IMG-LOGO

2025 අප්‍රේල් මස 19 වන සෙනසුරාදා


අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල අඩුවෙලා : තරමක් වැඩිවී ඇත්තේ පොල් මිල පමණයි

(සුජිත් හේවාජුලිගේ සහ ආරියරත්න රණබාහු)


අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල අඩු වී ඇතැයි ද තරමක් වැඩි වී ඇත්තේ පොල් මිල පමණකැයි ද මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (21) පැවැසීය.

වේත්‍රධාරි අනිල් පරාක්‍රම සමරසේකර මහතා සෙංකෝලය තැන්පත් කිරීමෙන් පසුව කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව ඊයේ (21) උදේ 10.00ට රැස්විය.

වාර්තා හා ලිපි ලේඛන පිළිගැන්වීමෙන් පසුව මන්ත්‍රීවරුන් අසා තිබූ ප්‍රශ්නවලට අදාළ ඇමැතිවරු පිළිතුරු දුන්හ.
1990 සුවසැරිය පදනම පනත් කෙටුම්පත පිළිබඳ දෙවැනි වර කියැවීමේ විවාදය අරඹමින් ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මෙසේ පැවැසීය.

මේක ගිලන් රථ සේවාවක් පමණක් නොවෙයි. ක්ෂූද්‍ර රෝහලක්. අපේ රටේ මෙවැනි දෙයක් මීට පෙර තිබී නැහැ. අප මේ සේවය සමග සංවර්ධිත රටක් බවට පත් වෙනවා. ඇමෙරිකාවේ සේවයටත් වඩා ඉහළයි. මේක පටන් ගනිද්දී ලොකු චෝදනා ආවා. සමහරුන් ද්වේෂ සහගතව කතා කළා. මේවාට නගින්න එපා කියලත් කිව්වා. අප මේ ගිලන් රථ පොලිස් ස්ථානවල නවත්වන්න තීරණය කළා. ඒක තමයි හරි තීරණය. මේ ගිලන් රථවලට දුරකතන ඇමතුම් පන්ලක්‍ෂ අසූ හතර දහස් පන්සිය විස්සක් ලැබිලා තියෙනවා. අද සාමාන්‍ය ජනතාව මේ ගිලන් රථවලට වන්දනාමාන කරන තත්ත්වයක් ඇතිවෙලා. දරුවො 27 දෙනෙක් මේ ගිලන් රථවල බිහිවෙලා තියෙනවා. 1990 සුවසැරිය විශිෂ්ට සේවාවක් කරනවා. හොඳ දේට හොඳයි කියන්න.

සුරාබදු ආඥා පනතේ නිවේදන (අංක 1 හා 2) දෙවැනිවර කියැවීමේ විවාදය අරඹමින් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා මෙසේ කීය.

මේ රටේ ආදායම වැඩි කරන්න අප විවිධ ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා. අපේ ආදායමින් සියයට 82ක්ම ලැබෙන්නේ වක්‍ර බදුවලින්. සෘජු ආදායම් බදු ගහන්නේ සියයට 18ක් පමණයි. මෙහය අසාධාරණ පිළිගත නොහැකි තත්ත්වයක්. සෘජු බදු ප්‍රමාණය වැඩ කරගත යුතුයි. නව බදු ලිපි ගොනු 69,000 ක් අලුතින් විවෘත වී  තිබෙනවා. දැන් තියෙන වැට් බද්ද වැඩියි. ටි්‍රලියන 1.9 ක් මේ අවුරුද්දේ අප ණය ගෙවනවා. වැඩි ප්‍රමාණයක් 2015 ට කලින් ගත්තු ණය. අප අද ණය කළමනාකරණය කරගෙන යනවා. අත්‍යවශ්‍ය භාණ්ඩ මිල අඩුයි. පරිප්පු අඩුයි. පොල් මිල ටිකක් වැඩි බව පිළිගන්නවා. සියලු පිළිකා රෝගීන්ට ජීවිතාන්තය දක්වා ප්‍රතිකාර දෙනවා. ඖෂධ 48 ක මිල අඩු කළා. නොමිලයේ ගිලන් රථ සේවය ඇරඹුවා. ළමා ගිණුම්වලින් බදු අය කරන්නේ නැහැ. ඒ සංශෝධනයත් අප ගේනවා. 

