IMG-LOGO

2025 ජනවාරි මස 05 වන ඉරිදා


අපි ගහන්නේ විස්සයි 20 මැච් එකක් නොවේ

(ෂේන් සෙනෙවිරත්න)

මීට පෙර මෙරට බලයට පත්වූ රජයන් ක්‍රියාත්මක කළ දින 50,100 මාස 06, අවුරුද්ද වැඩසටහන් මෙන් නොව ජාතික ජන බලවේගයේ වැඩසටහන අඛණ්ඩව දිගටම කරගෙන යන බව ජාතික ජන බලවේගය මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සෞඛ්‍ය සහ ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා පවසයි.

වත්මන් ජාතික ජන බලවේගය රජය ඕවර විස්ස තරඟ රටාවෙන් බැහැරව තරඟ කිරීමට බලාපොරොත්තු වන්නේ ටෙස්ට් තරඟයක් බවත් එම තරග රටාවේදී සියලු පන්දුවලට පිත්ත නොදාන බවත් ගහන හැම පහරකටම ලකුණු කරා දිව නොයන බවත් විජේමුණි මහතා වැඩිදුරටත් පැවසීය.

ඒ මහතා මෙම අදහස් පල කර සිටියේ මහනුවර දී ජාතික ජන බලවේගය පක්ෂයේ ක්‍රියාකාරීන් පිරිසක් අමතමිණි.

එහිදී ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කර සිටියේ තම මන්ත්‍රී ධූර කාලය වසර පහක් හෝ ඊට අඩුවිය හැකි බවත් එහෙත් ජාතික ජන බලවේගය රජය තවත් වසර 10-15 කට එහා කාලයක් එම තරඟය ක්‍රීඩා කරනු ඇති බවයි.

වත්මන් ජාතික ජන බලවේගය රජය වෙනත් පක්ෂ සමග සන්ධාන ගත නොවී උතුරු නැගෙනහිර පවා ජයග්‍රහණය කිරීමට හැකි වීම විශේෂත්වයක් බවත් එම ජනතාවගේ සිහින හා අභිලාෂයන් පාර්ලිමේන්තුව තුළ නියෝජනය විය යුතු බවද වෛද්‍ය හංසක විජේමුණි මහතා පැවසීය.

මෙම ජයග්‍රහණය තනි පක්ෂයක් ලැබූ ලංකා දේශපාලන ඉතිහාසයේ ඉහළම ජයග්‍රහණය බවද ඒ මහතා අවධාරණය කළේය.

මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ විශාල කඩා වැටීම තිබෙන බවත් එය පුද්ගල ක්‍රියාකාරකම් හේතුවෙන් ඇතිවූ කඩා වැටීමක් නොවන බවත් මෙරට සෞඛ්‍ය පද්ධතිය කාලයක් තිස්සේ යාවත්කාලීන නොවීම හේතුවෙන් ඇතිවූ කඩා වැටීමක් බවද ඒ මහතා කීය. අවිධිමත් කාර්යක්ෂමතාවයක් නොමැති ආයතනයක් බවට සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පත්ව ඇති බවත් එය විධිමත් ආකාරයට යාවත්කාලීන විය යුතුව තිබෙන බවද වෛද්‍ය හංසක විජේමුණි මහතා පැවසීය.

 



අදහස් (1)

අපි ගහන්නේ විස්සයි 20 මැච් එකක් නොවේ

pj Monday, 30 December 2024 05:09 AM

හලෝ.. පම්පෝරි ගහන්න පෙර රටේ ණය කළමණාකරණයට ප්‍රමුඛස්ථානය නොදුන්නහොත් යන්න හොම්බකුත් නැතිවෙයි.

:       12       15

ඔබේ අදහස් එවන්න

දේශපාලන

ආණ්ඩුවේ නව බදු ක්‍රමය ජනතාවට විශාල බරක්
2025 ජනවාරි මස 02 2145 13

ආණ්ඩුවේ නව බදු ක්‍රමය ජනතාවට විශාල බරක් මෙන්ම රටේ ආර්ථිකයට ද අහිතකර බලපෑමක් ඇති කළ හැකි බව එක්සත් ජනරජ පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහ


දරුවන් පාසලෙන් ඈත්වීම ගැන සොයා බැලිය යුතුයි
2025 ජනවාරි මස 02 1109 10

උසස් පෙළ අධ්‍යාපනය ලබන දරුවන් පාසලෙන් ඈත්වීම පිළිබඳ සොයා බැලිය යුතු බවත් කුමන හේතුවක් මත හෝ දරුවන්ගේ අධ්‍යාපන අවස්ථා මගහැරීම නතර විය යුතු බවත් අග්‍රා


’’ඔබට හොඳ සෞඛ්‍යයක් දීම අපේ වගකීමයි’’
2025 ජනවාරි මස 01 766 2

ආර්ථිකය නැංවීමට දායකවන ජනතාවට නිරෝගීමත් සෞඛ්‍ය සම්පන්න ජිවිතයක් අත්පත් කරදීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ කාර්යභාරය වන බව නව වසරේ රාජකාරී ආරම්භ කරමින් සෞඛ්


තරුණ-ක්‍රීඩා අමාත්‍යංශයත් ක්ලීන් වෙයි
2025 ජනවාරි මස 01 1384 4

තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශය ද රජයේ Clean Sri Lanka වැඩසටහනට සමගාමීව අද වැඩ ඇරැඹූහ.


‘දූෂණ පිළිකාව සුව කරනවා‘
2025 ජනවාරි මස 01 790 3

ශ්‍රී ලංකාවට වැළඳී තිබෙන දූෂණය වංචාව නාස්තිය නැමැති පිළිකාව සුව කරන බව ජනාධිපති අනුර දිසානායක මහතා ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන අරඹමින් ජනාධිපති කාර්යා


අපි ගහන්නේ විස්සයි 20 මැච් එකක් නොවේ
2024 දෙසැම්බර් මස 29 1030 1

මීට පෙර මෙරට බලයට පත්වූ රජයන් ක්‍රියාත්මක කළ දින 50,100 මාස 06, අවුරුද්ද වැඩසටහන් මෙන් නොව ජාතික ජන බලවේගයේ වැඩසටහන අඛණ්ඩව දිගටම කරගෙන යන බව ජාතික ජන බලවේගය ම


මේවාටත් කැමතිවනු ඇති

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 415 1
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 211 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” 2024 දෙසැම්බර් මස 20 202 0
2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න”

මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ

Our Group Site