IMG-LOGO

2024 සැප්තැම්බර් මස 17 වන අඟහරුවාදා


අනාගතය ගැන කතා නැති අයට රට භාර ගන්න අයිතියක් නෑ

(අංජුල මහික වීරරත්න)

රටේ අනාගතය ගැන කතා කිරීමට නොහැකි පුද්ගලයින්ට රටේ අනාගතයේ භාර ගැනීමට අයිතියක් නොමැති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

රටේ අනාගතයේ භාරගත හැක්කේ රටේ අනාගතය ගැන කතා කරන අයට පමණක් බවද ජනාධිපතිවරයා අවධාරණය කළේය.

මෙරට ව්‍යාපාරිකයන් සහ කර්මාන්තකරුවන් අපනයනය සඳහා යොමු විය යුතු බව අනුර කුමාර දිසානායක මහතා පසුගිය දිනෙක ප්‍රකාශ කර තිබුණත්, ඔහුගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ ශ්‍රී ලංකාව එළැඹ තිබෙන නිදහස් ‍වෙළෙඳ ගිවිසුම් අවලංගු කරන බව සඳහන් කර ඇති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, නිදහස් වෙළෙඳ ගිවිසුම්වලින් තොරව අපනයන ආර්ථිකයක් ඇති කරන්නේ කෙසේදැයි ප්‍රශ්න කර සිටියේය.

ඡන්දදායකයින් ලෙස මේ පිළිබඳ හොඳින් අවධානය යොමුකර සිය තීරණය ගත යුතු බවත්, රටක් ලෙස වෙනස් වීමට සූදානම් නම් අනෙකුත් ක්ෂේත්‍රවල ද වෙනස්කම් ද සිදු කළ හැකි බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළකර සිටියේ ඊයේ කොළඹ ගලදාරි හෝටලයේදී ජාතික බැංකුකරුවන්ගේ සංගමය විසින් "බුද්ධිමත් නායකත්වයක් සමඟ බැංකුකරුවෝ" යන තේමාව යටතේ සංවිධානය කළ බැංකුකරුවන් සහ මූල්‍ය කටයුතු පිළිබඳ සමුළුවට එක්වෙමිනි.

මෙම සමුළුවේදි ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්. එච්. එස්. සමරතුංග මහතා ශ්‍රී ලංකාව පසුගිය වසර දෙක තුළ අත්පත් කරගත් ආර්ථික ප්‍රගතිය පිළිබඳ විශේෂ දේශනයක් ද සිදු කළේය.



අදහස් (21)

අනාගතය ගැන කතා නැති අයට රට භාර ගන්න අයිතියක් නෑ

ජගත් ලියනගේ Saturday, 07 September 2024 12:46 PM

තවමත් අට වන ජනාධිපති නේද? ජනාධිපති කෙනෙක් වුණාම මීට වඩා වගකීමකින් කතා කරන්න ඕනෑ කියලා තේරෙන්නේ නැති හැටි. පොඩ්ඩක් කියවලා බලන්න ඔයාගේ මූලික ප්‍රතිවාදී දෙන්නාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන.

:       70       29

සමන්තSaturday, 07 September 2024 09:14 PM

රනිල් වික්‍රමසිංහට දේශපාලනය සහ කතා කරන්න උගන්වන්න තරම් බුද්ධියක් ඔබට තිබිම ගැන සතුටු වෙනවා මිත්‍රයා. ඒ තරම් ඉදිරි දැක්මක්..., දැනුම් සම්භාරයක් සහ ඇත්දැකීම් ඇති නායකයෙක් ආසියාවේම නැති වෙන කොට ඔහෙලාට වරදින දිනය වැඩි ඈතක නැති බව මතක තියාගත්තොත් හොඳයි. මොකද එදාට රනිල් නෑ...

:       0       0

Prabha Saturday, 07 September 2024 12:49 PM

අනුර පරදිනවා කිය කිය කතාකරන්නෙම අනුර ගැන... ඇයි මේ?

:       77       35

Lakmal Saturday, 07 September 2024 12:55 PM

සෙට් එකක් එකතු කරන් හෝටලයට ගෙනැල්ලා කන්න බොන්න දීලා ඡන්දය හිඟාකන දෙකයි පනහෙ කෙනෙක් එක්ක මොන ජනාධිපති කම්ද? තව ටික දවසයි. ඊට පස්සේ පඩික්කමට ගන්නවත් සුදුසු නෑ.

