(නාලක සංජීව දහනායක සහ ඩයනා උදයංගනී)
යුද හමුදාපතිවරයා ලෙස ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පත්කිරීම සම්බන්ධයෙන් ද්‍රවිඩ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.ශ්‍රීධරන් මහතා අද (20) පාර්ලිමේන්තුවේදී විරෝධය පළ කළේය.
මෙම පත්කිරීම හරහා දෙමළ ජනතාව ජීවත්වීමට තිබෙන අයිතිය අහිමි වී යන බවද මන්ත්‍රීවරයා කීය.
මන්ත්‍රීවරයා මෙසේද කීය.
‘‘දෙමළ ජනතාවගේ ඡන්දය ලබාගෙන මේ රටේ වෙනසක් ඇතිකරන්න බලය ලබාගෙන නැවැත ජනාධිපතිවරණයකට ඉදිරිපත් නොවන බව කී මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා දෙමළ ජනතාවට විරුද්ධව කටයුතු කළ ශවේන්ද්‍ර සිල්වා හමුදාපතිධූරයට පත්කර තිබෙනවා.
මෙම පත්කිරීම භයානක තත්ත්වයක්. මේ තුලින් රටේ තවත් ජනතාවකට නිදහසේ ජීවත්වීමට තිබෙන අයිතිය නැතිකර තිබෙනවා. දෙමළ ජනතාවට මේ රටේ ජීවත්වීමට අයිතියක් තිබෙන බව සිතන සිංහල නායකයන් සිටියයුතු බව අපේ අදහසයි.
නමුත් ශවේන්ද්‍ර සිල්වා හමුදාපති ධූරයට පත් කිරීමත් සමඟ ඊට වෙනස් දෙයක් අපිට පේනවා. නැවත නැවත යුද්ධ පරිසරයක් තුළ දෙමළ ජනතාව පීඩාවට පත්කරන, උතුරු නැගෙනහිර හමුදා පාලනයක් යටතේ තබාගෙන ඉන්නවා කියන හැඟීම ඉන් ලබාදී තිබෙනවා.
දෙමළ රජවරුන් මේ රටේ යුද්ධ කර තිබෙනවා. ශ්‍රී වික්‍රම රාජසිංහ කියන්නේ දෙමළ රජකෙනෙක්. ශිව දේවාල 05ක් මේ රටේ තිබෙනවා. මේවා ගණන් ගන්නේ නැතිව සියලු ඉතිහාසයන් විනාශ කිරීමට උත්සාහ කිරීම ඛේදනීය හා භයානක තත්ත්යක් යැයිද සඳහන් කළේය.
මෙම සතියේ පාර්ලිමේන්තු රැස්වීම් පෙබරවාරි 9 (හෙට) සිට 12 වැනිදා තෙක් පැවැත්වීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද(8) පාර්ලිමේන්තුවේද
ගුවන් තොටුපළ සහ ගුවන් සේවා බද්ධ ඉවත්කරමින් යුක්රේන සංචාරකයන් ගෙන්වීමෙන් කිසිඳු ආදායමක් නොමැති බවත් එයින් රටත් සංචාරක කර්මාන්තයත් විනාශ වන බව ජාතික ජ
ශානි අබේසේකර සහ හිජාස් හිස්බුල්ලා වැනි පුද්ගලයන් පෙන්වා බිල්ලන් මවා ජාතිවාදය වපුරවමින් රට විනාශ නොකරන ලෙස සමඟ ජනබලවේග මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහත
කඩා වැටුණු ආර්ථිකයක් තිබෙන, කොරෝනා රෝගීන් ලක්‍ෂ 11 කින් 19,000 ක් මියගිය යුක්රේනයෙන් සංචාරකයන් ගෙන්වා රටත් ජනතාවත් විනාශ නොකරන ලෙස ජාතික ජනබලවේගය පක්‍ෂයේ
වර්තමාන ආණ්ඩුව පසුගිය කාලය තුළ අලුතෙන් තැබෑරුම් බලපත්‍ර 75 කට වැඩි සංඛ්‍යාවක් ලබාදී ඇති බවට මන්ත්‍රී නලීන් බණ්ඩාර ජයමහ මහතා මෙම වසරේ පළමු පාර්ලිමේන්තු
ශ්‍රී ලංකාවේ සියලුම නීතිවලට ගරුකරමින් සංචාරය කිරීමට විදේශිකයන්ට පිස්සුවක් නොමැති බවත් සංචාරකයන්ට දින 14 ක් තිස්සේ කාමර ඇතුළට වී නිදියන්න නොහැකි බවත්
මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ශවේන්ද්‍ර සිල්වාගේ පත්වීම ගැන එස්.ශ්‍රීධරන්ගේ විරෝධය