The Wayback Machine - https://www.lankadeepa.lk/

පිපාසයට දිය බිදක් ඉල්ල රජරට සරසවි සිසුවෝ විරෝධයක

(දයාරත්න ඇඹෝගම)

ජල ගැටළුව ඇතුළු ඉල්ලිම් කිහිපයක් ඉෂ්ඨ කරදෙන ලෙස ඉල්ලා රජරට විශ්ව විද්‍යාලයේ සිසු සිසුවියන් පිරිසක් විශ්වවිද්‍යාලීය භුමියේ පරිපාලන ගොනැගිල්ල ඉදිරිපිට අද (18) විරෝධතා ව්‍යාපාරයක නිරත වුහ.

විශ්වවිද්‍යාලීය සිසුන් හට පානීය ජලය හා එදිනෙදා අවශ්‍ය ජල පහසුකම් නොමැතිවිම, නේවාසික පහසුකම් නොමැතිවිම හා ආපන ශාලාවල ආහාර මිල අධික විමේ හේතුවෙන් එම අවශ්‍යතාවන් කඩිනමින් සපුරා දෙන ලෙස ඉල්ලා එම සිසුන් මෙසේ උද්ඝෝෂණයක නිරතවිය.

රජරට විශ්වවිද්‍යාලයේ සිසු සිසුවියන් පෙලපාලියෙන් පැමිණ පරිපාලන ගොඩනැගිල්ල ඉදිරිපිටදි උද්ඝෝෂණයේ නිරත වුහ.

උද්ඝෝෂණයේ නිරතවු මෙම සිසුවියන් පිරිසෙන් නියෝජිතයන් පිරිසක් හා රජරට විශ්ව විද්‍යාලයේ වැඩබලන උපකුලපති ජනක පුෂ්පකුමාරමහතා හා පාලක සභාවේ නිලධාරින් පිරිසක් සමග මෙම ගැටළු සම්බන්ධයෙන් පැය කිහිපයක් තිස්සේ සාකච්ජා කළද ඒවාට නිසි පිළිතුරක් නොලැබුන බව රජරටවිශ්ව විද්‍යාලයේ මහ ශිෂ්‍ය සංගහයේ සභාපති යොහාන් කවිෂ්කගේ පැවසිය.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් රජරටවිශ්ව විද්‍යාලයේ මහ ශිෂ්‍ය සංගහයේ සභාපති යොහාන් කවිෂ්කගේ මේසේ පැවසිය.

“දිර්ඝ කාලයක් තිස්සේ විශ්ව විද්‍යාලීය සිසුන්ට නේවාසික පහසුකම් නැහැ. ජල පහසුකම් නැහැ, ආපන ශාල තුනක් පැවැතියත් දෙකක් වහලා. පවත්වාගෙන යන්නේ එක් ආපන ශාලාවක් පමණයි. එම ආපන ශාලාවේත් ආහාර මිල අධිකයි.”මේ සදහා නිසි විසදුමක් කඩිනමින් නොලැබුන හොත් ඉදිරියේදි ශිෂ්‍යයන් සමග දිර්ඝ විරෝධතාවක නිරතවන බවත් ඔහු පැවසිය.