:       95       56

මැක්ස්Saturday, 07 September 2024 02:25 PM

එකටත් එක්ක ජාජබේනේ ලක්මාල්? හෝටල්වලට කව්රුත් ගෙන්වන්නෙත් නෑ, කන්න බොන්න දෙන්නෙත් නෑ, ඒ දවස්වල කටවුට්, පෝස්ටර් වලට බැන්නා වගේම තාම ප්‍රතිපත්තියේ සිටිමින් ඒවා කරන්නේ නෑ, පන්සල්, පල්ලි, කෝවිල්වලට යන්නේ නෑ. එදා වගේම එහෙම යන අය විවේචනය කරනවා. තව කොච්චර දේවල් නම් තියෙනවාද නේද..?

:       21       109

LakmalSaturday, 07 September 2024 03:34 PM

දුකයිද?

:       48       16

Rata Perata Saturday, 07 September 2024 12:56 PM

මෙන්න මේ මනුස්සයා මානසික ලෙඩෙක්ද පෙන්නන්න..?

:       125       44

m. saman perera Saturday, 07 September 2024 12:57 PM

වසර ගාණක් අගමැතිකම් කරලා කරපු හරිය ඇති... දැන් ගෙදර යන්න.

:       99       42

Kazi Shajahan Saturday, 07 September 2024 02:27 PM

මේ මිනිස්සුන්ට පිස්සුද මන්දා... තව සති 02ක් ඉන්න මනුස්සයාගේ කතා අහන්න යන්නේ, නිකන් කාලය නාස්ති කරනවා. රටට වැඩක් කරන්නේ නැතිව...

:       60       31

chin Saturday, 07 September 2024 02:30 PM

මාලිමා අයගේ රස්තියාදු මන්ද මානසිකත්වය කමෙන්ට්වලින් පේනවා....

:       33       89

Prabha Saturday, 07 September 2024 04:39 PM

චින් ඔයා ලියලා තියෙන්නේ සිලින්ඩර් සීයගේ අයට තේරෙන භාෂාවෙන්...

:       42       19

බද්රානි Saturday, 07 September 2024 02:46 PM

ඔබතුමා අතීතයේ මේ රටට කරලා තියන වින්නැහිය හොඳටම ඇති.. මහා බැංකුව සුරාගෙන කාලා පක්ෂය පොහොසත් කරලා, පාස්කු ප්‍රහාරය වෙනකම් ඇස් පියාගෙන ඉඳලා, ඡන්දෙනුත් පැරැදිලා, හොර කල්ලියේ ඡන්ද වලින් පිනට ජනාධිපති වෙලා, හොරුන්ව ආරක්ෂා කළ ඔබතුමාට තවත් අනාගතයක් තියනවාද කියලයි මට නම් අහන්න තියෙන්නේ..? තිබුණු ණයත් නොගෙවා, තවත් ණය අරගෙන ජනතාවට බදුත් ගහලා, ගෑස් ටිකයි, තෙල් ටිකයි මේ රටට ගෙනාපු එකද ලොකුම හපන් කම..? ඕක ලංකාවේ අයට මහලොකු දෙයක් වුණාට, ලෝකයේ ඕනෑම මෝඩයෙකුට කරන්න පුළුවන් දෙයක්නේ..? සංවර්ධිත රටවල නායකයින්ගෙන් යමක් ඉගෙන ගන්න මෙතැන පම්පෝරි නොගහ...

:       82       29

shantha Saturday, 07 September 2024 04:09 PM

අපි මොහොතකට හිතමු (කවදාවත් මෙයා ජනාධිපති වෙන්නේ නැහැ !!! ) මේ සියා රටේ ජනාධිපති වුණත් වැඩක් නැහැ. මේ දවස්වල මේ හාදයා රාජ්‍ය දේපළ, බලය අවභාවිතා කරලා කරපු අසමජ්ජාති වැඩ ඔක්කෝම වීඩියෝ සාක්ෂිත් සමග ඡන්ද පෙත්සමක් ඉදිරිපත් කළාම අකුලාගෙන ගෙදර යන්න වෙනවා.

