IMG-LOGO

2024 දෙසැම්බර් මස 27 වන සිකුරාදා


අන්තේවාසිකයන් බෙදාගත් ජනාධිපති අරමුදල

-අවුරුදු ගණනකින් ජනාධිපති අරමුදල් මණ්ඩලය රැස්වී නෑ 
- ජනාධිපති අරමුදල නඩත්තු කරන්නේ ජනතාවයි 

ජනාධිපති අරමුදලේ ප්‍රතිලාභ බෙදාගත් ආකාරය තියුණු විවේචනයකට හසු වී තිබේ. අලුත් ආණ්ඩුව හොයන, පැරණි ආණ්ඩුවේ වැරදි අතරට ජනාධිපති අරමුදල ද එකතු වී ඇත. ජනාධිපති අරමුදල, ජනාධිපති සමාව යනා දී කරුණු විධායක බලය සමග හිමිවෙන අයිතිවාසිකමක් බව පළමුවෙන් සඳහන් කිරීම අවශ්‍යය. කෙසේ වෙතත්, තමන්ට ලැබෙන බලය නිර්ලජ්ජිත ආකාරයකට භාවිත කිරීම සුදුසු නැත. 1978 සිට අද දක්වා, ජනාධිපති අරමුදල පාලනය කරන ලද ආකාරය ගැන ප්‍රශ්න තිබේ. විධායක ජනාධිපතිවරුන්ගේ තීරණ ගැන බරපතළ චෝදනා ඇත. ලජ්ජාව හා බය නැතිව ප්‍රධාන පුරවැසියා හැසිරෙන පසුබිමක, අන්තේවාසියකයන්ගෙන් ආචාරධර්ම අපේක්ෂා කළ යුතු නැත.
ජනාධිපති අරමුදල ගැන හෙළිදරව් කරන සිද්ධි මෙරට පිරිහීම මැනැවින් දක්වයි. යකඩ මල්ලටත් ගුල්ලන් විද්ද පසු අනෙක් දෙයක් ගැන බලාපොරොත්තු තැබිය යුතු නැති බව පැරණි උපහැරණ අපට කියා දී තිබේ. අලුත් සමාජයක් ගොඩනගන අරමුණ ඇතිව බලයට පත් අනුර කුමාර ආණ්ඩුවට විශාල කාර්යභාරයක් පැවැරී තිබේ. පැරණි දොස් එළියට දමන අතරවාරයේ, හරි දේ හරියට කරන වගකීම අමතක කළ යුතු නැත.


හෙළිදරව් කිරීමෙන් පමණක් නොසෑහෙන වරදක්


ජනාධිපති අරමුදලෙන් ආධාර ලබාගත් දේශපාලනඥයන්ගේ නාම ලේඛනයක් පසුගිය දා පාර්ලිමේන්තුවේ දී හෙළිදරව් කෙරිණ. මෙම නම් නැවත ප්‍රකාශ කිරීම අවශ්‍ය නැත. මහජනාවගේ කැමැත්තෙන් බලයට පත්ව, මහජනතාවට ලැබිය යුතු සහන, වරප්‍රසාද වශයෙන් භුක්ති විඳින ලද මෙම කණ්ඩායම නැවත නැවතත් සඳහන් කිරීම එම අයුක්තිසහගත කටයුත්ත වක්‍ර ආකාරයකට සාධාරණීකරණය කිරීමක් විය හැකිය. 
අනෙක් අතට, දේශපාලකයන් පමණක් නොවේ විවිධ තරාතිරම්වල ඉහළ සමාජයේ සැලකිය යුතු කොටසක් ජනාධිපති අරමුදලෙන් සිය වෛද්‍ය ප්‍රතිකාර සඳහා සීමාව ඉක්මවා සහන ලබාගෙන ඇති බව පෙනේ. එම ලැයිස්තුව එළියට පැමිණ නැත. ආණ්ඩුවේ ප්‍රතිවාදී දේශපාලනඥයන් ගේ පමණක් නොව එම කණ්ඩායම ද මහජනතාවගේ මුදල් ස්වකීය අවශ්‍යතා සඳහා ලබාගෙන තිබේ. ඔවුන්ගේ නම් හා තරාතිරම දැනගැනීමට ද අයිතියක් ජනතාවට තිබේ. හදිසි ප්‍රතිකාර අවශ්‍ය කරන රෝගියෙකු සඳහා වහාම උපකාර කිරීමට ප්‍රධාන පුරවැසියාට අයිතියක් ඇත. ජනාධිපති අරමුදල නිර්මාණය කිරීම තුළින් ජනාධිපතිවරයාගේ අභිලාෂය අනුව කටයුතු කිරීමට අවශ්‍ය පසුබිම සකස් කර දී ඇත. මෙහි වරද, සියලුම පුරවැසියන්ට සමාන අයිතිය සලකා ක්‍රියා නොකිරීමය.  
සෞඛ්‍ය ඇමැතිවරයා තමන්ගේ රෝහල් පද්ධතියෙන් ප්‍රතිකාර ගත්තේ නැත. සුළු අසනීපයකට පවා සිංගප්පූරුවේ හෝ වෙනත් දියුණු ප්‍රතිකාර ක්‍රම ඇති රටවලට ගියේය. රජයේ ජල නළයෙන් එන ජලය පානය කිරීම ප්‍රතික්ෂේප කරන ආණ්ඩුවේ මැති ඇමැතිවරු හා නිලධාරීහු ජල බෝතල් පරිහරණය කරති. ජනතා ඡන්දයෙන් බලයට පත් වූ පසු සිය දහස් ගණන් ආරක්ෂක පරිවාර අවශ්‍ය කෙරේ. රක්ෂණය, විදුලිය හා ජලය සැපැයීම, නිවාස නඩත්තුව හා සන්නිවේදන පිරිවැය සඳහා මහජන මුදල් වැය කරන විකෘති ක්‍රම සකස් කරගෙන ඇත. මෙම පිළිවෙළට අනුබල නොදීම අනුර දිසානායක ආණ්ඩුවේ වගකීමකි.


