IMG-LOGO

2025 අප්‍රේල් මස 12 වන සෙනසුරාදා


’අධීවේගී මාර්ග තුනම චීනයේ ෂැංඩොංග් සමාගමට විකුණන්න රජය සූදානම්’

(විනීතා එම්. ගමගේ)

කටුනායක, දක්ෂිණ සහ කොළඹ පිටත වටරවුම් පාර යන අධිවේගී මාර්ග තුනම අධිකාරියකට පවරා ඒ හරහා ඩොලර් මිලියන 600 කට චීනයේ ෂැංඩොංග් කියන සමාගමට විකිණීමට රජය සියල්ල සූදානම් කර ඇතැයි පිවිතුරු හෙළ උරුමය නායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා ප‍්‍රකාශ කළේය.

විකුණාගෙන කෑම සිය ජීවිතය කරගත් වත්මන් ආණ්ඩුවේ අලූත්ම ගොදුරවී ඇත්තේ අධිවේගී මාර්ග තුන යැයි කී ගම්මන්පිල මහතා මේ සතියේ ඇමැති මණ්ඩල රැස්වීමට මේ පිළිබඳ ඇමැති මණ්ඩල පති‍්‍රකාව ඉදිරිපත් කිරීමට නියමිතව ඇති  බව ද සඳහන් කළේය.

සියල්ල විකුණා අවසානයේ අප‍්‍රිකානුවන් වහල්කමට ඇමෙරිකාවට විකුණූ අන්දමින් ජනතාවත් විකුණන්නට ආණ්ඩුව පියවර ගනු ඇතැයි කී ගම්මන්පිල මහතා ඒ දිනය උදා වෙනතුරු බලා නොසිට මේ විකිණීමට එරෙහිව පාරට බහින්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටින බව ද ප‍්‍රකාශ කළේය.

පිවිතුරු හෙළ උරුමය නායකයා මේ අදහස් පළ කළේ පිටකෝට්ටේ පිහිටි එම පක්ෂයේ මූලස්ථානයේ ඊයේ (21) පැවැති මාධ්‍යහමුවක් අමතමිනි. එහිදී තවදුරටත් අදහස් දැක්වූ ගම්මන්පිල මහතා මෙසේ ද කීය.

‘‘ නෑ නෑ අපි විකුණන්නේ නෑ වසර 35කට බදු දෙනවා කියලා කියාවි. වසර දහයකට වඩා බදු දෙනවා නම් එය විකුණුමකට සමාන බවටයි තක්සේරු කිරීමේ දී සලකන්නේ.

මේ පිළිබඳ පසුගිය ඇමැති මණ්ඩල සාකච්ඡාවේදීත් අවධානය යොමු වුණා. එතැනදී විශ‍්‍රාමික දේශපේ‍්‍රමී ඇමැතිවරයකු හොඳ යෝජනාවක් කරලා. අධිවේගී මාර්ග තුන විකුණනවා කීවාම ලොකු විරෝධයක් සමාජයේ නැගෙනවා. ඒ නිසා අපි අලූතෙන් අධිකාරියක් හදලා ඒකට අධිවේගි මාර්ග පවරලා ඒකෙන් කොටස් ප‍්‍රතිශතයක් විතරක් චීනෙට විකුණමු කියලා.  මොන වෙස් මුහුණු බැන්දත් අපි මේ විකිණීමට විරුද්ධයි.

මෙහෙම විකුණාගෙන ගිහින් අන්තිමට මේ රටේ මොනවාද ඉතිරි වෙන්නේ?  අන්තිමට ණයට හිලව් වෙන්න විකුණන්න ඉතිරි වෙන්නේ මේ රටේ අහිංසක ජනතාව විතරයි. 

අධිකරණයට මේ තරම් ඇඟිලි ගැසූ යුගයක් ලංකා ඉතිහාසයේ මීටපෙර තිබුණේ නැහැ. රජ තුන් කට්ටුවක් ඉදිරියේ රාජපක්ෂවරුන්ගේ නඩු අහන්නට කැබිනට් මණ්ඩලය තීරණය කළ බවට රාජිත සේනාරත්න අමාත්‍යවරයා කරන ප‍්‍රකාශයෙන්ම ආණ්ඩුව අධිකරණයට කරන බලපෑම පෙනෙනවා.