:       52       18

wijith Saturday, 07 September 2024 04:14 PM

රනිල්, එතකොට රටේ ජනතාවගේ ඡන්දයෙන් නැතිව හොරු 134 දෙනෙක්ගේ හොර ඡන්දයෙන් ජනාධිපතිවෙලා අන්තිමට රට විකුණන්න අයිතියක් තියෙනවද? තමුන් සිටිය යුත්තේ පිස්සන් කොටුවේ. නමුත් තමන්ගේ අතීතයේ වැඩ කිඩ ඔක්කෝම නිසා ළඟදීම හිරේ යනවා ජීවිතාන්තයටම. !!! # මාලිමාවට ඡන්ද කෝටියක් # අනුරකුමාර සහෝදරයා ජනාධිපති !!!

:       48       18

chandana Saturday, 07 September 2024 04:16 PM

පිස්සන් කොටුවෙන් පැනලා ඇවිත් තැන තැන මොනවද කියවමින් ඇවිදිනවා වගේ...!

:       42       17

nanda Saturday, 07 September 2024 04:57 PM

ජනාධිපතිකමේ ඉඳන් නැවත ඡන්දෙ ඉල්ලපු කෙනෙක් මේ වගේ පිස්සු කරලා නෑ. මීට ඉස්සර නම්.

:       42       15

බණ්ඩා Saturday, 07 September 2024 09:19 PM

මේකේ කොමෙන්ට් දාලා තියෙන වැඩි හරියක් 88/89 කාලේ එක්කෝ ඉපදිලා හිටිය අය නෙමේ. නැත්නම් බත් ගිල ගිල හිටපු අය. උන් කොහොමත් විවේචන දරාගන්න බැරි රස්තියාදු කාරයෝ මිසක් දේශපාලනය ගැන දන්නා අය නෙමේ. එක විශ්ව විද්‍යාලේ හොඳින් දැක්කා...

:       0       0

Nishan Sunday, 08 September 2024 04:23 AM

රනිල් එක්ක ඉන්නේ හොරු හොරු කිව්වට අන්න අනුර එක්ක ඉන්න ලොකු නායකයෙක්ව අත් අඩංගුවට ගන්න ගල්කිස්ස උසාවියෙන් වරෙන්තු නිකුත් කරලා ලක්ෂ 36 ක් වංචා කලා කියලා. ඇත්තටම දැන් කවුරු එක්කද හොරු ඉන්නේ?

:       0       0

Nishan Sunday, 08 September 2024 04:30 AM

මාලිමාවට කිසිම විදියකින් මේ රටේ බලයක් නොයා යුතුයි. රනිල්ට දෙන්නේ නැති අය සජිත්ට දෙන්න. මාලිමාව ආවොත් මේකේ ඉන්නවා වගේ ම්ලේච්චයෝ අතට බලය ගිහින් මේ රට වැද්දන්ගේ, ම්ලේච්චයන්ගේ රටක් වෙනවා.

:       0       0

Nishan Sunday, 08 September 2024 09:17 AM

මාලිමාවට කිසිම විදියකින් මේ රටේ බලයක් නොයා යුතුයි. රනිල්ට දෙන්නේ නැති අය සජිත්ට දෙන්න. මාලිමාව ආවොත් මේකේ ඉන්නවා වගේ ම්ලේච්චයෝ අතට බලය ගිහින් මේ රට වැද්දන්ගේ, ම්ලේච්චයන්ගේ රටක් වෙනවා.