ජනාධිපති අරමුදල හැසිරෙන්නේ කෙසේද?


සංවර්ධන ලොතරැයිය ජනාධිපති අරමුදලට මුදල් ලැබෙන ප්‍රධාන ආකාරය වේ. එයට අමතරව, මහජන පරිත්‍යාග ද භාරගැනේ. ඒවා බද්දෙන් නිදහස්ය. 1978 අංක 7 දරන පාර්ලිමේන්තු පණත මගින් ස්ථාපිතය. ජනාධිපති, අගමැති, කතානායක, විපක්ෂ නායක, ජනාධිපති ලේකම් සහ ජනාධිපති පත් කරන දෙදෙනෙකු ගෙන් සමන්විත කණ්ඩායමක් අරමුදල පාලනය කරයි. ජනාධිපති අරමුදලේ අවභාවිතය ගැන මෙම කණ්ඩායම වගකිවයුතුය. හුදෙක් එක පුද්ගලයෙකුට පමණක් ඇඟිල්ල දිග්කිරීම සුදුසු තත්ත්වයක් නොවේ. පළමු, දෙවැනි හා තුන්වැනි පුරවැසියන් එකතු වී මහජන මුදල් සිතැඟි පරිදි භුක්ති විඳින ක්‍රමයක් තුළ සමාජ සාධාරණත්වයක් අපේක්ෂා කළ නොහැක.
මෙතෙක් කරන ලද ගනුදෙනුවල දී, පැහැදිලිවම මෙම අරමුදල ස්වකීය පරිහරණයට නතු කරගෙන ඇති බව පෙනේ. ජනාධිපති අරමුදලේ නියාමනය අනුව, ආදායම් බදු ගෙවන්නන්ට ප්‍රතිලාභ අයැදුම්  කළ නොහැක. පවුලේ සියලුම දෙනා ගේ මාසික ආදායම රුපියල් ලක්ෂ දෙක ඉක්මවන අයට ප්‍රතිලාභ නොලැබෙන බව ද තවත් කරුණකි. රක්ෂණ හෝ වෙනත් ප්‍රතිලාභවලින් සියයට පනහ ඉක්ම වන ආවරණයක දී ජනාධිපති අරමුදලෙන් ප්‍රතිලාභ නොලැබේ.
තොරතුරු පද්ධතියට අනුව, ග්‍රාම නිලධාරී සහ ප්‍රාදේශීය ලේකම්වරයා ආදායම ගැන සහතික කළ යුතු වේ. ජනාධිපති අරමුදල විගණකාධිපතිවරයාගේ විගණනයට යටත්ය. ප්‍රතිලාභ ලැබිය හැකි ආකාරය හා ලබාගැනීමට සම්පූර්ණ කළ යුතු සාධක සලකා බලන, ග්‍රාම නිලධාරිවරයාගේ සිට ජනාධිපති දක්වා සියලුම දෙනා අරමුදලේ ධනය රිසි පරිදි බෙදාගැනීමේ කොල්ලයට හවුල් වී ඇත. අනෙක් අතට, ප්‍රතිලාභ ඉල්ලුම් කිරීමේ දී පවුලේ අයෙකු විය යුතු අතර නැත්නම් හෝ සමීප හිතවතෙකුට අයැදුම් කළ හැකි වේ. ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර මැති ඇමැතිවරු හා ඔවුන්ට සමීපතම පිරිස් ජනාධිපති අරමුදලෙන් ප්‍රතිලාභ ලබාගන්නා දරු පවුල් ඇතුළු සමස්ත සමාජයම හැසිරී ඇති ආකාරය පිළිකුල්සහගතය. 


