IMG-LOGO

2025 අප්‍රේල් මස 19 වන සෙනසුරාදා


“අද අපිට ඉතිරි වී තිබෙන්නේ නීතියක් විනයක් නැති රටක්“

(වාරණ ආනන්ද ඉ. ජයකොඩි)

ශ්‍රී ලංකා යූඇන්පී හැත්තෑ එක් වසරක පාලනය අවසානයේ අපට ඉතිරි කර තිබෙන්නේ මහා විනාශයක්. එදා 94 දී රට හදන්න කියල විහාර මහාදේවිය ආවා. 2005 දී දුටුගැමුණු ආවා. 2015 දී පොලොන්නරුවේ ගැමියා ආවා. මොකද කළේ රට හැදුවද. නැහැ. කරපු එකම දේ තමයි ජාතීන් අතර ගැටුම් ඇති කෙරුවා, ජාතිවාදයල ආගම්වාදය ඇවිස්සුවා. ඒ ඇරෙන්න වෙන මොනවද කරල තිබෙන්නේ යැයි ජාතික ජනබලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා තිහාරියේදී ඉකුත්දා පැවැසීය.

ජාතික ජනබලවේගය මගින් තිහාරිය ගොඩැල්ල නගරාසන්නයේදී ඉකුත්දා පැවැත්වූ ජන රැලියක් අමතමින් ඔහු එසේ කියා සිටියේය.

අනුර දිසානායක මහතා මෙසේ ද කීය.
“අද අපි මේ අම්මල තාත්තල හමුවන්න ආවේ විනාශ කර ඇති මේ රට සැබෑ විදිහට ගොඩනගන්න ක්‍රියාකාරීව දායකවන්න කියල ආරාධනා කරන්නයි. අපි මේ රට කෙසේ හෝ හදන්න ඕනෑ.

මේ පාලකයෝ හැත්තෑ එක් වසරක පාලනය අවසානයේ රට මහා අනතුරකට තල්ලුකර ගෙන ඇවිත් තිබෙනවා. නීතියක් විනයක් නැති රටක් ඉතිරි කරල තිබෙනවා.

පාලකයො දූෂණයෙන්, වංචාවෙන්, හොරකමෙන් මඩි තරකරගෙන තිබෙනවා. අධ්‍යාපනය, සෞඛ්‍ය මහා අගාධයකට තල්ලු කර තිබෙනවා. ජනතාවට දරා ගන්න බැරි බදු බරක් පටවා තිබෙනවා.

සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාව අතර ගැටුම් නිර්මාණය කර තිබෙනවා. විශාල මත්ද්‍රව්‍ය තොග ගණනක් ගොඩබාන රටක් බවට පත්කර තිබෙනවා. මත්පැන් වැඩියෙන්ම බොන රටක් බවට පත්කර තිබෙනවා.

වැඩියෙන්ම සියදිවි නසාගන්නා රටක් බවට පත්කර තිබෙනවා. විශාල වශයෙන් වාහන අනතුරු සිදුවන රටක් බවට අපේ රට පත්කර තිබෙනවා. මේක මහා ඛේදවාචකයක් නේද?

අතේ ඉන්න දරුවන් ගැන හිතල අනාගතේ බිහිවන දරුවන් ගැන හිතල මේ රට ගොඩනගන්න අපිත් එක්ක එකතු වන්න කියල ආරාධනය කරන්නයි අපි ආවේ. අපට තනියම මේ වෙනස කරන්න බැහැ. මේ සඳහා තමුන්නාන්සේලාගේ දායකත්වය සහයෝගය අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙනවා.

යුද්ධය තිබෙන ගැටුම් තිබෙන ලෝකෙ කිසිම රටක් දියුණු කරල නැහැ. අපේ පාලකයො ඉතිහාසයේ පුරාම කරල තිබෙන්නේ ගැටුම් නිර්මාණය කිරීම පමණයි. ඔවුන්ගේ පැවැත්ම තිබෙන්නේ ජනවර්ග අතර ආගම් අතර ගැටුම් තිබුණොත් පමණයි.

සිංහල, දෙමළ, මුස්ලිම්, මැලේ, බර්ගර් ජනයා සමගි වුණොත් ඔවුන්ට පැවැත්මක් නැහැ. මේ දුෂ්ඨ පාලකයින්ට පැවැත්මක් නැහැ. අපි යන්නේ සිංහල, දෙමළ, මුස්ලිම් ඇතුළු සියලු ජනයා සමගි කිරීමේ ගමනයි.

