IMG-LOGO

2025 අප්‍රේල් මස 12 වන සෙනසුරාදා


අධිකරණයට මේ වගේ ඇඟිලි ගැසු යුගයක් නෑ - ගම්මන්පිල

(විනීතා එම් ගමගේ)

අධිකරණයට මේ තරම් ඇඟිලි ගැසූ යුගයක් ලංකා ඉතිහාසයේ මීට පෙර තිබුණේ නැතැයි පිවිතුරු හෙළ උරුමයේ නායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා ප‍්‍රකාශ කළේය.

රජතුන් කට්ටුවක් ඉදිරියේ රාජපක්ෂවරුන්ගේ නඩු අහන්නට කැබිනට් මණ්ඩලය තීරණය කළ  බවට රාජිත සේනාරත්න අමාත්‍යවරයා කරන ප‍්‍රකාශයෙන්ම ආණ්ඩුව අධිකරණයට කරන බලපෑම පෙනී යන්නේ යැයි ද ගම්මන්පිල මහතා කීය. 

අගවිනිසුරුවරයා විසින් නීතිපතිගේ ඉල්ලීම මත ගතයුතු තීරණයක් වන ත‍්‍රීපුද්ගල විනිසුරු මඩුල්ලක් පත් කිරීම අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කරනු  ලබන්නේ නම් එය සෘජුව අධිකරණයට අතපෙවීමක් යැයි ද හෙතෙම සඳහන් කළේය.

යම් පුද්ගලයකුට හෝ පවුලකට දඩුවම් කිරීම සඳහා වෙනමම අධිකරණයක් පිහිටුවන්නට ව්‍යවස්ථාවෙන් ඉඩක් නොමැති බව වත්මන් ආණ්ඩුවේ නායකයින් නොදන්නා බව ඔවුන්ගේ ප‍්‍රකාශවලින් පෙනී යන්නේ යැයි ද හෙතෙම සඳහන් කළේය. 

පිවිතුරු හෙළ උරුමය නායකයා මේ අදහස් පළ කළේ පිට කෝට්ටේ පිහිටි එම පක්ෂයේ මුලස්ථානයේ අද (21) පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.  

එහි දී තව දුරටත් අදහස් දැක්වූ ගම්මන්පිල මහතා මෙසේ ද කීය.

 ‘‘එජාපයේ ඉන්නා මන්ත‍්‍රිවරුන් සියළු දෙනා එක හඬින් කිව්වේ රාජපක්ෂවරුන්ට දඬුවම් කරන්න විශේෂ අධිකරණ පිහිටුවන්න කියා.  ඒක කලේ නැති වුණාම රාජපක්ෂවරු රකිනවා කියලා විජයදාස ඇමැතිතුමාට දොස් කියනවා. ඒකාබද්ධ විපක්ෂයත් එක්ක ඩීල් දාල කියල චෝදනා කරනවා. නමුත් විශේෂ අධිකරණ පිහිටුවීමට ව්‍යවස්ථාවේ ඉඩක් නැහැ. එසේ ඉඩක් නැති නම් විජයදාස ඇමැතිතුමා මොනවා කරන්න ද?

 දැන් විශේෂ අධිකරණ පිහිටුවන්න බෑ කියන්නේ කවුද? හිටපු නීතිපති තිලක් මාරපන සහ ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ වගේ නීතිය මෙලෝ හසරක් නොදන්න අය.  විශේෂ උසාවි පිහිටුවිය යුතුයි කියන්නේ කවුද?  හිටපු අගවිනිසුරු රාජිත සේනාරත්න.  ජනාධිපති නීතිඥ රන්ජන් රාමනායක.  නීතිය පිළිබඳ මහචාර්ය පාඨලී චම්පික රණවක.  දැන් ඉතින් කාරණය පැහැදිලියිනෙ.

අවසානයේ දී රාජිත ඇමැතිතුමා තමන්ගේ ගැලවුණු රෙද්ද යළි ඇඳ ගැනීමේ අරමුණින් කියනවා විශේෂ අධිකරණයක් වෙනුවට ත‍්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ රාජපක්ෂවරුන්ගේ නඩු ඇසීමට ඇමැති මඩුල්ල තීරණය කළාලූ.  මුළු ඇමැති මණ්ඩලයටම නීතිය දන්න එක් කෙනෙකුවත් හිටියේ නැද්ද? අපේ රටේ නීතියේ හැටියට නම් ත‍්‍රීපුද්ගල විනිසුරු මඩුල්ලක් නැතිනම් රජතුන්කට්ටුවක් නඩුවක් ඇසීමට පත් කරන්නේ නීතිපතිගේ ඉල්ලීම මත අගවිනිසුරුයි.  ඒ මිස ඇමැති මණ්ඩලයට නඩු ඇසීම් පිළිබඳ තීන්දු ගන්න බෑ. 

