IMG-LOGO

2025 අප්‍රේල් මස 25 වන සිකුරාදා


ආණ්ඩුව තුනෙන් දෙකේ බලයට කින්ඩියක් දාලා

(*** අංජුල මහික වීරරත්න)

තේක්ක, බුරුත, නැදුන්, කොස් වලින් හැදූ කැබිනට්ටුවක් ජනතාවගේ බලාපොරොත්තුව වූ නමුත් ලැබුණේ මැටි, මිරිස් කුඩු, බතික් රෙදිවලින් සැදුණු කැබිනට්ටුවකැයි ද, ආණ්ඩුව ජනතාව දුන් තුනෙන් දෙකෙහි බලයට ‘කින්ඩියක්’ දමා ඇතැයි ද සමගි ජනබලවේගය මැතිවරණ මෙහෙයුම් ප්‍රධානී හරීන් ප්‍රනාන්දු මහතා මාධ්‍ය හමුවේදී ඊයේ (13) පැවසීය.

ගෝඨාභය රාජපක්ෂ ප්‍රමුඛ ආණ්ඩුව ගැන ජනතාව විශාල විශ්වාසයකින් සිටිය දී ඔවුන් තම පවුල පමණක් ඉස්මතු කර ගැනීමට වෙහෙසීම ගැන කනගාටුවට පත්වන බවද හරීන් ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.

ඇතුල්කෝට්ටේ, සමගි ජනබලවේගය කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ හරීන් ප්‍රනාන්දු මහතා මෙසේ ද කීවේය.
දළදා මාලිගාව ඉදිරිපිට දී මොවුන් යම් ආරම්භයක් ගත්තා. රටට අලුත් පණිවිඩයක් දුන්නා. ඒත් ඒ පණිවිඩය තුළ ගැටලු කිහිපයක් තිබෙනවා. ජනතාව තුනෙන් දෙකක බලය දුන්නේ විශාල බලාපොරොත්තු තබාගෙනයි. විශාල වෙනසක් කරනු ඇතැයි බලාපොරොත්තුවෙනුයි.

ජනතාව තුනෙන් දෙකක බලය දුන්නේ රටේ යම් පරිවර්තනයක් කර ගැනීම සඳහායි. එහෙත් සිදුවී ඇත්තේ කුමක්ද?
අද එක පවුලක් වටා සියලු බලය ගොනු වෙලා. මුදල් පාලනය ඇත්තේ මහින්ද රාජපක්ෂ මහතා සතුවයි. ආරක්ෂාව භාරව සිටින්නේ ගෝඨාභය රාජපක්ෂ මහතායි. මුදල් වියදම් කරන්නේ බැසිල් රාජපක්ෂ මහතායි. කුඹුරට වතුර අරින්නේ චමල් රාජපක්ෂ මහතායි. නාමල් රාජපක්ෂ මහතා තරුණ සහ ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස කටයුතු කරනවා.

තරුණයකු ලෙස නාමල් රාජපක්ෂ මහතාට ක්‍රීඩා අමාත්‍යධුරය ලැබීම ගැන සතුටට පත් වෙනවා. ක්‍රීඩා ක්ෂේත්‍රයේ දියුණුව ඇති කිරීම සම්බන්ධයෙන් දැන් ඔහුට කිසිම බාධාවක් නැහැ. නිදහසට කාරණාවකුත් නැහැ. ඒ නිසා ක්‍රීඩා ක්ෂේත්‍රයට දේශපාලනය ගාවා ගන්නේ නැතුව එය දියුණු කරනු ඇතැයි අප සිතනවා.

දහ නව වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඉවත් කිරීමට මේ කණ්ඩායම මාන බලමින් සිටිනවා. දහ නව වැනි සංශෝධනය නිසා වැඩ කරන්න බැරි බව මොවුන් කියන කතාවයි. ව්‍යවස්ථාවේ සඳහන් වන්නේ කරන්න පුළුවන් දේ පමණයි. කරන්න බරි දේ සඳහන් වන්නේ නැහැ.
පිත්තල, මැටි, විසිතුරු මාළු ඇමැතිලා ගැන අප මීට පෙර අසා නැහැ. මෙවැනි ඇමැතිකම් ලොවෙත් නැහැ. මෙවැනි කබ්බ ඇමැතිකම් පත් කිරීමෙන් පෙනෙන්නේ ඔවුන්ගේ වහල් බවේ පැතිකඩයි.

තුනෙන් දෙක දුන් අයට බඩ පිරෙන්නම කන්න දීම සඳහා මැටි වළඳේ සිට ඇමැතිකම් ප්‍රදානය කරලා.
ජනතාව වෙනුවෙන් කරන සටන අප අතහරින්නේ නැහැ. ධනාත්මක විවේචනයකට අපත් කැමතියි. එහෙත් ඇරැඹුම හොඳ නැතිනම් අවසානයත් කිසිසේත් යහපත් වන්නේ නැහැ.

කන්න, බොන්න දෙන්න පමණක් නොව අඳින්න දෙන්න බතික් ඇමැති කෙනෙකුත් පත් කරලා. මෙවැනි ක්‍රියා දකින විට අප ඔබට සතුටුදැයි අසන්නේ නැහැ. අපට හරි දුකයි. එමෙන්ම කනගාටුයි. රටට නරකක් වීම ගැන අප සතුටට පත්වන්නේ නැහැ. එහෙත් අප ආණ්ඩුවට කාලය දී වෙන දේ කුමක්දැයි බලාගෙන ඉන්න සූදානම්.