නියෝජ්‍ය කාරක සභා සභාපති සෙල්වම් අඩෙයිකලනාදන් මහතා මුලසුනට පැමිණියේය. 

ජාත්‍යන්තර වෙළද හා ක්‍රමෝපාය සංවර්ධන අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා-

ලංකාව රේගු ආඥා පනතට ඇතුළත් වී ඇති රටක් විදියට ඒ නීතිමය තත්ත්වය අනුව කටයුතු කරන්න බැඳී සිටිනවා. රේගු සාමූහික සභාව කාලයක් පුරා කටයුතු කර ඇති ආයතනයක්. මෙම පද්ධතිය තාක්ෂණයට අනුව වෙනස් කර තිබෙනවා.

යාපනය දිස්ත්‍රික් මන්ත්‍රී එස්. සිරිතරන් මහතා. (දෙ.ජා.සං.)

තැපැල් වර්ජනය නිසා පින් පඩි ගන්න ජනතාව දුෂ්තරතාවන්ට පත්වෙලා. තැපැල් වර්ජනය විසඳන්නෙ නැත්තේ ඇයි? ආනන්ද සුදාකරන්ගේ දරුවන් පියා එනකම් බලාගෙන ඉන්නවා. ඔහු නිදහස් කරන්න බැහැ කියලා ජනාධිපතිතුමා කිව්වා. හිටුපු ආණ්ඩුව දෙමළ ජනතාව ඝාතනය කළා. තවම දේශපාලන විසඳුමක් නැහැ. මේ ආණ්ඩුව ඒක කළේ නැහැ. යුද්ධයක් ඇති නොවන්නේ ඒක කළොත් විතරයි. 

මුදල් රාජ්‍ය ඇමැති ඉරාන් වික්‍රමරත්න මහතා- 

හර්ෂ ඇමැතිතුමා උතුරට මේ ගිලන් රථය අවශ්‍ය ද නැද්ද කියලා ඇහුවා. මම ඒකට එකඟ නැහැ. ඒ සේවය දෙන්නේ උතුරේ සිරිතරන්ට පමණක් නොවෙයි. උතුරේ වගේම දකුණේ ජනතාවගේත් අයිතිවාසිකම් ආරක්ෂා විය යුතුයි.

පත් කළ මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා (ජවිපෙ)-

ගිලන් රථ සේවය ව්‍යාප්ත කිරීම හොඳ දෙයක්. සුවසැරිය 20 වැනි සංශෝධනය යටතේත් ජනාධිපති යටතේ තියේවි කියලා බලාපොරොත්තු වෙනවා. ජනතාව කන බොන විදිය බලන්න මහ පාරට බහින්න ඕන. 75ට තියෙන පොල් ගෙඩිය හිරමරණයට දාන්න බැහැ. හිරමනේ ළඟ තියාගෙන උරච්චි කරන්න නම් පුළුවන්. අද ජනතාවට කන්න විදියක් නැහැ. හාල්, එළවළු මිල නැගලා. හාල් සියයකට වැඩියි. ජීවන වියදම උහුලන්නම බැහැ. 
දිවා විවේකය සඳහා සභාව පස්වරු 1.30 දක්වා කල් තැබිණ.

දිවා විවේකයෙන් පසුව නියෝජ්‍ය කාරක සභාපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සභාව පස්වරු 1.30ට යළි රැස්වීය.

වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ රාජ්‍ය ඇමැති පාලිත රංගේ බණ්ඩාර මහතා- 

සුවසැරිය ගිලන් රථ ලොකු සේවයක් වෙනවා. එදා මේකට පහර ගහපු අය අද නිහඬයි. සමහර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෝ ජනමාධ්‍ය ආයතන පවා මිලදී ගත්තා. දුමින්ද සිල්වා හිටපු මන්ත්‍රීවරයාටත් මත්කුඩු චෝදනා තිබුණා. ඔහු වෙලේ සුදාගෙන් මාසයකට ලක්ෂ 25ක් ගත්තා කියලා ප්‍රකාශ වුණා. කුඩු ජාවාරම්වලින් උපයාගත්ත සල්ලිවලින් රුපවාහිනි ආයතන මිලදී ගත්තද කියල හෙව්වේ නැහැ. මෙතැනින් එහාට විමර්ශනය ගියේ නැහැ. මම පොලිස්පතිවරයාගෙනුත් මේ ගැන ඇහුවා. පිළිතුරක් ලැබුණේ නැහැ. පැත්ත ගියත් ඇත්ත කියන අයට මේවා පේන්නේ නැහැ.