මේ දුෂ්ඨ පාලකයින්ට පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් ඔක්සිජන් ලැබුණා. එක්කෙනෙක් කියනවා මම හිටියා නම් ඒක වෙන්නේ නැහැ කියලා. පාස්කු ඉරිදා ප්‍රහාරය ඔවුන්ට ආශිර්වාදයක් වුණා. ඉස්සර හොරෙන් තුවක්කු බඳිනවා. තුවක්කු බැන්දේ කවුද කියල දන්නෙ නැහැ. නමුත් දඩයම උස්සගෙන යනකොට තුවක්කුව බැන්දේ කවුද කියල දැනගන්නවා. කුරුණෑගල, මහනුවර, බිංගිරිය, හෙට්ටිපොල, මිනුවන්ගොඩ පහරදීම්වලින් තුවක්කු බැන්ද පුද්ගලයො හෙළිවුණා නේද?

දැන් ඔය ගෝඨාභයගේ වේදිකාවේත්, සජිත්ගේ වේදිකාවේත් රටේ ආරක්ෂාව ගැන කතා කරනවා. අද යුද්ධයක් තිබෙනවාද? නැහැ. නමුත් ගෝඨාභය කියනවා එයා ජනාධිපති වුණාම ආරක්ෂාව සහතික කරනවාලු. සජිත් කියනවා එයා ජනාධිපති වුණාම ආරක්ෂාව හිටපු හමුදාපතිට භාර දෙනවාලු. හමුදා කඳවුරු  ඕනෙ යුද්ධයක් තිබෙනවා නම් පමණයි. අද තිබෙන්නේ ඔය කියන කට්ටියම නිර්මාණය කරපු අන්තවාදයක් පමණයි.
අන්තවාදී ක්‍රියා නැවැත්වීමට බැරියර් ඕනෙ නැහැ. යුද්ධ ටැංකි ඕනෙ නැහැ. අඩියෙන් අඩියට හමුදා භටයො ඕනෙ නැහැ. සිංහල, දෙමළ, මුස්ලිම් සියලු ජාතීන් සමගි කළහොත් ඕනෑම අන්තවාදයක් පරාජය කළ හැකියි. ඒ සඳහා අපට හොඳ පොලිසියක් තිබෙනවා. අතිදක්ෂ පොලිස් නිලධාරීන් ඉන්නවා. අතිදක්ෂ අපරාධ පරීක්ෂණ නිලධාරීන් ඉන්නවා. ජනතාව පොලිසිය සමග එකතු වුණොත් ඔය කියන එකම අන්තවාදයක්වත් ඉතුරු වෙන්නේ නැහැ.

යුද්ධයකදී හමුදාවන්ට විශාල කාර්යභාරයක් තිබෙනවා. නමුත් අද යුද්ධයක් නැහැ. ඒ තත්ත්වය යටතේ හමුදාවට හමුදා ජනරාල්වරුන්ට අපහාස කරන්න එපා කියල තමයි කියන්න වෙන්නේ. ආරක්ෂාවේ සංඥාව සහිත පාලනයක් නිර්මාණය කළ යුතුයි. එය කළ හැක්කේ අපට පමණයි.

රාජ්‍ය ආයතනයකට ගිහින් සිංහල, දෙමළ භාෂා දෙකෙන්ම රාජකාරි කර ගත හැකි තත්ත්වයක් නිර්මාණය කළ යුතුයි. සියලු සංස්කෘතීන්ට ගරු කළ යුතු ගරු කළ හැකි රාජ්‍යයක් නිර්මාණය කළ යුතුයි.

එහෙම නැතිව ද්‍රවිඩ කාන්තාවකගේ නළලේ “තිලකය” ඉවත් කරන්න කිව්වොත් මුස්ලිම් කාන්තාවගේ “පර්දාව” ගලවන්න කිව්වොත් සිංහල කාන්තාවකගේ “උඩරට සාරිය” ගලවන්න කිව්වොත් ජාතික සමගියක් ගොඩනගන්න පුළුවන්ද? බැහැ.

අද මේ ආරක්ෂාවේ ප්‍රශ්නයක් ඉදිරියට දාන්නේ සියලු ප්‍රශ්න යට ගහන්නයි. අද හොරු අල්ලන කතාවක් එකම වේදිකාවකවත් නැහැ. අපේ වේදිකාවේ විතරයි හොරු ගැන කියන්නේ. ඔය ගෝඨාභයගේ වේදිකාවේත් සජිත්ගේ වේදිකාවේත් හොරු පිරිලා, අන්තවාදීන් පිරිලා. ඒක තමුන්නාන්සේලාට අමුතුවෙන් පෙන්වන්න ඕනෙ නැහැ නේද?

අපේ වේදිකාවේ හොරුන් නැහැ. අන්තවාදියොත් නැහැ. අපේ වේදිකාවේ ඉන්නේ විශ්වවිද්‍යාල ආචාර්ය, මහාචාර්යවරු, විවිධ විෂයයන් පිළිබඳ විශේෂඥ දැනුම ඇති විද්වතුන්, කලාකරුවන්. කෙටියෙන් කියනවා නම් මේ දුෂ්ඨ පාලකයො විනාශ කර ඇති මේ රට නැවත ගොඩනැගීම සඳහා කැපවීමකින් කටයුතු කළ හැකි පිරිසක් තමයි අපේ වේදිකාවේ ඉන්නේ. තමුන්නාන්සේලා සියලු දෙනාත් බේදයකින් තොරව එකතු වුණොත් වසර පහක් ඇතුළත අපි ලස්සන රටක් නිර්මාණය කරන බවට සහතික වෙනවා.

