IMG-LOGO

2025 අප්‍රේල් මස 20 වන ඉරිදා


“අපි මුලින්ම වැඩ අල්ලන්නේ ජනතාව බදු බරින් නිදහස් කරලයි“

(කැලණිය ලාල් එස්. කුමාර)

“රටේ නාස්තිය දූෂණය නැති කළා නම් ජනතාවගේ බදු බර විශාල ප්‍රමාණයකින් අඩුකළ හැකි වුවත් දූෂණය නාස්තිය ජාති ලක්ෂණය කරගත් පාලකයන්ට එය කළ නොහැකියි. ජාතික ජන බලවේගය පළමු කාර්යයක් සේ සලකා ජනතාව බදු බරින් නිදහස් කරනවා” යැයි ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පෙරේදා (15) පැවසීය.

දිසානායක මහතා මේ බව පැවසුවේ කිරිබත්ගොඩ නගරයේදී පැවති ජාතික ජන බලවේගයේ ජනරැලිය අමතමිනි.

එහිදී ඔහු මෙසේ ද කීවේය.

“1994 රටේ ආණ්ඩුවේ ආදායම දළ ජාතික නිෂ්පාදිතයෙන් ප්‍රතිශතයක් හැටියට 23%යි. එනම් රටේ සමස්ත ධන නිෂ්පාදනයෙන් 23%ක් භාණ්ඩාගාරයට. 2014 වනවිට ආණ්ඩුවේ ආදායම 11.5% දක්වා හරි අඩකින් කඩා වැටුණා. ඒ නිසා ආණ්ඩුවේ ආදායම හීන වෙලා තිබෙනවා. මේ ආණ්ඩුව ආදායම වැඩිකර ගන්න විවිධ වර්ගයේ බදු හඳුන්වා දුන්නා. කාබන් බද්ද ගහනවා, කාබන් පරීක්ෂා කරන්න යනකොට බද්දක් ගන්නවා. විවාහ ගාස්තු වැඩි කළා. මෝටර් සයිකලයක් ලියාපදිංචි කිරීමේ ගාස්තු වැඩි කළා. එතන රෙජිස්ට්‍රාර් ගාස්තු වැඩි කළා. ව්‍යාපාර මහතුන්ගෙන් ගන්න ආදායම් බදු ප්‍රමාණය විශාල වශයෙන් වැඩිකළා. ඇයි ඒ?

ආර්ථිකයක් පළල් වෙන්නේ නැත්නම්, ඉදිරියට යන්නේ නැත්නම්, ආණ්ඩුවේ ආදායම වැඩිකර ගන්න වෙන්නේ නැවත නැවත බදු ගහලා. ආර්ථිකය ප්‍රසාරණය වෙන්නේ නැහැ. එක තැන පල්වෙනවා. සංවර්ධනය වෙන්නේ නැහැ. ආර්ථිකය සංවර්ධනය නොවී ආණ්ඩුවේ ආදායම වැඩි කරන්න යාමේදී මොකද වෙන්නේ. විවිධ වර්ගයේ බදු හඳුන්වා දෙනවා. අධික බදු පීඩනයකට අද ජනතාව පත්කරලා තිබෙනවා. ඒ නිසා තමයි අද රුපියල් 100ක රීලෝඞ් එකක් ගත්තොත් 40ක් තියෙන්නේ බදු. පෙට්‍රල් ලීටරයක් 138කට ගන්නා විට රුපියල් 70කට වඩා තිබෙන්නේ බදු. දැන් මොකද සිද්ධවෙලා තියෙන්නේ. ජනතාවගේ අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා මත අධික ලෙස බදු පනවන්න සිදුවෙලා. ඒක ජනතාවට බරක්, ව්‍යාපාරිකයන්ට බරක්, රාජ්‍ය සේවකයන්ට බරක්, ඒක පෞද්ගලික අංශයේ රැකියාව කරන සේවකයාට බරක්. අපි කියන්නේ බදු මුළුමනින්ම ඉවත් කරනවා කියන එක නොවෙයි.

රටට සාධාරණ බදු ප්‍රතිපත්තියක් හැදෙන්න ඕන. ලෝකයේ තිබෙන සාධාරණ බදු නිර්ණායකය කුමක්ද? ඍජු බදු 80%ක් වෙන්න ඕන. වක්‍ර බදු 20%ක් වෙන්න ඕනෑ. වක්‍ර බදු කියන්නේ සියලු පුරවැසියන්ට ගහන බදු. චැට් කියන්නෙ වක්‍ර බද්දක්. අපි සීනි කිලෝ එකක් ගත්තොත් සීනි කිලෝ එකකට රුපියල් 15/-ක බද්දක් ගෙවනවා. දුප්පත් ගොවියා ගත්තත් ටි්‍රලියනපතියා ගත්තත් සීනි කිලෝ එකකට බද්ද රුපියල් 15යි. ඒ තමයි වක්‍ර බදුවල හැටි. ආදායමේ විෂමතාවය. ආදායම් බෙදීයාම ගැන කිසිදු භේදයකින් තොරව ධනවත් දුප්පත් හැම දෙනාටම ඒ බද්ද වදිනවා.
 