දුප්පතා ගන්නා ලොතරැයියේ කොටසක් දේශපාලනඥයන් අරන් 


ලොතරැයි පතක් මිල දී ගන්නා ජනතාව, වාසනාව ගැන මහත් බලාපොරොත්තු තබති. කලාතුරකින් දිනුමක් ලැබේ. සියලුම දෙනා දිනන ක්‍රමවේද තිබේ නම් ලොතරැයි මණ්ඩලය ලාභ ලබන්නේ නැත. එම ලාභයෙන් විශාල කොටසක් ජනාධිපති අරමුදලට බැර නොකෙරේ. ජනාධිපති අරමුදල මගින් රෝගීන්ට වියදම් කරන අතර, ඉගෙන ගැනීමට ශිෂ්‍යත්ව ප්‍රදානය කරන්නේ ද මහජනතාව මිල දී ගන්නා ලොතරැයි දායකත්වයෙන්ය. මහ මග ඇවිදිමින් ටිකට් අලෙවි කරන දුප්පත් පුද්ගලයෙකු අසල, වාහනය නතර කර ඔහුගේ ලොතරැයි මිල දී ගන්නා ධනවතුන් වෙත් නම් එය අතළොස්සකි. මැති ඇමැතිවරු කිසි දිනක එසේ නොකරන බව ප්‍රකාශ කළ හැකිය. එහෙත් අලෙවි කරන ආදායමෙන් විශාලතම පංගුව බෙදා​ෙගන ඇත්තේ ඔවුහුය. 
2022 වසරේ දී ජනාධිපති අරමුලට රුපියල් මිලියන 4,307 ක් ආදායම වශයෙන් ලැබී ඇත. එයින් රුපියල් මිලියන 3,095 ක් ලොතරැයි වලින්ය. අරමුලදට ලබෙන ජනතා සහභාගීත්වයක තරම මෙයින් හෙළි කෙරේ. තවත් රුපියල් මිලියන 758 ක් පොලී ආදායම වන අතර රුපියල් මිලියන 453 ක් පරිත්‍යාග ඇතුළු විවිධ අංශවලින් එකතුකරගෙන තිබේ. 2022 වසරේ දී පිරිනමා ඇති වෛද්‍ය ප්‍රතිකාර ප්‍රතිලාභ ප්‍රමාණය රුපියල් මිලියන 1,697 කි. මෙයින් සියයට අනූ නවයක්ම රුපියල් ලක්ෂ දෙකකට අඩු ආධාර බව නිරීක්ෂණය කළ හැක. 
අධ්‍යාපන කටයුතුවලට අදාළ ශිෂ්‍යත්ව සඳහා රු. මිලියන 4.31 ක්, සමාජ සුබසාධන වෙනුවෙන් රු. මිලියන 16.34 ක් හා ආගමික කටයුතු සඳහා රු මිලියන 3.40 ක් වැය කර තිබේ. සමස්ත වියදම රු. මිලියන 1, 772 ක් වේ. අවුරුදු ගණනකින් ජනාධිපති අරමුදල් මණ්ඩලය රැස්වී නැත. විගණකාධිපතිවරයා දක්වන කරුණු අනුව, එහි විෂමතා අප්‍රමාණය. සමහර රෝගීන්ගේ වියදම් ගෙවීම සඳහා අවුරුදු දෙකක සිට අවුරුදු හතරයි මාස අටක් දක්වා කාලයක් ප්‍රමාද වී තිබේ. 
2022 වසරේ රෝගීන් 6,212ක් ජනාධිපති අරමුදලෙන් ආධාර ඉල්ලා ඇත. පිරිනමන ලද ප්‍රමාණය 1,332කි. 2020  ට වඩා සියයට විසි හතකින් හා 2019 ට වඩා සියයට හැත්තෑ නමයකින් දුප්පත් ජනතාවට ආධාර ගෙවීම පහත වැටී ඇති බව රජයේ විගණන වාර්තා දක්වයි. රට වැසියන් සුවපත්ව “සුඛී දීඝායුකෝ” තැනක ද යන්න පාලකයෝ දැනගත යුතුය. මාධ්‍ය වාර්තා අනුව දිනපතා ලක්ෂ ගණන් රෝගීහු රජයේ රෝහල්වල ප්‍රතිකාර පතා සිටිති. ජනාධිපති අරමුදලෙන් ප්‍රතිලාභ ලබාගත හැකි, ප්‍රධාන වශයෙන් රෝගී තත්ත්ව ප්‍රමාණය පහළොවකි. හෘද සැත්කම්, වකුගඩු, මොළය ආශ්‍රිත සැත්කම් ඇතුළු දරුණු රෝගීන් අවුරුදු ගණන් පොරොත්තු ලේඛනයේ පසුවෙන බව රහසක් නොවේ. ජනතාවට අවාසනාව තිබිය දී වාසනාවේ වරම කැරකෙන්නට නම් බලය ඇති තැන්වලට සමීප වී සිටීම වැදගත් බව පාර්ලිමේන්තුවේ කරන හෙළිදරව් අනුව පැහැදිලිවේ. විවේචනය පමණක් නොසෑහේ. භාවිතාව නිදොස් කොට පොදු ජන මෙහෙවර සඳහා ජනාධිපති අරමුදල වෙන් කිරීමේ වගකීම ජනාධිපතිවරයා සතුව ඇත. 
සාරා කන්දෙගොඩ 



