මලයාලම් ජනප්‍රිය සිනමාව මේ කාලයේ අපේ රටේ සිනමාලෝලීන්ගේත් ප්‍රියතම සිනමාවක් බවට පත්ව ඇති බව රහසක් නොවෙයි. අද පිච්චැර් පිස්සා ලියන්න යන්නෙත් අලුත්ම මලයාලම් "ත්‍රිලර්" එකක් ගැනයි.
මේකෙ නම ඉංග්‍රිසියෙන් සඳහන් වෙන්නෙ Officer on Duty කියල යි. පසුගිය පෙබරවාරි මාසයේයි මෙය ප්‍රදර්ශනය ආරම්භ කළේ.
මේ වනවිට Rotten Tomatoes වෙබ් අඩවිය තුළ සියයට 91 ක මනාපයක් දිනාගන්න
Officer on Duty සමත් වෙලා තියෙනවා. මේ වසරේ මෙතෙක් තිරගත වූ මලයාලම් චිත්‍රපට අතරින් ආදායම් අතින් තුන්වැනි තැන සිටින්නේත් මේ සිනමාපටය යි.
මේකට ඇතුළත් වෙන්නෙ පොලිස් කතාවක් කියල කියන්න පුලළුවන්. මුලින්ම අපි දකින්නෙ පොලිස් නිලධාරියෙක් තමුන්ගෙ නිවෙස ඇතුළෙේ ගෙල වැලලා ගෙන දිවිනසා ගන්නා දර්ශනයක්. ජීවිතය නැති කරගන්න කලින් ඔහු තම කාමරයේ ලියන මේසයකට වාඩි වී ලියුමක් ලියන ආකාරයත් අපි දකිනවා. මෙය තමුන් දිවි නසා ගන්නා බව කියන ලියුමක් බවයි පේන්නෙ.
කෙසේ හෝ වේවා, පොලිස් නිලධාරියා ගෙල වැලලා ගන්නා ආකාරය හසු කරගන්නා කැමරාව කෙමෙන් හැරවෙන අතර එවිට අපට පෙනෙන්නේ තරුණ වියේ තුන්හතර දෙනෙකු ඒ ආසන්නයේ සිට ඔහු දිවිනසා ගන්නා අන්දම නරඹන ආකාරය යි. තරුණියන් දෙදෙනෙකුත් මේ අතර සිටිනවා.
මේ තරුණ පිරිස කවුද, නිලධාරියා ගෙල වැලලා ගන්නා දෙස ඔවුන් බලා සිටින්නේ මන්ද, නිලධාරියා ඔවුන් බලා සිටියදී දිවි නසා ගන්නේ ඇයි? මේ පිළිබඳ පසුබිම් කතාව කුමක්ද යන දැඩි කුතුහලය ප්‍රේක්ෂකයන් තුළ ඇති කරමිනුයි Officer on Duty ආරම්භ වන්නේ. එයින් පසු දිගහැරෙන්නේ නරඹන්නාව මොහොතකට හෝ ග්‍රහණයෙන් මුදා නොහරින ඉතා නාටකීය කතන්දරයක්.
අද මලයාලම් ජනප්‍රිය සිනමාව මෙවැනි කුතුහලය සහ ත්‍රාසය දනවන චිත්‍රපටවල කෙළිබිමක් බවට පත්ව ඇති බව අමුතුවෙන් කිව යුතු නැහැ. මේ කාරණයට අදාළ අතුරු කාරණා දෙක තුනක් ගැනත් මෙතැනදි සඳහන් කරන්න කැමතියි.
වර්තමාන සිනමා ප්‍රේක්ෂකයන්ගෙ චිත්‍රපට නැරඹිල්ලයි, මෙයට දශක කිහිපයකට පෙර ප්‍රේක්ෂකයන්ගෙ චිත්‍රපට නැරඹිල්ලයි අතරෙ ලොකු වෙනසක් තියෙනවා. ඒ කාලේ චිත්‍රපට ප්‍රදර්ශනය වුණේ සිනමා ශාලාවල විතරයි. චිත්‍රපටයක් බලන්න නම් ශාලාවකටම යන්න ඕනෑ . මේ පසුබිම තුළ බොහෝ දෙනෙක් චිත්‍රපට නැරඹුවෙ මාසෙකට සැරයක් හෝ මාස කීපයකට සැරයක් වගේ තමයි. එතකොට සිනමාව සාපේක්ෂ වශයෙන් ටිකක් දුරින් තිබුණු විනෝදයක්.
