IMG-LOGO

2025 අප්‍රේල් මස 13 වන ඉරිදා


‘ආණ්ඩුව බුද්ධිමත්ව කටයුතු කළ යුතුයි’

(ලක්ෂ්මී ජයකොඩි)
 
ශ්‍රී ලංකාවේ වර්තමාන ආණ්ඩුව බුද්ධිමත්ව කටයුතු කළ යුතුව ඇති බවත්  එසේ නොමැති වුවහොත් ශ්‍රී ලංකාවට ජාත්‍යන්තරයේ භයානක ව්‍යවසනයකට මුහුණදීමට සිදුවනු ඇති බවත් දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්දන් මහතා පෙන්වා දෙයි.
 
ඔහු මාධ්‍ය වෙත විශේෂ නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත. එම නිවේදනයේ වැඩිදුරටත් මෙසේද සඳහන් වේ.
 
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජාතික ගැටලුවට විසඳුමක් ලැබෙන්නේ නම් එයින් ජනතාවටත් රටටත් යහපතක් ඇති වන්නේය. එවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකි නිර්මාණය නොවුණහොත් රටට සාමය, සමාදානය, සෞභාග්‍ය මේ කිසිවක් නොලැබෙනු ඇත. එබැවින් වත්මන් ආණ්ඩුව වඩාත් බුද්ධිමත්ව කටයුතු කළ යුතුව තිබේ. නැතහොත් රටට ජාත්‍යන්තරයේදි භායානක ව්‍යසනයකට මුහුණදීමට සිදුවනු ඇත. 
 
එබැවින් අපගේ ජනතාව ගත් කළ අප ගත් කළ සාධාරණ ,යුක්ති සහගත, ,සියලු දෙනාගේම අනන්‍යතාවයන් වලට ගරු කරනු ලබන, රටට කිසිඳු අගතියක් සිදු නොවන, රටේ සියලු ජනතාවට සාමයෙන් ජීවත් විය හැකි තිරසාර නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීම වෙනුවෙන් අපගේ පුර්ණ සහයෝගය ලබාදීමට කටයුතු කරන්නෙමු.
 
රටේ අනාගතය සමෘද්ධිමත් වන්නේ රටට තිරසාර දේශපාලන විසඳුමක් ලැබෙන්නේ නම් පමණක් බව පෙන්වාදීමට කැමැත්තෙමි. එම විසඳුම ශ්‍රී ලංකා ඉතිහාසයේ හැරවුම් ලක්ෂ්‍ය වනු ඇත. අවංක සංහිදියාව  ඇති වනු ඇත්තේ එමගින් පමණි.
 
 



අදහස් (5)

‘ආණ්ඩුව බුද්ධිමත්ව කටයුතු කළ යුතුයි’

gamunu Saturday, 16 January 2021 01:24 AM

ශ්‍රී ලංකාවේ වර්තමාන ආණ්ඩුව බුද්ධිමත්ව කටයුතු කළ යුතුව ඇති... නමුත් එසේ කිරීමට රජය තුළ බුද්ධිමත් පිරිසක් සිටිය යුතුවේ. සත්‍ය වශයෙන්ම වර්තමාන රජය තුළ එවැනි පිරිසක් සිටීද?

:       1       2

Kamal Koyrala Monday, 18 January 2021 06:40 AM

ආණ්ඩුව බුද්ධිමත්ව කටයුතු කරන්න ආණ්ඩුවේ බුද්ධිමතුන් ඉන්නවද? සර්...

:       2       4

chandima Thursday, 28 January 2021 06:39 PM

ඔයගොල්ලන්ට නම් බයවෙන්න දෙයක් නැහැ. ඩයස්පෝරාව ඉන්නවනේ බලාගන්න.