ආදායම් බදු කියන්නේ යම් ඉහළ ආදායමක් ලබන අයට ඒ ආදායමට අනුව ගහන බදු. නමුත් සිද්ධවෙලා තියෙන්නේ මොකක්ද? ලෝකයේ පිළිගත් නිර්ණායකය තමයි පොදු ජනතාවට ගහන බදු 20%ක් වෙන්න ඕනෑ, ඍජු බදු 80%ක් වෙන්න ඕනෑ කියන එක. අපේ රටේ මොකක්ද සිද්ධවෙලා තියෙන්නේ. පොදු ජනතාවට ගහන බදු 82%යි. ඍජු බදු 18%යි. ඒ නිසා බදු වෙළඳපොළේ විශාල විකෘතියක් අද නිර්මාණය වෙලා තිබෙනවා. අපේ ආර්ථික ප්‍රතිපත්තියේ බදු සම්බන්ධයෙන් මේ විකෘතිය ඉවත් කරන එක තමයි පළමු පියවර. ඊළඟ පියවර රාජ්‍ය ආදායම වැඩිකර ගැනීම.

අද රාජ්‍ය ව්‍යවසායයන් විශාල පාඩුවක් ලබනවා. ඒ පාඩුව පියවා ගන්න හදන්නේ ජනතාව මත බදු බර පටවලා. ‘එයාර් ලංකා’ ආයතනය පවරා ගන්නේ 2008 අවුරුද්දේ. ඒක පවරා ගන්නේ ව්‍යාපාරයක් හැටියට නොවෙයි. ගුවන් සේවය දියුණු කරන සැලැස්මක් හදලා නොවෙයි. මහින්ද රාජපක්ෂ මහත්තයා එංගලන්තේ ගියා. හදිසියේ එන්න වුණා. එයාර් ලංකා එකෙන් සීට් ඉල්ලුවා. එතකොට ‘එයාර් ලංකා’ එක පාලනය කළේ ‘එමිරේට්ස්’ ආයතනයෙන්. ඒකේ ප්‍රධානියා කිව්ව ඔබතුමාටයි තව හතර දෙනෙකුටයි සීට් දෙන්නම්. ඔක්කෝටම දෙන්න බෑ කියලා. අනෙක් කට්ටිය ඊළඟ ගුවන් යානයේ ගේන්නම් කිව්වා.

මහින්ද මහත්තයාට ඒකට හොඳටම කේන්ති ගියා. එයා ලංකාවට ඇවිල්ලා ‘එමිරේට්ස්’ ආයතනයට කිව්වා අර ප්‍රධාන නිලධාරියාව මාරුකරන්න කියලා. ‘එමිරේට්ස්’ ආයතනය කිව්වා අපේ ප්‍රතිපත්තිය ඒකයි, ටිකට් වෙන්කරලා තිබෙන ගුවන් යානයක එකපාරම ටිකට් වෙන්කරන්න බැහැ. එහෙම කළොත් ගුවන් සමාගමට නඩු පැවරෙනවා. ඒ නිසා ඒක කරන්න බැහැ කියලා. ඊට පස්සේ ප්‍රධාන විධායක නිලධාරියාට ලංකාවෙන් යන්න කියලා කිව්වා. ඊට පස්සේ එමිරේට්ස් ආයතනය කිව්වා අපි එයාව යවන්නේ නැහැ. ඕන නම් එමිරේට්ස් ආයතනය ගන්න කියලා. ඒ නිසා එයාර් ලංකා එක පවරා ගත්තේ ආර්ථික ප්‍රතිපත්තියක් ඇතිව නෙවෙයි. වෙළඳ දැක්මක් ඇතිව නෙවෙයි. සංවර්ධන ඉලක්කයක් සහිතව නෙවෙයි.

දැන් සිද්ධවෙලා තියෙන්නේ මොකක්ද? 2009 අවුරුද්දෙ පාඩුව බිලියන 9.3යි. 2012 දී 24.9%යි. 2014 දී බිලියන 32යි. 2016 දී බිලියන 16යි. 2016 දී බිලියන 12යි. 2017 දී බිලියන 28යි. 2018 දී බිලියන 17යි. ඒ කියන්නේ ආසන්න වශයෙන් ගත්තොත් මේ අවුරුදු 6කම පාඩුව බිලියන 142යි. කෝටි 14,200යි. අපේ රටේ ඉස්පිරිතාල ආසන්න වශයෙන් 650යි තියෙන්නේ. මේ සෑම ඉස්පිරිතාලයකටම කෝටි 25 ගාණේ දෙන්න පුළුවන් ධනය. මේ ධනය නාස්ති කරනවා. ඒ නාස්ති කරන ධනය එකතුකර ගන්නේ කොහොමද? ජනතාවට බදු ගහල. අන්න බදු වැඩිවීමට එක හේතුවක්. විදුලිබල මණ්ඩලයේ පාඩුව කෝටි 2900යි. සිපෙට්කෝ එකේ පාඩුව කෝටි 10,400යි. ජල සම්පාදනයේ පාඩුව මිලියන 568යි. රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ පාඩුව මිලියන 1024යි.