නමුත් රූපවාහිනිය, අන්තර්ජාලය ආවට පස්සෙ සහ සිනමාව ඩිජිටල්කරණය වුණාට පස්සෙ මේ තත්වය සම්පූර්ණයෙන් වෙනස් වුණා. රූපවාහිනිය හරහා, ඩීවීඩී හරහා, අන්තර්ජාලය හරහා, නෙට්ෆ්ලික්ස්, ඇමසන් වගේ ස්ට්‍රීමිං සේවා හරහා, වෙනත් වෙබ් අඩවි හරහා සිනමාව අපේ ඇඟිලි අග්ගිස්සට ආවා. සිනමාව ඉතා සමීප විනෝදයක් ලෙස වර්ධනය වන්නට පටන් ගත් අතර සතියට චිත්‍රපට තුන හතර නරඹන ප්‍රේක්ෂකයන් වගේම දිනපතා චිත්‍රපට බලන අයත් විශාල පිරිසක් අද ඉන්නවා.
මේ පසුබිම තුළ මෑත කාලයේ සිනමා වෙළෙඳපොළේ දැවැන්ත ප්‍රසාරණයක් සිදු වුණා. එතකොට මේ වෙළෙඳපොළ ග්‍රහණය කර ගැනීම සඳහා සිනමා කර්මාන්තයන් අතර ඉතා උණුසුම් තරගයක් ඇති වුණා. ප්‍රේක්ෂකයන් වඩ වඩාත් වසඟයට ගත හැකි අලුත් අලුත් මාදිලිවල නිර්මාණ බිහි කිරීමේ වුවමනාවක් චිත්‍රපට කර්මාන්තයට සම්බන්ධ පාර්ශ්ව තුළ ඇති වූ අතර මෙය සිනමා තිරකතා රචකයන්ට, අධ්‍යක්ෂවරුන්ට ඉතා අභියෝගාත්මක තත්වයක් ද වුණා. මෙම අභියෝගය ජයගත් අය සිනමාව තුළ වේගයෙන් ඉදිරියට යද්දී අනෙක් කර්මාන්තයන් කකුල් පැටලී ඇද වැටෙන්න පටන් ගත්තා. ලංකාවේ සිනමාවත් එහෙම කකුල් පැටලුණු සිනමාවක් කියල කියන්න පුළුවන්. කලක් ඉතා සාර්ථක සිනමා කර්මාන්තයක් වූ බොලිවුඩ් සිනමාව පවා මේ අභියෝගය හමුවේ ටිකක් හෙල්ලුම් කෑවා.
මලයාලම්, තෙලිගු, දෙමළ සහ කන්නඩ වැනි දකුණු ඉන්දියානු සිනමා කර්මාන්තයන් මේ අභියෝගය වඩා සාර්ථකව ජය ගන්නට සමත් වූ කර්මාන්තයන් හැටියට හඳුන්වන්න පුළුවන්. ඔවුන් අලුත්, තරුණ ප්‍රේක්ෂක ප්‍රජාව ගේ " රසවින්දන නිල" හරියටම අල්ලන්න සමත් වී ඇති බව පෙනෙනවා. එහිදී සිනමාව තුළ කතන්දර කීමේ කලාවෙභි අලුත් නිර්මාණාත්මක මෙහෙයුම්වල ඔවුන් නිරත වන ආකාරය දැකගත හැකියි. ප්‍රේක්ෂකයන් ග්‍රහණයට ගෙන ඇදබැඳ තබා ගත හැකි සිනමා කතන්දර ගොඩ නගන්නට ඔවුන් සුවිශේෂී සමත්කමක් දක්වනවා. එහිදී ඔවුන් කටයුතු කරන්නේ බහුතර ප්‍රේක්ෂකයාගේ රස වින්දන ශක්‍යතා ගැන මෙන්ම සීමාවන් ගැන ද මනා අවබෝධයකින් යුතුවයි. මේ තුළින් ඔවුන් වර්තමාන ජනප්‍රිය සිනමාව තුළ අලුත් ඉසව් සොයා පාදා ගන්නට සමත්ව සිටින බව සඳහන් කළ හැකියි.
මෙහි දී ඔවුන් වර්තමාන ප්‍රේක්ෂකයාට සමීප සහ ඔවුන්ට අදාළ කාලීන සමාජ, දේශපාලනික, සංස්කෘතික ආදී ප්‍රස්තුතයන් ද වැඩි වැඩියෙන් සිය කතන්දරවලට පාදක කරගන්නා ආකාරය දැකගන්නට පිළිවන්. මේ හරහා මෙම සිනමාකරුවන් ඉහත කී සමාජ, දේශපාලනික, සංස්කෘතික ආදී කාරණා පිළිබඳව ජනප්‍රිය තලයේ සංවාදයකට ප්‍රේක්ෂකයන් සහභාගි කර ගන්නවා.
