(නිමල කොඩිතුවක්කු)
අපේ රටේ ආණ්ඩුවලට කලාකරුවන් අවශ්‍ය වෙන්නේ ඡන්ද ගරාගැනීමට පමණක් බව ප‍්‍රවීණ සාහිත්‍යවේදී කීර්ති වැලිසරගේ මහතා කොළඹදී අද (04) පැවසීය.
රටේ සංස්කෘතික ක්ෂේත්‍රයට රාජ්‍ය අනුග‍්‍රහය නොමැති තත්වයක් අද උද්ගතව ඇති බවත් මේ මගින් ජනතාවගෙන් සංස්කෘතිය දුරස් වෙමින් පවතින බවත් ඔහු කියා සිටියේය.
බත්තරමුල්ල පැලවත්ත පිහිටි ජනතා විමුක්ති පෙරමුණු ප‍්‍රධාන කාර්යාලයේ ‘‘සමාජවාදී කලා සංගමය’’ පැවත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ප‍්‍රවීණ සාහිත්‍යවේදී කීර්ති වැලිසරගේ මහතා මෙසේද කීය.
‘‘ආණ්ඩුව යෝජනා කර තිබෙන්නේ සාහිත්‍ය කලා ක්ෂේත්‍රයේ ප‍්‍රගමනයටත් දියුණුවටත් බාධාකාරී වන බද්දක්. මේ දක්වාත් මෙම ගැටලූව සම්බන්ධයෙන් ආණ්ඩුව සාහිත්‍යකරුවන්ට පිළිගත හැකි විසඳුමක් ලබාදී නැහැ.
එය අවාසනාවන්ත තත්වයක්. ආණ්ඩුවක් විදිහට රටේ සංස්කෘතික කාරණාවලට උදව් කළ යුතුයි.
නමුත් අපේ රටේ සංස්කෘතික ක්ෂේත්‍රයට රාජ්‍ය අනුග‍්‍රහය නොමැති තත්වයක් ඇතිවෙලා. ආණ්ඩුව දුර්මුඛ වෙලා. සාමාන්‍යයෙන් රටක බදු අයකරගත යුතු ක්ෂේත්‍ර මෙන්ම බදු සහන ලබාදිය යුතු ක්ෂේත්‍ර තිබෙනවා. සංස්කෘතික ක්ෂේත්‍රයන් බදු අය නොකළ යුතුයි.
ආණ්ඩුව හඳුන්වා දී තිබෙන රෝයල්ටි බද්ද කියන්නේ කලාව දුර්මුඛ කරන එකක්. සාමාන්‍යයෙන් සාහිත්‍යකරුවෙකුට පොතක් ලියන්න වසර ගණනක් ගතවෙනවා.
එවැනි මහන්සියක් දරා කරන නිෂ්පාදනයෙන් විශාල බද්දක් අයකිරීම අසාධාරණයි.
රටක ජනතාවගේ සංස්කෘතික ප‍්‍රබෝධයක් තිබෙනවා නම් එය සංවර්ධන මට්ටමේ දර්ශකයක්. එම දර්ශකය පහළ මට්ටමේ නම් රට දුෂ්පෝෂීය රටක්. එතැනටද ආණ්ඩුව අපේ රට ගෙනයන්නේ? අපේ රටේ ආණ්ඩුවලට කලාකරුවන් අවශ්‍ය වෙන්නේ ඡන්ද ගරාගන්න විතරද?
ආණ්ඩුව සංස්කෘතියට කරන බලපෑමට එක උදාහරණයක් කියන්නම්. ජාතික අධ්‍යාපන ආයතනය විසින් උසස් පෙළ සිංහල විෂය නිර්දේශයෙන් අජිත් තිලකසේනගේ ”වතුර” කෙටිකතාව ඉවත් කළා. මමත් ලියනගේ අමරකීර්තිත් ජයතිලක කම්මැල්ලවීරත්, නිශ්ශංක විජේමාන්න වැනි සාහිත්‍යකරුවන් මෙම කි‍්‍රයාමාර්ගයට විරෝධය පළකළා.
ඡායාරූප හා විඩියෝ - රොමේෂ් ධනුෂ්ක සිල්වා
වර්තමාන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය සහ මැති ඇමතිවරු රටට සහ ජනතාවට බරක් නොවී වැඩ කළ හැකි බව ඔප්පු කරමින් සිටින බවත් දූෂණය, වංචාව සහ නාස්තිය නතර කර ඇති බව සියය
මාලිමා ආණ්ඩුව යටතේ ගොවියා රජ කරවීම කෙසේ වෙතත් පච දේශපාලනය නම් රජ වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
මේ වන විට ආණ්ඩුව ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා හදා ගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අක්කරපත්තුවේ ජන රැළියකදී පැවසීය.
අයවැයෙන් වෙන් කළ මුදල් විනිවිදභාවයෙන් ගමේ සංවර්ධනයට යොදවන්න පිරිසිදු ප්‍රාදේශිය පාලනයක් නිර්මාණය කරගන්නා ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය
සුබ නැකැතට රට අනුරට දුන් ජනතාවට ජීවත් විමේ අරගලයක නිරත වීමට සිදුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
රණවිරුවන්ට බ්‍රිතාන්‍ය පැනවූ තහනමින් ප්‍රවර්ධනය වන්නේ මානව හිමිකම් නොව ත්‍රස්තවාදී අභිලාෂයන් බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
‘ආණ්ඩුවට කලාකරුවන් අවශ්‍ය වන්නේ ඡන්ද ගරා ගැනීමට පමණයි‘