අගවිනිසුරුවරයා විසින් නීතිපතිගේ ඉල්ලීම මත ගතයුතු තීරණයක් වන ත‍්‍රීපුද්ගල විනිසුරු මඩුල්ලක් පත් කිරීම අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කරනු  ලබන්නේ නම් එය සෘජුව අධිකරණයට අතපෙවීමක් නේ ද?

යම් පුද්ගලයකුට හෝ පවුලකට දඩුවම් කිරීම සඳහා වෙනමම අධිකරණයක් පිහිටුවන්නට ව්‍යවස්ථාවෙන් ඉඩක් නොමැති බව වත්මන් ආණ්ඩුවේ නායකයන් නොදන්නා බව ඔවුන්ගේ ප‍්‍රකාශවලින් පෙනී යනවා.

එජාපයේ ඉන්නා මන්ත‍්‍රීවරුන් සියලූදෙනා එක හඬින් කිව්වේ රාජපක්ෂවරුන්ට දඬුවම් කරන්න විශේෂ අධිකරණ පිහිටුවන්න කියා.  ඒක කළේ නැති වුණාම රාජපක්ෂවරු රකිනවා කියලා විජයදාස ඇමැතිතුමාට දොස් කියනවා. ඒකාබද්ධ විපක්ෂයත් එක්ක ඞීල් දාල කියල චෝදනා කරනවා. නමුත් විශේෂ අධිකරණ පිහිටුවීමට ව්‍යවස්ථාවේ ඉඩක් නැහැ. එසේ ඉඩක් නැති නම් විජයදාස ඇමැතිතුමා මොනවා කරන්න ද?

 දැන් විශේෂ අධිකරණ පිහිටුවන්න බෑ කියන්නේ කවුද? හිටපු නීතිපති තිලක් මාරපන සහ ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂවගේ නීතිය මෙලෝ හසරක් නොදන්න අය.  විශේෂ උසාවි පිහිටුවිය යුතුයි කියන්නේ කවුද?  හිටපු අගවිනිසුරු රාජිත සේනාරත්න.  ජනාධිපති නීතිඥ රන්ජන් රාමනායක.  නීතිය පිළිබඳ මහාචාර්ය පා. ච. රණවක.  දැන් ඉතින් කාරණය පැහැදිලියිනෙ.

අවසානයේ දී රාජිත ඇමැතිතුමා තමන්ගේ ගැලවුණු රෙද්ද යළි ඇඳ ගැනීමේ අරමුණින් කියනවා විශේෂ අධිකරණයක් වෙනුවට ත‍්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ රාජපක්ෂවරුන්ගේ නඩු ඇසීමට ඇමැති මඩුල්ල තීරණය කළාලූ. මුළු ඇමැති මණ්ඩලයටම නීතිය දන්න එක් කෙනෙකුවත් හිටියේ නැද්ද? අපේ රටේ නීතියේ හැටියට නම් ත‍්‍රීපුද්ගල විනිසුරු මඩුල්ලක් නැතිනම් රජතුන්කට්ටුවක් නඩුවක් ඇසීමට පත් කරන්නේ නීතිපතිගේ ඉල්ලීම මත අගවිනිසුරුයි. ඒ මිස ඇමැති මණ්ඩලයට නඩු ඇසීම් පිළිබඳ තීන්දු ගන්න බෑ. 

නාට්‍යයක් ගැන පාර පුරා පෝස්ටර් අලවලා තිබෙනවා මම පසුගිය දවසක දැක්කා.  ඒකේ නම -කන්නයි ආවේ, කාලා තමයි යන්නේ’’ ඇත්තටම බැලූවහම මේක වේදීකාවේ රඟ දක්වන නාට්‍යයකට වඩා ආණ්ඩුව විසින් මාධ්‍ය හරහා රඟ දක්වන්නේ මේ නාට්‍යය තමයි.  මට පේන්නේ අපි හැමෝම මාධ්‍ය හරහා දකින්නේ ඒ නාට්‍යය තමයි. 