සමගි ජනබලවේගයේ මාධ්‍ය ප්‍රකාශක එස්.එම්. මරික්කාර් මහතා-
යහපාලන රජය සමග එක්ව සිට පසුව ජනතාවගේ මතයට කොකා පෙන්වා යන්න ගිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කල්ලියට ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව නියම කනේ පහරක් දීලා. එමෙන්ම ටයි කෝට් හැඳ ගත් කල්ලියට ජනතාව කනේ පහරක් දී තිබෙනවා.
ගෝඨාභය රාජපක්ෂ මැටි ඇමැති, රා ඇමැතිධුර ආදිය නම් හරියටම දී තිබෙනවා. මොවුන් මේ යන්නේ 2010 වසරේ දකින්න ලැබුණු යුගයටයි. ඔවුන්ගේ උත්සාහය වන්නේ දහ නවවැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අහෝසි කර ඇමරිකන් පුරවැසි බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තුවට ගෙන ඒමයි.

මා එක පොරොන්දුවක් දෙන්නම්. ආයතනවලින් සියයට හැත්තෑවක් රාජපක්ෂලාට අයිති වුණේ නැතිනම් මා කන කපා ගන්නවා.
මෙහිදී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්න සහ ඒවාට ලැබුණු පිළිතුරු මෙසේය.

ප්‍රශ්නය:- ආණ්ඩුවට ලැබුණු තුනෙන් දෙකෙහි බලයත් සමග එම්.සී.සී. ගිවිසුම අත්සන් කරන්න පුළුවන් නේද?
පිළිතුර:- (එස්.එම්. මරික්කාර් මහතා) - දිවුරුම් දීම සඳහා ඓතිහාසික මගුල් මඩුවට සෙරෙප්පු දාගෙන ගිය අය ගැන තවත් කවර කතාද? හැට අට ලක්ෂයට පස්ස පෙන්නා එම්.සී.සී. ගිවිසුම අත්සන් කරන විට කුක්කන්ට කට වහගෙන ඉන්න සිදුවෙනවා.



අදහස් (3)

ආණ්ඩුව තුනෙන් දෙකේ බලයට කින්ඩියක් දාලා

thilak Friday, 14 August 2020 03:28 PM

යහපාලනයේ හිටපු ඇමැතින්ගේ දැනුම, තේරුම ගැන කළකිරෙනවා..

:       0       8

විජේ Sunday, 16 August 2020 03:16 PM

ලන්සලා, රණවීරලා ඇමතිලා බව ඇත්ත. ඒක හොඳ දෙයක් නොවන බවත් ඇත්ත. ඒත් ඇඳ යට හැංගිලා ඉදලා පාස්කු ප්‍රහාරයෙන් බේරිච්ච හරින් කියලා නම දාගත්තා...

:       0       6

Bamunuarachchi Monday, 17 August 2020 06:28 AM

ඔයාලට රටේ ජනතාව කින්ඩිය දැම්මේ...

:       0       10

ඔබේ අදහස් එවන්න

 

 
 

දේශපාලන

වර්තමාන ආණ්ඩුව ජනතාවට බරක් නොවන බව ඔප්පු කළා
2025 අප්‍රේල් මස 17 784 9

වර්තමාන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය සහ මැති ඇමතිවරු රටට සහ ජනතාවට බරක් නොවී වැඩ කළ හැකි බව ඔප්පු කරමින් සිටින බවත් දූෂණය, වංචාව සහ නාස්තිය නතර කර ඇති බව සියය


පච දේශපාලනය රජ වෙලා
2025 අප්‍රේල් මස 17 1011 20

මාලිමා ආණ්ඩුව යටතේ ගොවියා රජ කරවීම කෙසේ වෙතත් පච දේශපාලනය නම් රජ වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


ජනපතිට ජපානයෙන් ආරාධනයක්
2025 අප්‍රේල් මස 11 6875 3

මේ වන විට ආණ්ඩුව ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා හදා ගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අක්කරපත්තුවේ ජන රැළියකදී පැවසීය.


පිරිසිදු පුංචි ආණ්ඩු ටිකක් හදාගන්න
2025 අප්‍රේල් මස 11 820 1

අයවැයෙන් වෙන් කළ මුදල් විනිවිදභාවයෙන් ගමේ සංවර්ධනයට යොදවන්න පිරිසිදු ප්‍රාදේශිය පාලනයක් නිර්මාණය කරගන්නා⁣ ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය


සුබ නැකතට රට අනුරට දුන් අය විපතකට
2025 මාර්තු මස 26 2042 34

සුබ නැකැතට රට අනුරට දුන් ජනතාවට ජීවත් විමේ අරගලයක නිරත වීමට සිදුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද
2025 මාර්තු මස 25 3754 16

රණවිරුවන්ට බ්‍රිතාන්‍ය පැනවූ තහනමින් ප්‍රවර්ධනය වන්නේ මානව හිමිකම් නොව ත්‍රස්තවාදී අභිලාෂයන් බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 805 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 378 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 532 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site