තමුන්නාන්සේලා පොඞ්ඩක් කල්පනා කරල බලන්න. මේ පාලකයො කියනවා මේ රට දුප්පත් රටක් කියලා. රට දුප්පත් කළේ කවුද? මේ දුෂ්ඨ පාලකයො නේද? රට දුප්පත් වුණාට බැසිල් පොහොසත්, රට දුප්පත් වුණාට රවී පොහොසත්. රට දුප්පත් වුණාට කිරිඇල්ල පොහොසත්. තව ඕනෑ තරම් නම් කියන්න පුළුවන්. රට දුප්පත් වුණාට පාලකයින්ගෙ පෞද්ගලික ගිණුම් පිරිලා. ඕක තමයි ඇත්ත කතාව.

එහෙම නම් මේ විනාශ කර ඇති රට නැවත ගොඩනැගීම සඳහා ජාතික ජනබලවේගය සමග නොවැම්බර් 16 වැනිදා බුද්ධිමත්ම තීරණයක් ගන්නා මෙන් මම තමුන්නාන්සේලාගෙන් ඉල්ලා සිටිනවා.” යැයි ද ඔහු කීය.
ඉංග්‍රීසි භාෂා ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ප්‍රබා මනුරත්න මහත්මිය හා නජාම් මොහොමඞ් මහතා ඇතුළු ජාතික ජනබලවේගයේ ක්‍රියාකාරීහු කිහිප දෙනෙක් ද කතා කළහ.

මේ අවස්ථාවට සිංහල හා මුස්ලිම් විශාල පිරිසක් සහභාගි වූහ.

 



අදහස් (1)

“අද අපිට ඉතිරි වී තිබෙන්නේ නීතියක් විනයක් නැති රටක්“

Raveendra Thursday, 31 October 2019 08:54 AM

තමන්ගේ හිතට එකගව අවංකවම කියන්නකෝ ඔහෙලත් විනයක් නැති නීතියක් නැති රටක් හදන්න දායක උනා නේද ? අපි නිල්, කොළ අයට පමණක් ඇගිලි දිගු කිරීම කැතයි නේද ? මිනිසුන් හැමෝම මැරිලා ඉපදුනා කියල හිතුවද ? මේ හැම දේකටම දායක වෙලා දැන් ලැජ්ජා නැතිව සුදොනෝ වෙන්න හදනවා. දැන්වත් අවංකව කතා කරන්න.

:       134       13

ඔබේ අදහස් එවන්න

 

 
 

දේශපාලන

වර්තමාන ආණ්ඩුව ජනතාවට බරක් නොවන බව ඔප්පු කළා
2025 අප්‍රේල් මස 17 556 5

වර්තමාන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය සහ මැති ඇමතිවරු රටට සහ ජනතාවට බරක් නොවී වැඩ කළ හැකි බව ඔප්පු කරමින් සිටින බවත් දූෂණය, වංචාව සහ නාස්තිය නතර කර ඇති බව සියය


පච දේශපාලනය රජ වෙලා
2025 අප්‍රේල් මස 17 762 18

මාලිමා ආණ්ඩුව යටතේ ගොවියා රජ කරවීම කෙසේ වෙතත් පච දේශපාලනය නම් රජ වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


ජනපතිට ජපානයෙන් ආරාධනයක්
2025 අප්‍රේල් මස 11 6173 2

මේ වන විට ආණ්ඩුව ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා හදා ගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අක්කරපත්තුවේ ජන රැළියකදී පැවසීය.


පිරිසිදු පුංචි ආණ්ඩු ටිකක් හදාගන්න
2025 අප්‍රේල් මස 11 723 1

අයවැයෙන් වෙන් කළ මුදල් විනිවිදභාවයෙන් ගමේ සංවර්ධනයට යොදවන්න පිරිසිදු ප්‍රාදේශිය පාලනයක් නිර්මාණය කරගන්නා⁣ ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය


සුබ නැකතට රට අනුරට දුන් අය විපතකට
2025 මාර්තු මස 26 2034 34

සුබ නැකැතට රට අනුරට දුන් ජනතාවට ජීවත් විමේ අරගලයක නිරත වීමට සිදුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද
2025 මාර්තු මස 25 3737 16

රණවිරුවන්ට බ්‍රිතාන්‍ය පැනවූ තහනමින් ප්‍රවර්ධනය වන්නේ මානව හිමිකම් නොව ත්‍රස්තවාදී අභිලාෂයන් බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 146 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 226 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 395 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site