සතොසෙ පාඩුව බිලියන 02යි. ෆුඞ්සිටියත් බඩු විකුණනවා. සතොසත් විකුණනවා. කාගිල්ස් එක ලාබ ලබනවා. සතොස පාඩු ලබනවා. සතොස 2018 පාඩුව කෝටි 200යි. ඒවායේ වංචාව, දූෂණය, නාස්තිය ඔඩුදුවලා. මේ විනාශ කළ ආයතනයන්වල පාඩුව ජනතාවගේ බදු මුදල්වලින් පියවන්න හදනවා. ඒක තමයි සිද්ධවෙන්නේ. ජනතාවට හොඳ ජීවිතයක් ගතකළ හැකි වන්නේ, ආදායමට සරිලන බද්දක් වැදීමෙන්. අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ සාධාරණ මිලකට ලැබීමෙන්. රාජ්‍ය ආයතනවල පාඩුව අවම කිරීමෙන්. එම ආයතන ලාභ ලබන ආයතන බවට පත්කිරීමෙන්.

අපි මේ වංචාව - දූෂණය නතර කරනවා. ජනතාවගේ බදු සල්ලි ඉතාමත් හොඳින් පරෙස්සම් කරන රාජ්‍යයක් අපි නිර්මාණය කරනවා. ඒ හරහා තමුන්නාන්සේලාගේ බදු බර අඩු කළ හැකියි කියන දැඩි විශ්වාසය අපට තියෙනවා.

අපි මේ රටේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට ආරාධනය කරනවා, අපේ පාලනයක් යටතේ ඔබලාගෙ ධනය ආයෝජනය කරන්න. අපි නව ව්‍යාපාරික අවස්ථා නිර්මාණය කරනවා. ඒවාට අදාළව රැකියා නිර්මාණය වෙනවා. රටේ ජාතික ධනය වැඩිවෙනවා. රටේ ආදායම වැඩිවෙනවා. අන්න එතනට බද්දක් ගහනවා. බද්දක් අයකර ගැනීමට පුළුවන් අන්දමේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාවසායකයන් නිර්මාණය කරන්න ඕනෑ.”

ප්‍රවීණ සාහිත්‍යවේදී ජයතිලක කම්මැල්ලවීර මහතා:-
“අපේ රටේ ජනතාව ඉන්නෙ මහා අගාධයක ගැට්ටෙ. අපි විශ්වාස කරනවා දැන් මේ ජනතාව අවුරුදු 71 තිස්සේ තමන් මෙතනට තල්ලු කරගෙන ආපු උදවියට එරෙහිව හැරෙනවා. හැරිලා ඔවුන් පරාජය කරලා මේ රට ගොඩනඟන්න පුළුවන් මිනිහෙකුට මෙවර රට බාර දෙනවා.

අපි හදනව රටක් සජිත්ට හදන්න බැරි රටක්. ගෝඨාභයට හදන්න බැරි රටක්. අපි හදන රට වෙනස්. අපේ ආර්ථික ප්‍රතිපත්තිය වෙනස්. සංස්කෘතිය, දේශපාලනය වෙනස්. ඒක මිරිස් කුඩු සංස්කෘතිය නොවෙයි. අපේ සදාචාරය වෙනස්. ඒක පාර පුරා රතිඤ්ඤා පත්තු කර කර, කිරිබත් උයාගෙන කන සංස්කෘතිය නොවෙයි. ජාතික ජන බලවේගය ඉදිරිපත් වෙලා තියෙන්නේ ඒ හැම එකකටම වෙනස් රටක් හදන්නයි.

අද මම මේ වේදිකාවෙ වාඩිවෙලා ඉන්නේ බරපතළ සන්තෝෂයකින්. මෙතන කුඩු බිස්නස්කාරයෝ නැහැ. මහජන මුදල් ගසාකාපු උදවිය නැහැ. වංචාකාරයෝ, ස්ත්‍රී දූෂකයෝ නැහැ. මෙතන ඉන්නේ බුද්ධිමතුන්, කලාකරුවන් ඇතුළු මේ රටට ඇත්තටම ආදරය කරන මිනිස්සු. ඒ නිසා මේ වාගේ වේදිකාවක වාඩිවෙලා හිටියත් නම්බුවක්. රට හදන්න පුළුවන් මිනිස්සු මෙතන ඉන්නේ. ඒ රට හැදීමේ කර්තව්‍යයට ඔබ සියලු දෙනාම එක්වන්න කියලා මම ඉල්ලනවා.”