 



අදහස් (17)

අධිකරණයට මේ වගේ ඇඟිලි ගැසු යුගයක් නෑ - ගම්මන්පිල

mahee Monday, 21 August 2017 09:45 AM

ඇත්ත දැන් ඇඟිලි ගහනවා. ඒක නොවැ මං ඉන්නකම් අරයට විරුද්ධව නඩු දාන්න දෙන්නේ නෑ කියල පාරම් බෑවේ. හැබැයි, ඉස්සර නම් අධිකරණයට ඇඟිලි රිංගවන්න ගියේ නෑ... කකුල්ම රිංගවාගෙන අධිකරණය ඇතුලේ පදිංචි වෙලා හිටියා මිසක්. මුන්නැහේ ඒ කාලේ කොහෙද හිටියේ?

:       1052       1111

lalindra Monday, 21 August 2017 10:25 AM

මෙයාටත් රවීගේ ලෙඩේ හැදිලද කොහෙද මහත්තයෝ හිටියේ? ඒ කාලේ කෙලින්ම අගවිනිසුරුතුමා එහෙම පිටින්ම මාරුකරලා ගේම දුන්නා මතක නැහැ නේද?

:       289       409

ranavi Monday, 21 August 2017 11:26 AM

මෙයාට අමු කැවිලද? ගිය රජය තරම් අධිකරණයට ඇඟිලි ගැසූ යුගයක් වෙන කවරදාවත් නෑ. අමතක නම් ශිරාණි බණ්ඩාරනායක මහත්මිය, මොහොන් පිරිස්, රාජපක්ෂලා වෙනුවෙන් ඕනෙම දෙයක් කරන්න එළිපිටම වැඩ කරපු කෙනෙක්...

:       641       524

pereraMonday, 21 August 2017 12:17 PM

හිටපු අගවිනිසුරු තුමිය ඉවත් කල ආකාරය නම් 1. චෝදනා ඉදිරිපත් කිරීම, 2. චෝදනා විභාග කිරීමට පාර්ලිමේන්තු කමිටුවක් පත් කිරීම, 3. චෝදනා සඳහා නිදහසට කරුණු විමසීම, 4. පාර්ලිමේන්තුවේ බහුතර චන්දයෙන් ඉවත් කිරීම... හිටපු අගවිනිසුරු තුමා ඉවත් කල ආකාරය නම් 1. අසාද් සාලි පැමිණීම 2. ගෙදර යනලෙස තර්ජනය කිරීම. ඔන්න ඕකට තමයි යහපාලනය කියන්නේ....

:       519       802

සෙනෙවි Monday, 21 August 2017 12:04 PM

ඔය කියපු බොරුවෙ හැටියට ඔබතුමා ඇත්තක් කිව්වත් කවුරුත් පිළිගන්නෙ නැහැ

:       71       166

සෙනෙවි Monday, 21 August 2017 12:04 PM

ඔය කියපු බොරුවේ හැටියට ඔබතුමා ඇත්තක් කිව්වත් කවුරුත් පිළිගන්නේ නැහැ.

:       30       62

සෙනෙවි Monday, 21 August 2017 12:04 PM

ඔය කියපු බොරුවේ හැටියට ඔබතුමා ඇත්තක් කිව්වත් කවුරුත් පිළිගන්නේ නැහැ...

:       29       1

dhamneth Monday, 21 August 2017 12:04 PM

ඔයගොල්ලන්ගේ කාලයේ දෙකේ දෙකේ පොලුවලින් ගැහුවා මතකද?පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 100 දක්වා අඩුකරන්න කියා දුන් අධිකරණ නියෝගය ක්‍රියාත්මක නොකළේ කොයි ආණ්ඩුවද? ඒක ජනතා යහපත සඳහා දුන් නඩු තීන්දුවක්.

:       93       130

Lal Monday, 21 August 2017 02:57 PM

අහවලාගේ සාටකයේ එල්ලිලා ඔන්චිලි පදින ළදරුවෙක්නේ මෙයා. මෙයා කියන්නේම තේරුමක් නැති ලාමක කථා නිසා ගණන් ගතයුතු නැහැ.

