි. 2015 ජනවාරි 8 ජනවරමට එරෙහිව කටයුතු කරන්න එපා කියලා මගේ පාර්ලිමේන්තු මිත්‍රයන්ගෙන් ඉල්ලා සිටින්න කැමැතියි.”



අදහස් (0)

විශ්වාසභංගයෙන් දේශපාලන වුවමනා ඉටුකරගන්න හදනවා

ඔබේ අදහස් එවන්න

පාර්ලිමේන්තුව

පාර්ලිමේන්තු රැස්වීම් හෙට සිට 12 දක්වා
2021 පෙබරවාරි මස 08 929 0

මෙම සතියේ පාර්ලිමේන්තු රැස්වීම් පෙබරවාරි 9 (හෙට) සිට 12 වැනිදා තෙක් පැවැත්වීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද(8) පාර්ලිමේන්තුවේද


සංචාරකයන් ගෙන්වීමෙන් සත පහක ආදායමක් නෑ
2021 ජනවාරි මස 07 3251 12

ගුවන් තොටුපළ සහ ගුවන් සේවා බද්ධ ඉවත්කරමින් යුක්රේන සංචාරකයන් ගෙන්වීමෙන් කිසිඳු ආදායමක් නොමැති බවත් එයින් රටත් සංචාරක කර්මාන්තයත් විනාශ වන බව ජාතික ජ


හිස්බුල්ලා පෙන්නලා බිල්ලා මවනවා
2021 ජනවාරි මස 07 2832 10

ශානි අබේසේකර සහ හිජාස් හිස්බුල්ලා වැනි පුද්ගලයන් පෙන්වා බිල්ලන් මවා ජාතිවාදය වපුරවමින් රට විනාශ නොකරන ලෙස සමඟ ජනබලවේග මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහත


යුක්රේනයෙන් සංචාරකයන් ගෙනල්ලා කොරෝනාව ගරානාවක් කරගෙන
2021 ජනවාරි මස 05 3700 7

කඩා වැටුණු ආර්ථිකයක් තිබෙන, කොරෝනා රෝගීන් ලක්‍ෂ 11 කින් 19,000 ක් මියගිය යුක්රේනයෙන් සංචාරකයන් ගෙන්වා රටත් ජනතාවත් විනාශ නොකරන ලෙස ජාතික ජනබලවේගය පක්‍ෂයේ


තැබෑරුම් බලපත්‍ර 75 ක් දීලා - සීනි ජාවාරමෙන් බිලියන 10 ක්
2021 ජනවාරි මස 05 3920 3

වර්තමාන ආණ්ඩුව පසුගිය කාලය තුළ අලුතෙන් තැබෑරුම් බලපත්‍ර 75 කට වැඩි සංඛ්‍යාවක් ලබාදී ඇති බවට මන්ත්‍රී නලීන් බණ්ඩාර ජයමහ මහතා මෙම වසරේ පළමු පාර්ලිමේන්තු


ශ්‍රී ලංකාවේ සියලුම නීතිවලට ගරුකරන්න විදේශිකයන්ට පිස්සු නෑ
2021 ජනවාරි මස 05 14451 53

ශ්‍රී ලංකාවේ සියලුම නීතිවලට ගරුකරමින් සංචාරය කිරීමට විදේශිකයන්ට පිස්සුවක් නොමැති බවත් සංචාරකයන්ට දින 14 ක් තිස්සේ කාමර ඇතුළට වී නිදියන්න නොහැකි බවත්


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 500 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 715 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2008 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site