Officer on Duty චිත්‍රපටයත් මේ සියලු ගතිගුණ ගැබ් කරගත් සිනමාපටයක් ලෙස හඳුන්වන්න පුළුවන්. මෙයට පසුබිම් වන්නේ අද බොහෝ රටවලට විශාල බලපෑමක් කර ඇති මත් ද්‍රව්‍ය උවදුරට අදාළ කතාවක්. මත් ද්‍රව්‍යවලට ගොදුරු වූ තරුණ කණ්ඩායමක් පසුබිම් කරගෙන කුතුහලය, ත්‍රාසය දනවන වේගවත් කතාවක් ප්‍රේක්ෂකයා වෙත ගෙන එන්න Officer on Duty සමත් වෙනවා.
ජිතු අෂ්රෆ් විසින් අධ්‍යක්ෂණය කරන ලද මේ චිත්‍රපටයෙන් කියැවෙන්නෙ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ තරුණ මිතුරු පිරිසක් සහ මානසික අසමතුලිතතාවකින් පෙළෙන පොලිස් නිලධාරියකු අතර ඇති වන ගැටුමක් ගැනයි. හරිශංකර් නමැති මෙම පොලිස් නිලධාරියාගේ චරිතයට පණ දෙන්නේ මලයාලම් සිනමාවේ දක්ෂ, සම්මානනීය නළුවකු වන කුන්චාකෝ බොබාන්. තවත් ජනප්‍රිය නිළියක වන ප්‍රියමානිත් මීට රංගනයෙන් දායක වන අතර ඇය රඟපාන්නේ හරිශංකර් ගේ බිරිඳ හැටියට යි.
Officer on Duty චිත්‍රපටයේ එන මත්ද්‍රව්‍ය ලෝලීන් පාසල් සිසුන්ට ද මත්ද්‍රව්‍ය විකුණන පිරිසක්. එමෙන්ම ඔවුන් තරුණියන් මත්ද්‍රව්‍යවලට යොමු කරගෙන ලිංගික අපරාධ ද සිදුකරන අතර සොරකම්, මිනීමැරුම් වැනි අපරාධවලත් නියැළෙනවා. මේ ඔස්සේ වර්තමාන මත්ද්‍රව්‍ය උවදුරේ බිහිසුණු බව පිළිබඳ කම්පනයක් ප්‍රේක්ෂකයා තුළ ඇති කිරීමට චිත්‍රපටය සමත් වෙනවා.
අනෙක් පැත්තෙන් මේවාට එරෙහිව පියවර ගැනීමට සිටින පොලිස් නිලධාරීන්ගේ නොපනත්කම් ගැනත් චිත්‍රපටයෙන් කියැවෙනවා. වරක් අත්අඩංගුවට පත්වන මත්ලෝලීන්ගේ කණ්ඩායමේ සිටින තරුණියන් දෙදෙනෙකු ජෝසප් නමැති පොලිස් නිලධාරියා විසින් දූෂණය කරනු ලබනවා.
මෙවැනි කාරණා ඔස්සේ දිග හැරෙන සාර්ථක ජනප්‍රිය චිත්‍රපටයක් නිර්මාණය කිරීමට චිත්‍රපට කණ්ඩායම සමත් වී ඇති බව පැවසිය හැකියි.
නමුත් චිත්‍රපටයේ ප්‍රධාන සීමාවන් කිහිපයකුත් දැක ගන්නට ලැබෙනවා.
ජනප්‍රිය සිනමාවේ බොහෝ චිත්‍රපටවල ප්‍රධාන ලක්ෂණයක් වන්නේ වීරයන් සහ දුෂ්ටයන් ගොඩ නැගීමයි. වඩාත් භාවාතීශය බවක්, උද්වේගකර බවක්, නාටකීය බවක් චිත්‍රපට තුළ ඇති කරන්නේ මේ වීරයා/ දුෂ්ඨයා ගැටුම හරහා යි.