අදහස් (0)

අන්තේවාසිකයන් බෙදාගත් ජනාධිපති අරමුදල

ඔබේ අදහස් එවන්න

දේශපාලන

ලංකාව ඉන්නේ නව යුගයක එළිපත්තේ
2024 දෙසැම්බර් මස 17 2445 9

ශ්‍රී ලංකාව සිටින්නේ නව යුගයක එළිපත්ත මත බව ජනාධිපති අනුර දිසානායක මහතා ඉන්දියාවේදී පැවසීය.


හෙට උදේට ඔක්කොම සහතික පෙන්නනවා
2024 දෙසැම්බර් මස 17 3058 8

තමා ලැබූ සියලුම අධ්‍යාපන සුදුසුකම් හෙට දිනයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.


නාමල් නීතිඥ වූ හැටි වසන්ත කියයි
2024 දෙසැම්බර් මස 17 4411 9

නාමල් රාජපක්ෂ ඒ.සී කාමරයක දාලා ප්‍රශ්න පත්තරේ කලින් දීලා අන්තර්ජාල පහසුකම් සහිත පරිගණකයකුත් දීලා විභාගේ ලියපු හැටි දැනට ස්විස්ටර්ලන්තයේ දේශපාලන රැක


වයින් ස්ටෝස් බලපත් අහෝසි නොකරන්නේ ඇයි?
2024 දෙසැම්බර් මස 17 2615 14

ආණ්ඩුව විසින් මහා ඉහළින් කතා කරන ලද වයින් ස්ටෝස් බලපත්‍ර වහා අහෝසි කරන්නැයි කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා:-(සජබ) පාර්ලිමේන්තුවේදී ප


කැම්පස් නොයන අයත් ආර්ථිකයේ කොටස් කරුවන් කරනවා
2024 දෙසැම්බර් මස 14 636 4

විශ්ව විද්‍යාල ප්‍රවේශයට සුදුසුකම් නොලබන තරුණ තරුණියන්ට වෘත්තීය අධ්‍යාපනය ලබාදෙමින් ඔවුන් ජාතික ආර්ථිකයේ කොටස්කරුවන් බවට පත් කිරීමේ වගකීම තරුණ කටය


‘‘අල්ලස, දූෂණය නැති නොකළොත් සැමරුම් උත්සව ලබන වසරේ එපා‘‘
2024 දෙසැම්බර් මස 09 6343 9

කොපමණ නීති සම්පාදනය කළත්, කොපමණ ආයතන ගොඩනැගුවත් එහි බලධරයන් නිසියාකාරයට ක්‍රියාත්මක නොවන්නේ නම් පුරවැසියාට සාධාරණය ඉටු නොවන බව ජනාධිපති අනුර කුමාර ද


මේවාටත් කැමතිවනු ඇති

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 135 0
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 116 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” 2024 දෙසැම්බර් මස 20 85 0
2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න”

මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ

Our Group Site