හේෂාන් විතානගේ මහතා (එජාප) මුලසුනට පැමිණියේය.

යාපනය දිස්ත්‍රික් මන්ත්‍රී ඩග්ලස් දේවානන්ද මහතා (ඊපීඩීපී)-

සුවසැරිය තම දෙමළ ජනතාවට තේරුම් ගන්න පුළුවන් විදියට වෙනස් කරලා දෙන්න. 

මොනරාගල දිස්ත්‍රික් මන්ත්‍රී පද්ම ශාන්ත ගුණසේකර මහතා (එජනිස)-

ඔබලා මේ පාර කපන්නේ සුපිරිසිදු සෞඛ්‍ය සේවයකටද? මේකට කවදා හරි රෝගීන්ගෙන් මුදල් අය කිරීමක් වෙනවාද? මේ එන්නේ අනාගත පෞද්ගලීකරණයේ දිසාවයි.

ඇමැති හර්ෂ ද සිල්වා මහතා-

අප කවදාකවත් මුදල් අය කරන්නේ නැහැ. මේක රජයට අයත් සේවාවක්.

රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන නියෝජ්‍ය ඇමැති එම්.එච්.එම්. හාරිස් මහතා-

මේ සේවය අම්පාර ප්‍රදේශවලටත් දෙන්න. ඉන්දියාවේ සාර්ථකව ක්‍රියාත්මක වන වැඩසටහනක්. මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන්ට ඇතැම් නිලධාරීන් උදව් කරනවා. ඔලුවිල් ප්‍රදේශයේ කර්මාන්ත පුරයක් ඇති කරන්න.

රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී හේෂාන් විතානගේ මහතා (එජාප)-

විපක්ෂය ගිලන් රථ සේවයෙන් ආණ්ඩුවට ගහන්න බැලුවා. නමුත් වැඬේ වැරදුණා. මේක වැරදි විදියට දකින කුහක මන්ත්‍රීවරුන් තවමත් මේ සභාවේ සිටිනවා. මේකෙ වාසිය එන්නේ දුප්පතුන්ටයි. ගිලන් රථ සේවයෙන් ඉන්දියාවේ රෝ ඔත්තු සේවය එනවා කියලා එදා බොරුවට කෑ ගැහුවා. ගිලන් රථ සේවය පරිත්‍යාගයක්. සුවසැරියේ සේවය කවුරුත් අගය කළ යුතුයි. ගලගොඩඅත්තේ හිමියන් සිරගතවීම ගැන අපටත් දුකක් තියෙනවා. ඒ දුක බුද්ධ චීවරය නිසයි. 

වන්නි දිස්ත්‍රික් මන්ත්‍රී චාල්ස් නිර්මලනාදන් මහතා (දෙජාස)-

මෘත දේහ රැගෙන යෑමට අපේ ප්‍රදේශවල දුෂ්කරතා තියෙනවා. රුපියල් හත් අට දාහක් අවශ්‍ය වෙනවා. මෘත ශරීර නිවෙසට ගෙන යන්නත් මෙවැනිම වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කරන්න. 

කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී තුෂාර ඉදුනිල් මහතා (එජාප)-

දරුවෝ 27ක් මේ ගිලන් රථවල ප්‍රසූත කරලා තිබුණා. ඉතින් නරකද සුවසැරියට සමහරු ඔරොප්පුයි. හරිම කැතයි. ඉන්දියාව හදන්නේ අපේ ආයුර්වේදය විනාශ කරන්න කියලා පද්ම උදයශාන්ත මන්ත්‍රීතුමා කිව්වා. ආයුර්වේදය ආවෙත් ඉන්දියාවෙන් කියලා එතුමා නොදන්න එක කනගාටුදායකයි. 

මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී ආනන්ද අලුත්ගමගේ මහතා (එජාප)-

අපේ රටේ අධ්‍යාපන තත්ත්වය හොඳ මට්ටමක පවතිනවා. සෞඛ්‍ය සේවයත් හොඳයි. අද පාර්ලිමේන්තුව වැඩි කාලයක් ගත කරන්නේ ජනතාව වෙනුවෙන් නොව මන්ත්‍රීවරුන් 225 දෙනාගේ ප්‍රශ්න ගැන කතා කරන්නයි. දූෂණ ගැන එක එක්කෙනාට චෝදනා කර ගන්නවා.

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා-

කිසිම රටක් නිකන් යමක් දෙන්නේ නැහැ. නිකන් දීපූ දේවල් තිබුණා. පරිත්‍යාග ලැබුණා. අප රටක් විදියට සිතිය යුතුයි. පළාත් සභා රෝහල්වල අඩුපාඩු රාශියක් තියෙනවා. අද රෝහල්වල බෙහෙත් පෝලිම් නැහැ. බෙහෙත් මිල අඩු කළා. පැනඩෝල් පෙත්ත අරගෙන බලන්න. ලෙඩාගේ බර මේ රජය බාර ගත්තා. රජය සැලකිය යුතු වැඩ කොටසක් කළා. අප කිසිම රටකට යටත් වන්නේ නැහැ. රට පාවා දෙන්නේ නැහැ. සමහර වැඩ වර්ජන සාධාරණයි. දේශපාලන වුවමනාවලට කරන වැඩ වර්ජනවලට විසඳුම් දෙන්න බැහැ. මේ රජය මිනී මරන්නේ නැහැ.

මඩකළපුව දිස්ත්‍රික් මන්ත්‍රී එස්. යෝගේෂ්වරන් මහතා (දෙජාස)-

පාසල් දරුවන් අතරේ මත්පැන් පාවිච්චිය වැඩිවෙලා තියෙනවා. සංචාරක ව්‍යාපාරය කියමින් මඩකළපුවේ මත්පැන් අලෙවි සල් විවෘත වෙනවා. මේක ආක්‍රමණයක්. මහ බැංකු සිද්ධිය කතා කළත් ඇලෝසියස්ගේ මඩකළපුවේ අරක්කු කම්හල ගැන කවුරුත් කතා කරන්නේ නැහැ. ඒ කම්හල ස්ථිරයෙන්ම වැසෙන්න ඕන. වාලච්චේන කඩදාසි කම්හල විවෘත කරන්න.

පොලොන්නරුව දිස්ත්‍රික් මන්ත්‍රී සිඞ්නි ජයරත්න මහතා (එජාප)-

ඉන්දියාවේ හමුදා භටයෝ 1500ක් අපේ යුද්ධය වෙනුවෙන් ජීවිත පූජා කළා. ඔවුන් කළ සේවය අගය කළ යුතුයි. සුව සැරිය අද ජනප්‍රියයි. දුෂ්කර දිස්ත්‍රික්කවලටත් මේ සේවය ගේන්න.

මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී දිළුම් අමුණුගම මහතා (එජනිස)-

ඉන්දියාව ගැන අපට ලොකු බයක් නැහැ. නමුත් සිංගප්පූරු ගිවිසුම හොර රහසේ අස්සන් කිරීම ගැන සැකයක් පවතිනවා. එහෙනම් හංගන්නේ මොකටද? මාධ්‍යයටත් හැංගුවා. එට්කා ගිවිසුමෙන් කර ගන්න බැරිවුණු දේ සිංගප්පූරු ගිවිසුමෙන් කර ගත්තා. ගිවිසුම ගැන මේ සභාවේ මන්ත්‍රීවරුන්ටත් කොළේ වැහුවා.

වෛද්‍ය තුසිතා විජේමාන්න මහත්මිය (එජාප) මුලසුනට පැමිණියාය.

නුවරඑළිය දිස්ත්‍රික් මන්ත්‍රී කේ.කේ. පියදාස මහතා (එජාප)-

මේ ගිලන් රථ සේවයෙන් රටට රැකියා ප්‍රමාණයක් ලැබුණා. අප මේ සේවය රට පුරා ගෙන යනවා. කඳුකරේ මේ වැඩපිළිවෙළ ඉක්මණින් ආරම්භ කරන්න කියලා ඉල්ලනවා. 

ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා (එජාප)-

ගිලන් රථ සේවය සාර්ථක වැඩ පිළිවෙලක්. ලොකු පුණ්‍ය කර්මයක්. ඒ සඳහා රජයට ස්තූතිය පුද කරනවා. අද රටෙන්ම මේ සේවාව ඉල්ලනවා. සෞඛ්‍ය සේවයේ විප්ලවීය වෙනසක් කළ අවස්ථාවක.් නමුත් මේ ගැන ප්‍රචාරය නම් මදි.

පුත්තලම් දිස්ත්‍රික් මන්ත්‍රී අශෝක ප්‍රියන්ත මහතා (එජාප)-

ගිලන් රථ 88 කින් මේ වැඩපිළිවෙළ ඇරඹුණා. මේකෙන් පන්සිය ගණනකට රැකියා ලැබුණා. දුප්පත් ජනතාවට සෙත සැලසුණා.

නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතා මුලසුනට පැමිණියේය. 

අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී ඉෂාක් රහුමාන් මහතා (එජාප)-

පදවිය මූලික රෝහලේ තවම පහසුකම් නැහැ. දොස්තරවරු නැහැ. ගොඩනැගිලි නැහැ. අනුරාධපුර ආසන හතේ අඩුපාඩු තියෙනවා. අප කවුරුත් එකතු නොවුණහොත් ඩොලරය 200ට ගිහින් නවතීවි. නිෂ්පාදනය වැඩි නොකර රුපියල වැටෙන එක පාලනය කරන්න බැහැ.

නියෝජ්‍ය කාරක සභා සභාපති සෙල්වම් අඩෙයිකලනාදන් මහතා-

පාර්ලිමේන්තුවේ සේවය කර විශ්‍රාම ගිය නිලධාරීන්ට සුබ පතනවා. ආහාරපාන අංශයේ සුරේෂ් මැතිතුමා මිය ගියා. එතුමා සිහිපත් කරනවා. 

අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී චන්දිම ගමගේ මහතා (එජාප)-

ගිලන් රථ 209 ක් තව ලැබෙන්න තියෙනවා. රටේ අනෙකුත් දිස්ත්‍රික්කවලටත් ගිලන් රථ යවනවා. අනුරාධපුරයෙන් 36 දෙනකු ගිලන් රථ සේවයට බඳවා ගත්තා.

දිගාමඩුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී එම්.එම්.එම්. මන්සූර් මහතා (එජාප)-

රජය අම්පාරේ මුස්ලිම් ජනතාවගේ ඉඩම් ප්‍රශ්නය විසඳිය යුතුයි. සුදුසු තැන්වල ඉඩම් දිය යුතුයි. මේ ප්‍රශ්නවලට සහාය නොදුන්නොත් මුස්ලිම් කොන්ග්‍රසය රජයට දෙන සහාය ඉල්ලා අස්කරගන්න සිදුවෙනවා. 

මඩකලපුව දිස්ත්‍රික් මන්ත්‍රී ශ්‍රී නේෂන් මහතා (දෙජාස)-

මත්ද්‍රව්‍ය අපරාධවලට ප්‍රධාන හේතුවයි. මත්ද්‍රව්‍ය නිසා ජනතාව දුප්පත් වෙනවා.

විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා-

සුවසැරිය වෙනුවෙන් කටයුතු කරපු සියලුම දෙනාට ස්තූතිය පුද කරනවා. මේ ගිලන් රථවල සේවය කරන්නේ ශ්‍රී ලාංකිකයන්. ඉන්දියාව ඒ අයට පුහුණුව දෙනවා. මේ වැඩපිළිවෙළ දිගටම යන්න ඕන. එහෙම නොවුණහොත් අනාගතයේදී දිරාගිය ගිලන් රථ ටිකක් ඉතිරි වේවි. ඇතැම් නායක හිමිවරුන් මේ රටට හිට්ලර්වරු ඉල්ලනවා. හිට්ලර්ලාට මේ රට ගොඩනගන්න පුළුවන්ද? මේ රට ප්‍රජාතන්ත්‍රවාදයෙන් ගොඩනගන්න පුළුවන්. 

