IMG-LOGO

2024 නොවැම්බර් මස 15 වන සිකුරාදා


ආණ්ඩුවේ නොහැකියාව, ජනතා විරෝධය අමතක කරන්න මැයි දිනයත්, වෙසක් දිනයත් වෙනස් කළා

(ජයන්ත සමරකෝන්)

ආණ්ඩුවේ නොහැකියාව හා ජනතා විරෝධය වෙනතකට යොමු කිරීම සඳහා ඉතිහාසයේ කිසි කලෙකත් නොවූ අයුරින් මෙවර ලෝක කම්කරු දිනය හා බුදු තෙමඟුල සිහිපත් කෙරෙන වෙසක් පොහෝ දිනය පවා වෙනස් කිරීමට ආණ්ඩුව කටයුතු කර ඇතැයි, ලංකා සමසමාජ පක්‍ෂයේ ලේකම්, හිටපු අමාත්‍ය මහාචාර්ය තිස්ස විතාරණ මහතා ඊයේ (25) පැවසීය. 

වැඩකරන ජනතාව ලෙයින් දිනාගත් දිනය හා වෙසක් පොහෝ දිනය වෙනත් දිනයක පැවැත්වීමට රජයකට කිසිඳු අයිතියක් නැතැයි ද මෙය රජය හිතාමතාම කළ අදූරදර්ශී ක්‍රියාවක් යැයිද කොළඹ 2, ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා මාවතේ පිහිටි ලංකා සමසමාජ පක්‍ෂ මූලස්ථානයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මහාචාර්යවරයා කීය.
මැයි 1 වැනිදාට නියමිත කම්කරු දිනය 7 වෙනිදාට කල් දැමීම හා වෙසක් දිනය අප්‍රේල් 29 දා පැවැත්වීම සම්බන්ධයෙන් කෙරුණු දැන්වීම් සඳහා මෙම ප්‍රවෘත්ති සාකච්ඡාව පැවැත්විණි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහාචාර්යවරයා මෙසේද කීය.

වැඩකරන ජනතාවගේ එකම දිනය මැයි පළමුවන දිනයි. වසර ගණනාවක් තිස්සේම අපි මේ දිනය සමරනු ලැබුවා. වෙසක් පොහෝ දිනයත් ඒ වගේමයි. අප්‍රේල් මාසෙට වෙසක් පොහොයක් තිබිලා නැහැ.
නොවිය යුතු දේවල් ඔක්කොම මේ ආණ්ඩුව කරන්නේ නොදැන නොවෙයි. ජනතා අප්‍රසාදය විරෝධය වෙනත් අතකට යොමු කරන්නයි.

එදා ජේ.ආර්. රජයට එරෙහිව නැගුණු ජනතා විරෝධය වැඩ පැවැත්වීම සඳහා 1983 කළු ජූලිය ඇති කළා. 
දෙමළ ජාතිවාදී කලකෝලහල ඇති වන්නට පසුබිම හැදුවා.

පසුගියදා අම්පාර හා දිගන මුස්ලිම් ජාතිවාදී අරගලය ද සැලසුම්සහගතව ඇති කළ දෙයක්. ආණ්ඩුව පවත්වාගෙන යාමට වෙනත් විකල්පයක් නැහැ. ජනතා විරෝධය වළක්වන්නටත් ජනතාවගේ අවධානය වෙනත් අතකට යොමු කරන්නටත් දැන් මැයි දිනය හෑල්ලුවට ලක් කරලා. 

වෙසක් පොහෝ දිනය වෙනස් කිරීමත් බරපතළ තත්ත්වයක්. මහානායක හිමිවරුන්ගේ උපදෙස් මත කළ බවට දැන් කියනවා. ආණ්ඩුවේ කැලැන්ඩරය මඟින් එය කලින්ම සැලසුම් කර තිබුණා. 

කොහොම වුණත් අපි පළමුවැනිදා සමාජවාදී ජනතා පෙරමුණේ මැයි දිනය සංකේතාත්මකව නාරාහේන්පිට ශාලිකා ශාලාවේදී හවස 3.30 ට පවත්වනවා.