ඇමැති මණ්ඩලය තමයි මේ නාට්‍යයේ රඟ පාන්නේ. අපි කට ඇරගෙන නාට්‍යය දිහා බලගෙන ඉන්නා අතරේ අපිවත් හොඳ ගණනකට විකුණලා දාන තුරු අපිම දන්නේ නෑ.

පළාත් පාලන මැතිවරණ සංශෝධන පනත් කෙටුම්පත 24 දා විවාදයට ගැනීමට නියමිතයි. විවාදය තුළ දී ආණ්ඩුව සංශෝධන ඉදිරිපත් කරනවාලූ.  ඒක සාමාන්‍ය තත්වයක්.  ආණ්ඩුව ඉදිරිපත් කරන සංශෝධන අපේ අතට පත්වී තිබෙනවා. පක්ෂ නියෝජිතයන්ගේ රැුස්වීමේදී ගනු ලැබු තීරණ කියල ආණ්ඩුවේ රාජ්‍ය භාෂාවෙන් තමයි මේ වාර්තාව හදල තියෙන්නේ. ඒ අතරේ අලූත් කරුණුත් ඉදිරිපත්කර තිබෙනවා. 

සමානුපාතික ක‍්‍රමයට පත්වන ප‍්‍රතිශතය සියයට 30 සිට 40 දක්වා ඉහළ නැංවීම වගේම ජර්මානු මැතිවරණ ක‍්‍රමය හඳුන්වා දීමත් අලූත් කරුණු අතරේ තිබෙනවා.  කෙටුම්පත් සංශෝධනයක දී අලූත් කරුණු හඳුන්වාදීම ව්‍යවස්ථාවට විරුද්ධයි. ව්‍යවස්ථාවේ 78 වගන්තිය අනුව යම් පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න අවම වශයෙන් සති දෙකකට කලින් ගැසට් මගින් ප‍්‍රසිද්ධ කළ යුතුයි. මොකට ද? මේ රටේ පරමාධිපත්‍යය  තිබෙන ජනතාවට ඒවා අධ්‍යයනය කර අදහස් ප‍්‍රකාශ කරන්න. ඒ වගේම ව්‍යවස්ථාවට පටහැනිව තිබුණොත් උසාවිය ඉදිරියේ අභියෝගයට ලක් කරන්න. 

නමුත් පාර්ලිමේන්තුවේ දී අලූත් කරුණු ඉදිරිපත් කරන සංශෝධන ආවොත් ජනතාවට ඒවා සම්බන්ධයෙන් අධ්‍යයනය කරන්න තම මතය පළ කරන්න කාලයක් නෑ.  ඒ වගේම ඒවා ව්‍යවස්ථාවට පටහැනි වුණත් ජනතාවට උසාවි යන්න විධියක් නෑ.  මේක අමු අමුවේ ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක්. ඒ විතරක් නොවේ නරක පූර්වාදර්ශයක්. 

අලූත් ව්‍යවස්ථාවත් මේ විධියටම ගේන්න පුළුවන්.  ගැසට් මගින්  ප‍්‍රසිද්ධ කරන කෙටුම්පතේ තිබෙන්නේ ඒකීය රාජ්‍යයකට ගැළපෙන කරුණු විතරයි. පටහැනි කරුණු කිසිවක් නෑ. කවුරුත් හරිම ෂෝක් කියනවා.  ආණ්ඩුව ඇතුළේ ඉන්න විශ‍්‍රාමික දේශපේ‍්‍රමියෝත්  ඕක තමයි අපි කිව්වේ කියලා අපට ඔච්චම් කරනවා.

නමුත් පාර්ලිමේන්තු විවාදය අතරේ මහ ? පෙඩරල් වගන්ති ටික හඳුන්වා දෙනවා. අධිකරණය ඉදිරියේ අභියෝගයට ලක්නොවී ජනමත විමසුමකට යන්නේ නැතිවම පෙඩරල් වගන්ති සම්මත වෙනවා.  ඒකීය රාජ්‍යයේ නිදා ගන්නා අපි පසුවදා පෙඩරල් රාජ්‍යයේ අවදි වෙනවා. කොහොම ද අගමැතිගේ ටිකිරි මොළේ?

දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධව මුළු රටම ගිනිගනිද්දී ජේ. ආර්. ජයවර්ධන ජනපතිතුමන්වත් මෙලෙස හොර පාරෙන් ව්‍යවස්ථා විරෝධී දේවල් පනත් කෙටුම්පතකට ඇතුළු කරන්න උත්සාහ කළේ නෑ.  මාමා කළදේ බෑනා නොකොළොත් ඌ නොට්ටිගෙ බෑනා වෙනව කියලයි ඒ කාලෙ කිව්වේ. මේ බෑනා නම් මාම කලදේත් කරල ඊට එහා ගිහිල්ලත් කරනව කියල තමයි අපිට නම් පේන්නේ. මෙම මාධ්‍ය හමුවට පක්ෂයේ නියෝජ්‍ය නායක මධු මාධව අරවින්ද සහ අවිස්සාවේල්ල ආසන සංවිධායක අරුණ දිවිගල්ල යන මහත්වරුද සහභාගි වූහ.



අදහස් (8)

’අධීවේගී මාර්ග තුනම චීනයේ ෂැංඩොංග් සමාගමට විකුණන්න රජය සූදානම්’

Susil Wednesday, 23 August 2017 03:26 AM

එතකොට ඔහේ අර අනුන්ගෙ සමාගමේ කොටස් වික්කද ? බදු දුන්නද ?

:       226       210

ranjith Thursday, 24 August 2017 01:04 AM

මේ වගේ ගොන් පණ්ඩිතයෝ ඉන්නකම් රට හදන්න බේ

:       31       0

chandra Thursday, 24 August 2017 05:12 AM

අපෝ මේ අය අන්තිමට අපිවත් විකුණාගෙන කයි. මේ අය එලවා ගන්න බැරිද? කොහොම හරි මේ කවුරුවත් තියාගන්න වටිනා අය නෙවෙයි.

:       16       50

Chanak Los angeles Thursday, 24 August 2017 06:17 AM

රාජ යෝගය ඥාණාගේ ‘රාජ යෝග‘ විහිළුවේ තරම ද අපූරුය. ගම්මන්පිලට ද රාජ යෝග තිබෙනවා කියා අන්දවන ලදී. ගම්මන්පිල එදා පොදු අපේක්ෂකයාට සහාය දෙන්න ඇවිත් යලිත් මහින්ද රාජපක්ෂගේ පැත්තට පැන ඇත්තේ ඥාණාගේ ‘රාජ යෝග‘ උපදෙසක් නිසාය. පසුව ඒ පිළිබඳ ඇති වූ නිවසේ ගැටුම්කාරීත්වය වැඩි වී ගම්මන්පිලගේ බිරිඳ දැන් ඕස්ට්‍රේලියාවේ පදිංචියට ගොස් ඇත. අහෝ ඔබ ජනතාව මුළා කරනවාද ජනතාව ඔබව මුලකරනවාද ?

:       30       5

asiri Friday, 25 August 2017 07:03 AM

පිවිතුරුව මුලාවෙනවා නේද?