Officer on Duty චිත්‍රපටයේ වීරයා අවංක, එඩිතර පොලිස් නිලධාරියකු වන අතර දුෂ්ටයන් වන්නේ මත්ද්‍රව්‍ය ලෝලී තරුණ පිරිසක්. චිත්‍රපටය මේ දුෂ්ටයන් ගොඩ නගන්නේ අතිශයින් දරුණු, බිහිසුණු, හොඳ නරක නොසලකන , සමාජයෙන් අතු ගා දැමිය යුතු පිරිසක් හැටියටයි. මෙය අපට සැලකිය හැක්කේ මත්ද්‍රව්‍ය ලෝලීන් පිළිබඳව සමාජයේ පවතින අධිපති සෘණාත්මක ආකල්පයම නැවත තහවුරු කිරීමක් ලෙසයි.
මත්ද්‍රව්‍යවලට කෙනෙකු යොමු වන්නට බලපාන බොහෝ සාධක තිබිය හැකියි. නිදසුනක් ලෙස ආර්ථික විසමතා, සමාජ සංස්කෘතික විසමතා ආදිය නිසා කෙනෙකු තුළ ඇති වන ඉච්ඡාභංගත්වයෙන්, කලකිරීමෙන්, මානසික අවපාතයෙන් ගොඩ එන්නට ඒ තැනැත්තා උදව්වට ගන්නේ මත්ද්‍රව්‍ය වෙන්න පුළුවන්. යෞවනයකු, තරුණයකු මීට යොමුවන්නේ අලුත් අත්දැකීම් ලබන්නට එම වයසේ දී ඇතිවන පෙළඹීම නිසා සහ කූඨ ජාවාරම්කරුවන් ඔවුන් ගොදුරු කර ගැනීම නිසා විය හැකියි. මේ නිසා මත් ද්‍රව්‍යලෝලීන් දෙස වඩාත් මානුෂික ආකල්පයකින් බලනු විනා ඔවුන් සමාජයෙන් තුරන් කර දැමිය යුතු පිරිසක්ය යන ආකල්පයක් තහවුරු කිරීම ගැටලුකාරීයි. Officer on Duty තුළින් සිදුවන්නේ ඉහත කී දෙවැනි ආකල්පය නැවත තහවුරු කිරීමක්. මෙය චිත්‍රපටයේ වීරයා/ දුෂ්ටයා නිර්මාණය කීරීම තුළ දැකිය හැකි සීමාවක් ලෙස සැලකිය හැකියි.
හරිශංකර් නැමැති "වීරයා" අවසානයේ ඔහුගේ වීර ක්‍රියාදාමය අවසන් කරන්නේ මේ "දුෂ්ටයන්" පිරිස මරා දැමීම මගිනු යි. එය නීතියට පිටින් සිදුවන (extra judicial ) ඝාතනයක් වීමත් බරපතළ කාරණයක්. Officer on Duty අවසානයේ කියාපාන්නේ පොලිසිය නීතියට පිටින් ගොස් හෝ මෙවැනි "අධමයන්" ඉවරයක් කිරීම ප්‍රශ්නයක් නැති බව යි . මේවා චිත්‍රපටය තුළ ඇති දරුණු සීමාවන් හැටියටයි සැලකිය හැකි වන්නේ.
අද මෙම සටහන මේ දිනවල ඉන්දියාව තුළ ලොකු ආන්දෝලනයක් ඇති කර තිබෙන චිත්‍රපටයක් ගැනයි. මේ සිනමාපටයේ නම ’’චාවා’’ (Chhaava).
ඇමෙරිකාවේ රාත්‍රි සමාජ ශාලාවක වැඩ කරන ලිංගික ශ්‍රමිකයකු සහ බිලියනපති ව්‍යාපාරිකයකුගේ තරුණ පුතකු අතර ඇති වන ලිංගික ආදර සම්බන්ධයක් තමයි මේ චිත්‍රපටයට
මලයාලම් ජනප්‍රිය සිනමාව මේ කාලයේ අපේ රටේ සිනමාලෝලීන්ගේත් ප්‍රියතම සිනමාවක් බවට පත්ව ඇති බව රහසක් නොවෙයි. අද පිච්චැර් පිස්සා ලියන්න යන්නෙත් අලුත්ම මල
නාග චෛතන්‍යා සහ සායි පල්ලවි දකුණු ඉන්දියානු සිනමාවෙ ජනප්‍රියම නළු නිළි දෙපලක් බව අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. මේ දෙන්නට වහ වැටුණු රසික රසිකාවියන් වි
ඊයේ හවස වැස්ස වෙලාවෙ ගෙදට්ට වෙලා අපූරු චිත‍්‍රපටයක් බැලුවා. නම I’m Still Here( මම තාම මෙතැන) මේක බ‍්‍රසීල සිනමා නිර්මාණයක්.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
මලයාලම් සිනමා ලෝලීන්ගේ හද බැඳගත් Officer on duty