:       0       0

Priyantha Dissanayake Monday, 09 September 2024 10:45 AM

සාමාන්‍ය අපේ ගෙවල්වල සිටින අතිශය බහුතරයක් අවුරුදු 65 පැනපු සීයලගේ ආච්චිලාගේ හැසිරීම් රටාව බලන්න. ඔවුන් බොහෝදුරට දුර්වලයි, තනියම තම වැඩ කොටසවත් කරගන්න බැහැ. සිහිකල්පනාවක්, ඉවසීමක් නැහැ. එකම දේ නැවත නැවත කියනවා. සාමාන්‍ය ප්‍රමාණයට වඩා තරහ යනවා, දුක්වෙනවා, සෝසුසුම් හෙලනවා. පොඩි ළමයි වගේ නේද..? දේශපාලඥයිනුත් මේ ලංකාවේ උපන් මිනිසුන් නේද..? ඔවුන් දිව්‍යලෝකයේ සිට ඕපපාතික වූ දිව්‍ය කොට්ඨාශයක් නොවෙයි නේද..? ඉතිං මේ උතුම් රට ජනාධිපතිකම්, අගමැතිකම් නාමයෙන් වැඩි කාලයක් පාලනය කළේ මෙවන් මන්ද මානසික ලෙඩ්ඩු පිරිසක් නේද..? විශේෂයෙන් මහින්ද මහත්තායාගේ පළමුවෙනි පාලන කාලයෙන් පසු එතුමා රූකඩයක්වගේ සිටියේ වෙන කෙනෙක් කියන, ලියන දේ එතුමා කරනවා කියනවා. ඊළඟ පාර්ලිමේන්තුවේදී විශේෂ කටයුත්තක් ලෙස ව්‍යවස්ථාව සංසෝධනය කර දේශපාලඥයින්ට තිබෙන වරප්‍රසාද සියල්ල කපාහරින්න ඕනෑ ඒවගේ සෙසු රාජ්‍ය සේවකයින්ට වගේ මැති ඇමැතිකම් දරන්න නිශ්චිත වයස් සීමාවක් පැනවිය යුතුමයි. අවමයෙන් එය වයස 65ටවත් සීමාකළ යුතුයි.. බලන්න රනිල් මහත්තයාගේ වයස කීයද..? එතුමා 2023 සිට 2048 ගැන කථාකරනවා මොනතරම් ජුගුප්සා ජනකද...?

:       0       0

ඔබේ අදහස් එවන්න

දේශපාලන

’’අපට මිත්‍රශීලී රටවල සහය තිබෙනවා’’
2024 සැප්තැම්බර් මස 16 666 1

බිඳ වැටුණු මෙරට ආර්ථිකය නැවත ගොඩනැඟීමට පසුගිය දෙවසර තුළ රජය ගෙන ගිය වැඩපිළිවෙළ හේතුවෙන්, රට ඉදිරියට ගෙන යාමේ ගමනට ඉන්දියාව, ජපානය ඇතුළු සියලු මිත්‍රශී


‘උදාගම්මාන යුගය යළි අරඹනවා‘
2024 සැප්තැම්බර් මස 16 624 2

පසුගිය වසර කිහිපය තුල අඩපණ කොට තිබෙන නිවාස ව්‍යාපෘති ආරම්භ කොට නව උදාගම්මාන ඇතිකරන යුගයක් කිලිනොච්චිය දිස්ත්‍රික්කයෙන් ආරම්භ කරන බව සමගි ජන බලාවේගයේ


‘පිල් මාරු කරන දේශපාලනයට තිත තබනවා‘
2024 සැප්තැම්බර් මස 15 1053 18

ජනතා නියෝජිතයින්ට පිල් මාරු කිරිමට නොහැකිවන ලෙස සැලුන් දොර වසා දමා, ජනතා නියෝජිතයින් පක්ෂ හා පිල් මාරුකරන දේශපාලනයට තිත තැබිමට තමාගේ ප්‍රධානත්වයෙ


‘ගල්කැටයකින් - නියතුඩකින් හෝ කාටවත් හානි කරන්න එපා‘
2024 සැප්තැම්බර් මස 15 1486 16

‘අපි ප්‍රවේසම් මෙන්ම සාමකාමී වෙන්න ඕනෙ. ගල් කැටයක් වත් අතට ගන්න එපා. ජයග්‍රහණය හරි හැටි සමරමු‘යැයි ජාතික ජන බල වේගයය බව එම පක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂක


‘‘දරුවන්ට යහපත් අනාගතයක් බිහිකරනවා‘‘
2024 සැප්තැම්බර් මස 14 600 11

ජනතාවට අනාගතයක් පිලිබඳව බලාපොරෙත්තුවක් තැබිය හැකි, දරුවන්ගේ අනාගතය පිලිබඳව විස්වාසයක් තැබිය හැකි, සුබ සිහින දකින්නට පුළුවන්, ආණුඩුවක් පිහිටුවීම ජාත


මාලිමාවට ’’චාන්ස් එකක්’’ දුන්නොත් ජනතාවගේ ’’චාන්ස් එක’’ නැති වෙනවා
2024 සැප්තැම්බර් මස 14 2229 38

’’චාන්ස් එකක්’ දෙන්නැයි ඉල්ලන මාලිමාවට අවස්ථාවක් දුන්නොත් සිදුවන්නේ ජනතාවගේ ’’චාන්ස් එක’’ ගිලිහී යාම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කෑගල්ලේදී


මේවාටත් කැමතිවනු ඇති

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 67 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 2131 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 985 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

Our Group Site