:       2       3

chandana Wednesday, 03 February 2021 03:47 PM

ආණ්ඩුව 2009 දී බුද්ධිමත්ව කටයුතු කළ නිසා අපි අද මරබියක් නැතුව ජීවත් වන්නෙමු. ඊළඟට ආණ්ඩුව කළයුතු බුද්ධිමත් ක්‍රියාව නම් මොවුන්ගේ උපදෙස් වලින් වල්මත් නොවී බහුතර ජනතා අපේක්ෂා ඉටු වන පරිදි එකම නීතියක් යන සංකල්පය ක්‍රියාත්මක වන පරිදි, රටේ මූලික සංස්කෘතිය ආරක්ෂා වන පරිදි නැවත ත්‍රස්තවාදයක් ඇතිවුවහොත් විකාර මානව හිමිකම් යටපත් කොට ඊට එරෙහිව කටයුතු කල හැකි පරිදි ව්‍යවස්ථාවට වගන්ති ඇතුලත් කර ව්‍යවස්ථාව සංශෝධනය කිරීමයි. මොවුන් කියන ජාතිවාදී ප්‍රශ්න ඇතිකිරීමම මරණ දඬුවම හිමිවන වරදක් බවට නීතියක් පනවන්නේ නම්ද, ඒ සඳහා පාර්ලිමේන්තු වරප්‍රසාද හෝ හිමි නොවන බවද එයට ඇතුළත් කළ යුතුයි. දේශපාලන බලපෑම්වලින් තොරව එය අප්‍රමාදව ක්‍රියාත්මක කරමින් පොදු ජනතාවට ඒ පිළිබඳ විශ්වාසයද තහවුරු කළ යුතුයි.

:       1       3

Liyanage [email protected] Friday, 05 February 2021 07:54 AM

මෝඩ මිනිසුන් බුද්ධිමත් තීරණයක් අරන්ගෙන නැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දේශපාලන

ජනපතිට ජපානයෙන් ආරාධනයක්
2025 අප්‍රේල් මස 11 2191 0

මේ වන විට ආණ්ඩුව ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා හදා ගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අක්කරපත්තුවේ ජන රැළියකදී පැවසීය.


පිරිසිදු පුංචි ආණ්ඩු ටිකක් හදාගන්න
2025 අප්‍රේල් මස 11 507 0

අයවැයෙන් වෙන් කළ මුදල් විනිවිදභාවයෙන් ගමේ සංවර්ධනයට යොදවන්න පිරිසිදු ප්‍රාදේශිය පාලනයක් නිර්මාණය කරගන්නා⁣ ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය


සුබ නැකතට රට අනුරට දුන් අය විපතකට
2025 මාර්තු මස 26 1921 32

සුබ නැකැතට රට අනුරට දුන් ජනතාවට ජීවත් විමේ අරගලයක නිරත වීමට සිදුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද
2025 මාර්තු මස 25 3569 16

රණවිරුවන්ට බ්‍රිතාන්‍ය පැනවූ තහනමින් ප්‍රවර්ධනය වන්නේ මානව හිමිකම් නොව ත්‍රස්තවාදී අභිලාෂයන් බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත


පළාත් පාලන ආයතනවල බලයත් ‘මාලිමාවට’ දෙන්න
2025 මාර්තු මස 21 1557 25

ආණ්ඩුව එක පැත්තක සහ පළාත් පාලන ආයතන තවත් පැත්තක තිබුණ හොත් ප්‍රතිවිරෝධයක් නිර්මාණ වී අවුලක් ඇති වන බවත් ඒ හේතුවෙන් පළාත් පාලන ආයතනවල බලය මාලිමාව සතුව


මේ වේගෙට ගියොත් සිංගප්පූරුව අල්ලන්න අවුරුදු 65ක් යනවා
2025 මාර්තු මස 21 4681 55

අද සිංගප්පූරුව තියෙන ආර්ථිකයට පැමිණෙන්න නම් මේ වේගයෙන් ගියොත් තව අවුරුදු 65ක් වත් යන බව පත් කළ මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා:-(පො.පෙ) පාර්ලිමේන්තුවේදී පැව


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 51 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 205 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 740 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

Our Group Site