:       187       150

theshan Monday, 21 August 2017 03:36 PM

අනේ අම්මෝ ඔහොම දේවල් කියලා අපිව හිනස්සලා මරන්නද හදන්නේ? මේ මහත්තයෝ අපි මැරිලා ඉපදුනේ නෑ හරිද?

:       54       97

thamindu dulvan Monday, 21 August 2017 03:48 PM

හරි පර්යේෂණයක් කළොත්, ඔබතුමා චේතිය රජුගේ එදා බිසවක් වෙලා ඉඳල තියනවා කියලා හෙළි වේවි.!!!

:       1       66

Nalaka Monday, 21 August 2017 05:22 PM

හප්පා මෙයාට මතක නැ වගේ. ළඟදීම නින්දෙන් ඇහැඇරෙයි ඔහොම යනකොට. නඩු තියනවනේ ඉස්සරහට.

:       1       18

rohana Tuesday, 22 August 2017 12:46 AM

මේ වැනි අය පාර්ලිමේන්තුවට යවන අයට දෙවියන්ගේම පිහිටයි. මෙතුමාගේ වංචා නඩුවත් ඉක්මන්වේද

:       1       11

කුමාර රාජකරුණා Tuesday, 22 August 2017 09:56 AM

ලියපු කමෙන්ටු දැකලා මුකුත් නොලියන්න තීරණය කලා. මෙයා කාපු කෑමක්.

:       36       2

sunil Wednesday, 23 August 2017 07:10 AM

මේගොල්ලෝ හිතාගෙන ඉන්නේ ඒගොල්ලෝ වගේම අනේ අපිත් මැරිලා ඉපදිලා කියලා

:       0       0

THESHAN Wednesday, 23 August 2017 11:20 AM

තවමත් සාටකයේ පිළිසරණ සොයන කට්ටිය තම මේ. මොකද ඒ හැරෙන්න මේ ගොල්ලන්ට වෙන කිසි සරණක් නැත.

:       0       0

sathyayaa Monday, 28 August 2017 11:31 PM

"නින්දෙන් ඇහැරී කලුවරයේම යලි සොයනා ....මට මගේ නොවන ලොකු ධනයක් තිබුණා. උහුලනු බැරි තැන උණු කඳුළුම වගුරුවනා.... " හ්ම්ම්

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දේශපාලන

ජනපතිට ජපානයෙන් ආරාධනයක්
2025 අප්‍රේල් මස 11 2144 0

මේ වන විට ආණ්ඩුව ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා හදා ගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අක්කරපත්තුවේ ජන රැළියකදී පැවසීය.


පිරිසිදු පුංචි ආණ්ඩු ටිකක් හදාගන්න
2025 අප්‍රේල් මස 11 497 0

අයවැයෙන් වෙන් කළ මුදල් විනිවිදභාවයෙන් ගමේ සංවර්ධනයට යොදවන්න පිරිසිදු ප්‍රාදේශිය පාලනයක් නිර්මාණය කරගන්නා⁣ ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය


සුබ නැකතට රට අනුරට දුන් අය විපතකට
2025 මාර්තු මස 26 1919 32

සුබ නැකැතට රට අනුරට දුන් ජනතාවට ජීවත් විමේ අරගලයක නිරත වීමට සිදුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද
2025 මාර්තු මස 25 3569 16

රණවිරුවන්ට බ්‍රිතාන්‍ය පැනවූ තහනමින් ප්‍රවර්ධනය වන්නේ මානව හිමිකම් නොව ත්‍රස්තවාදී අභිලාෂයන් බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත


පළාත් පාලන ආයතනවල බලයත් ‘මාලිමාවට’ දෙන්න
2025 මාර්තු මස 21 1557 25

ආණ්ඩුව එක පැත්තක සහ පළාත් පාලන ආයතන තවත් පැත්තක තිබුණ හොත් ප්‍රතිවිරෝධයක් නිර්මාණ වී අවුලක් ඇති වන බවත් ඒ හේතුවෙන් පළාත් පාලන ආයතනවල බලය මාලිමාව සතුව


මේ වේගෙට ගියොත් සිංගප්පූරුව අල්ලන්න අවුරුදු 65ක් යනවා
2025 මාර්තු මස 21 4681 55

අද සිංගප්පූරුව තියෙන ආර්ථිකයට පැමිණෙන්න නම් මේ වේගයෙන් ගියොත් තව අවුරුදු 65ක් වත් යන බව පත් කළ මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා:-(පො.පෙ) පාර්ලිමේන්තුවේදී පැව


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 50 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 201 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 732 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

Our Group Site