නුවරඑළිය දිස්ත්‍රික් මන්ත්‍රී එම්. තිලකරාජා මහතා (එජාප)-

ගිලන් රථ සේවය වතුකර ප්‍රදේශවලටත් දෙන්න. ඉන්දියා රජයට ස්තූතිවන්ත වෙනවා.

පරසර නියෝජ්‍ය ඇමැති අජිත් මාන්නප්පෙරුම මහතා-

එදා මම දකුණු අධිවේගී මාර්ගයේදී අනතුරට ලක්වුණා. ගිලන් රථයක් එන්න විනාඩි 45ක් විතර ගියා. කලින් ආවා නම් මට මගේ කකුල බේරා ගන්න ඉඩ තිබුණා. මෙවැනි වැදගත් සේවාවක් හඳුන්වාදීම ගැන රජයට ස්තූතිවන්ත වෙනවා. මේ වැඩපිළිවෙළ විවේචනය කළේ නුගතුන් නොවෙයි. ඉගෙන ගත්තු 
වෛද්‍යවරුන් පවා මේක විවේචනය කළා. සුවසැරිය රට ලැබූ ජයග්‍රහණයක්.  
පනත් කෙටුම්පත නිවේදන සම්මත විය.
පාර්ලිමේන්තුව අද (22) උදේ 10.00ට යළි රැස්වීමට නියමිතය.

 



අදහස් (3)

අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල අඩුවෙලා : තරමක් වැඩිවී ඇත්තේ පොල් මිල පමණයි

chandulee lehansha Friday, 22 June 2018 01:19 PM

ඔබතුමාම කඩේකට ගිහින් බඩුවක් ගත්ත දවසක් කියන්න පුළුවන්ද?

:       0       0

kalani Monday, 25 June 2018 05:35 AM

ඇත්ත, හැමදේකම මිල අඩුවෙලා. අපේ ගෙදර කුස්සිය පිරිලා. එත් ඉතින් පොල් නැති නිසා උයන්නේ දවසකට එක සැරයි. එත් ඉතින් එක මාලුවයි බතුයි. බොහොම පින් ඔබතුමාලට.

:       0       0

Lapaya Sunday, 01 July 2018 12:13 PM

ඇත්ත කියන්නේ... අපිට වුවමනා දේවල් වලත් ගාන අඩුවෙලා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දේශපාලන

වර්තමාන ආණ්ඩුව ජනතාවට බරක් නොවන බව ඔප්පු කළා
2025 අප්‍රේල් මස 17 522 5

වර්තමාන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය සහ මැති ඇමතිවරු රටට සහ ජනතාවට බරක් නොවී වැඩ කළ හැකි බව ඔප්පු කරමින් සිටින බවත් දූෂණය, වංචාව සහ නාස්තිය නතර කර ඇති බව සියය


පච දේශපාලනය රජ වෙලා
2025 අප්‍රේල් මස 17 713 18

මාලිමා ආණ්ඩුව යටතේ ගොවියා රජ කරවීම කෙසේ වෙතත් පච දේශපාලනය නම් රජ වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


ජනපතිට ජපානයෙන් ආරාධනයක්
2025 අප්‍රේල් මස 11 6058 2

මේ වන විට ආණ්ඩුව ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා හදා ගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අක්කරපත්තුවේ ජන රැළියකදී පැවසීය.


පිරිසිදු පුංචි ආණ්ඩු ටිකක් හදාගන්න
2025 අප්‍රේල් මස 11 712 1

අයවැයෙන් වෙන් කළ මුදල් විනිවිදභාවයෙන් ගමේ සංවර්ධනයට යොදවන්න පිරිසිදු ප්‍රාදේශිය පාලනයක් නිර්මාණය කරගන්නා⁣ ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය


සුබ නැකතට රට අනුරට දුන් අය විපතකට
2025 මාර්තු මස 26 2033 34

සුබ නැකැතට රට අනුරට දුන් ජනතාවට ජීවත් විමේ අරගලයක නිරත වීමට සිදුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද
2025 මාර්තු මස 25 3736 16

රණවිරුවන්ට බ්‍රිතාන්‍ය පැනවූ තහනමින් ප්‍රවර්ධනය වන්නේ මානව හිමිකම් නොව ත්‍රස්තවාදී අභිලාෂයන් බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 68 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 217 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 387 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site