ජාතික විද්වත් සංවිධානයේ කොළඹ දිස්ත්‍රික් සභාපති මහාචාර්ය වසන්තා සුබසිංහ මහත්මිය:-
“ජාතික විද්වත් සංවිධානය ලංකාවේ දිස්ත්‍රික්ක 20ක පමණ ගොඩනඟා තියෙනවා. ඇයි අපි ඔබ හමුවට ආවේ? මේ සමාජය මුහුණදී තිබෙන සමාජ අර්බුදයෙන් ගොඩ එන්න ක්‍රමයක් තිබෙනවාද කියලා අවුරුදු ගණනක් තිස්සේ අපි සොයා බැලුවා. මේ ප්‍රශ්නය හරි සංකීර්ණයි. හේතු ප්‍රතිඵල සංකීර්ණයි.

මේ රට විසමතාවලින් පුරවලා. ආගම් ලෙස අප වෙන්කරලා. අපේ ආදායම් අඩුකරලා. අපිව දුප්පත් කරලා. පසුගිය අවුරුදු 71 ඇතුලේ අපට බැරිවෙලා තියෙනවා අල්පෙනෙත්තක්වත් නිපදවන්න. මේ තත්ත්වයට හේතු හඳුනාගන්න ප්‍රධාන කාරණා දෙකක් මම දකින විදියට තිබෙනවා.

එකක් තමයි අපි වෙලාගෙන තිබෙන ආර්ථික පරිහානිය. අනෙක් කාරණාව අප වෙලාගෙන තිබෙන සමාජ පරිහානිය. මෙතෙක් කල් රට පාලනය කරපු පාලකයන් අපට ඉතිරි කළේ මේ දෙක පමණයි.”
කලාකරුවන්, විද්වතුන් ඇතුළු විශාල පිරිසක් එම අවස්ථාවට සහභාගි වූහ.

 



අදහස් (2)

“අපි මුලින්ම වැඩ අල්ලන්නේ ජනතාව බදු බරින් නිදහස් කරලයි“

nimal Friday, 18 October 2019 04:57 AM

අනේ නිකන් බයිලා එපා !

:       0       1

Raveendra Sunday, 20 October 2019 09:05 AM

මේ බොරු කියන්න එපා... ඕවා කියනවා තමුසෙලාගේ අන්තරේ ඉන්න රටට වැඩක් නැති, තමන්ටත් වැඩක් නැති "මෝඩ නූගත් බූරුවන්ට"..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දේශපාලන

වර්තමාන ආණ්ඩුව ජනතාවට බරක් නොවන බව ඔප්පු කළා
2025 අප්‍රේල් මස 17 559 5

වර්තමාන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය සහ මැති ඇමතිවරු රටට සහ ජනතාවට බරක් නොවී වැඩ කළ හැකි බව ඔප්පු කරමින් සිටින බවත් දූෂණය, වංචාව සහ නාස්තිය නතර කර ඇති බව සියය


පච දේශපාලනය රජ වෙලා
2025 අප්‍රේල් මස 17 776 18

මාලිමා ආණ්ඩුව යටතේ ගොවියා රජ කරවීම කෙසේ වෙතත් පච දේශපාලනය නම් රජ වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


ජනපතිට ජපානයෙන් ආරාධනයක්
2025 අප්‍රේල් මස 11 6295 2

මේ වන විට ආණ්ඩුව ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා හදා ගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අක්කරපත්තුවේ ජන රැළියකදී පැවසීය.


පිරිසිදු පුංචි ආණ්ඩු ටිකක් හදාගන්න
2025 අප්‍රේල් මස 11 726 1

අයවැයෙන් වෙන් කළ මුදල් විනිවිදභාවයෙන් ගමේ සංවර්ධනයට යොදවන්න පිරිසිදු ප්‍රාදේශිය පාලනයක් නිර්මාණය කරගන්නා⁣ ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය


සුබ නැකතට රට අනුරට දුන් අය විපතකට
2025 මාර්තු මස 26 2035 34

සුබ නැකැතට රට අනුරට දුන් ජනතාවට ජීවත් විමේ අරගලයක නිරත වීමට සිදුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද
2025 මාර්තු මස 25 3739 16

රණවිරුවන්ට බ්‍රිතාන්‍ය පැනවූ තහනමින් ප්‍රවර්ධනය වන්නේ මානව හිමිකම් නොව ත්‍රස්තවාදී අභිලාෂයන් බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 188 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 240 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 402 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site