මැයි 7 වැනිදා ඒකාබද්ධ විපක්‍ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක්ව ගාල්ලේ සමනල ක්‍රීඩා පිටියේදී මැයි දින රැලිය හා පෙළපාළිය පවත්වනවා.

ඊට වමේ පක්‍ෂ හා වෘත්තීය සමිති සංවිධාන ද එක්වෙනවා. අපි ඒකාබද්ධ විපක්‍ෂයේ මැයි රැලියට සම්බන්ධ වන්නේ ගාල්ල කළුවැල්ල හන්දියෙන්. ඒ පස්වරු 1.00 ටයි. 

හවස 3.00 ට රැලිය ආරම්භ වීමට නියමිතයි. එදාම ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ බලාගත හැකියි. ආණ්ඩුව ගෙදර යැවීමේ සටන අපි එදා ආරම්භ කරනවා.

දේශපාලන මණ්ඩල සභික දකුණු පළාත් සභා මන්ත්‍රී (සමසමාජ) බද්දේගම සමිත, ජාතික සංවිධායක වයි.ජී. පද්මසිරි, නියෝජ්‍ය ලේකම් අනිල් ද සොයිසා යන මහත්වරු මෙහිදී අදහස් දැක්වූහ.



අදහස් (0)

ආණ්ඩුවේ නොහැකියාව, ජනතා විරෝධය අමතක කරන්න මැයි දිනයත්, වෙසක් දිනයත් වෙනස් කළා

ඔබේ අදහස් එවන්න

දේශපාලන

’’ඩිජිටල් ශ්‍රී ලංකාවක් නිර්මාණය කරනවා’’
2024 නොවැම්බර් මස 11 1592 4

නුදුරු අනාගතයේදී ඩිජිටල් ශ්‍රී ලංකාවක් නිර්මාණය කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගම්පහ දී අද (11) පැවසීය.


වරදාන වරප්‍රසාද නම්බුනාම දේශපානයේ දී සැළකිල්ලට ගන්නේ නෑ
2024 නොවැම්බර් මස 11 3932 3

දේශපාලන දර්ශනය සහ ප්‍රතිපත්ති සිය දේශපාලන දිවියේ ඉදිරියේ ඇති බවත් තනතුරු වරදාන වරප්‍රසාද නිලතල නම්බුනාම සහ මුදල් දේශපාලනයේ දී සැළකිල්ලට ලක් නොකරන බව


රටේ ජනතාව අතරමං වෙලා
2024 නොවැම්බර් මස 06 1764 15

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ ක්‍රියාකලාප හා ප්‍රකාශ තුළින් රටේ ජනතාව අතරමං වී ඇති මොහොතක තවමත් ජනතාවට ඇති එකම විසදුම සමගි ජන බලවේගය යැයි එහි නා


පෞද්ගලික අංශ සේවකයාටත් ජනපතිගෙන් පොරොන්දුවක්
2024 නොවැම්බර් මස 04 5378 11

ජාතික ජන බලවේගයේ පළමුවැනි අයවැයෙන්ම පඩි වැඩිකරනවා. පෞද්ගලික අංශයත් සමඟ සාකච්ඡා කරලා ඒ අයගෙත් පඩි වැඩිකරන්න කටයුතුකරනවා යැයි වැල්ලවාය නගරයේදී පාර්ලි


‘‘සිස්ටම් වෙනසක් වුණේ ජනතා විමුක්ති පෙරමුණේ පමණයි‘‘
2024 නොවැම්බර් මස 03 3642 10

නිර්ධන පන්තියේ යැයි කියන ජනපති තෙල් මිල සංශෝධනයේ දී ධනපති පන්තියට සහන දී ඇතැයි සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී පැවසීය.


ලයිෂන් නැති අයට පාර්ලිමේන්තුව දුන්නොත් යන තැන හිතාගන්න බෑ
2024 නොවැම්බර් මස 03 3296 22

ලයිෂන් නැති පිරිසකට පාර්ලිමේන්තු බලයත් ලබා දුනහොත් රට කොහේ ගෙනයාවි දැයි සිතා ගන්නට බැරි බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 255 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 575 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1692 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site