:       21       0

lalith Friday, 25 August 2017 04:50 PM

මේක දිහා දෙපැත්තකින් බැලිය යුතු වෙනවා. ජාත්‍යාල ඇහෙන බැලුවොත් මේක මහා අපරාධයක්. රටේ වස්තුව විකුණගෙන කමක්. විකුණන පිරිස ජාති ද්‍රෝහීන්. පාරවල් වැහෙන්න උද්ඝෝෂණ කලත් මදි. හැබැයි වෙනත් කොනෙකින් බැලුවොත් මේ පාරවල් හදන්න ණය අරන් තියෙන්නේ විදේශ මුදලින්. එව්වගේ ණය පියවන්න වෙලා තියෙන්නෙත් විදේශ මුදලින්. නමුත් එව්වගෙන් රජයට අදායම ලැබෙන්නේ දේශීය මුදලින්. ඉතින් මේ පාරවල් වලට ගෙවන්න විදේශ මුදල් හොයාගන්න වෙන්නේ වෙනත් ක්‍රමයකින්. අනික් අතින් මේ පාරවල් දැනටමත් තරමක් පරණ වෙලා. තවත් අවුරුදු 35ක් යද්දී එව්වගේ නඩත්තුවට තවත් විශාල මුදලක් අර ණයට අමතරව අවශ්‍ය වෙනවා. ඒ නඩත්තුවට අවශ්‍ය වෙන ද්‍රව්‍ය සහ උපකරණ වලටත් ගෙවන්න වෙන්නේ විදේශ මුදල්. මේ විදේශ මුදල් සම්භාරය ඒ වැඩේට යටකලොත් දැනටමත් ජාතික අාදායමෙන් සියයට 70ක් 75ක් ණය පියවන අපිට වර්ධන කටයුතු වලට මුදල් නැහැ. වෙලාවේ හැටියට මේක බදු දීල මිලියන 600ක් අරගෙන ඒ මුදල අපනයන නිපැයුම් වැඩි දියුණු කරන්න යොදා ගත්තොත් අවුරුදු 30ක් යද්දී අපට මේ පාරවල් ආපසු ලැබෙද්දී මනා ආර්ථිකයක් ඇති රටක් වෙන්නට පුළුවනි. හරියට අබලන් ආර්ථිකයක් තිබුණු චීනය හොන්කොන් දුපත් බදු දුන්න වගේ.

:       0       0

sahan Sunday, 27 August 2017 12:27 PM

මහලොකු අප්පොච්චට විතරද විකුණන්න පුළුවන්...

:       39       0

sathyayaa Sunday, 27 August 2017 08:59 PM

අරගොල්ලෝ හදන කොට ගැහැව්වා. අපොයි මන් ඒක දැක්කේ නැහැනේ. මේ ගොල්ලෝ ඒක විකුණලා ගහනවා. අනේ ඒක නම් මන් හොඳින්ම දැක්ක.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දේශපාලන

ජනපතිට ජපානයෙන් ආරාධනයක්
2025 අප්‍රේල් මස 11 2144 0

මේ වන විට ආණ්ඩුව ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා හදා ගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අක්කරපත්තුවේ ජන රැළියකදී පැවසීය.


පිරිසිදු පුංචි ආණ්ඩු ටිකක් හදාගන්න
2025 අප්‍රේල් මස 11 497 0

අයවැයෙන් වෙන් කළ මුදල් විනිවිදභාවයෙන් ගමේ සංවර්ධනයට යොදවන්න පිරිසිදු ප්‍රාදේශිය පාලනයක් නිර්මාණය කරගන්නා⁣ ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය


සුබ නැකතට රට අනුරට දුන් අය විපතකට
2025 මාර්තු මස 26 1919 32

සුබ නැකැතට රට අනුරට දුන් ජනතාවට ජීවත් විමේ අරගලයක නිරත වීමට සිදුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද
2025 මාර්තු මස 25 3569 16

රණවිරුවන්ට බ්‍රිතාන්‍ය පැනවූ තහනමින් ප්‍රවර්ධනය වන්නේ මානව හිමිකම් නොව ත්‍රස්තවාදී අභිලාෂයන් බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත


පළාත් පාලන ආයතනවල බලයත් ‘මාලිමාවට’ දෙන්න
2025 මාර්තු මස 21 1557 25

ආණ්ඩුව එක පැත්තක සහ පළාත් පාලන ආයතන තවත් පැත්තක තිබුණ හොත් ප්‍රතිවිරෝධයක් නිර්මාණ වී අවුලක් ඇති වන බවත් ඒ හේතුවෙන් පළාත් පාලන ආයතනවල බලය මාලිමාව සතුව


මේ වේගෙට ගියොත් සිංගප්පූරුව අල්ලන්න අවුරුදු 65ක් යනවා
2025 මාර්තු මස 21 4681 55

අද සිංගප්පූරුව තියෙන ආර්ථිකයට පැමිණෙන්න නම් මේ වේගයෙන් ගියොත් තව අවුරුදු 65ක් වත් යන බව පත් කළ මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා:-(පො.පෙ) පාර්ලිමේන්තුවේදී පැව


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 50 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 201 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 732 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

Our Group Site