(අනීෂා මානගේ)
ආණ්ඩුව බලයට පත්වී තෙවැනි සංවත්සරය සැමරීමට උත්සාහ කරන්නේ මහින්ද රාජපක්ෂ මහතාගෙන් කට උත්තරයක් ලබා ගැනීමෙන් පසුව බව හම්බන්තොට දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී.චානක මහතා කියයි.
ඩී.වී.චානක මහතා මෙසේ පැවසූයේ අද (16) වීරකැටිය මැදමුලන ප්‍රදේශයේදී පැවැති ජනහමුවකට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් වෙත අදහස් ප්‍රකාශ කරමිනි.
වැඩිදුරටත් එහිදී අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේද පැවසුවේය.
‘‘මේ ආණ්ඩුව බලයට පත්වෙලා දැන් අවුරුදු තුනයි. ආණ්ඩුව දීපු පොරොන්දු දැන් එකින් එක බොදවෙලා යනවා. රටේ බදු බර වැඩි වෙලා. රටේ ජාතික සම්පත් විකුණනවා. හැබැයි මේ ඔක්කොම වහගන්න හදන්නේ රාජපක්ෂ පවුලෙන් පලිගැනීමෙන්.
ආණ්ඩුව බලයට පත්වෙලා දෙවැනි සංවත්සරය සැමරුවේ ශිරන්ති රාජපක්ෂ මැතිණියගෙන් කටඋත්තරයක් අරගෙන. දැන් තුන්වෙනි සංවත්සරය සමරන්න හදනවා මහින්ද රාජපක්ෂ මැතිතුමාගෙන් කටඋත්තරයක් අරගෙන.
දැන් අවුරුදු තුනක් තිස්සේ මේ බොරු නාඩගම කරා. මේ රගපෑම් කරා. මාධ්‍ය සංදර්ශන පැවැත්වූවා. හැබැයි අද මුළු රටේම අය දන්නවා රාජපක්ෂවරුන් හොරකම් කළේ නැහැ කියලා. රාජපක්ෂවරුන්ගෙන් කිසිම කරදරයක් කාටවත්ම වුණේ නැහැ කියලා. හැබැයි මේ අය කරන්නේ මාධ්‍ය සංදර්ශනයක් පැවැත්වීම පමණයි. ‘‘
වර්තමාන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය සහ මැති ඇමතිවරු රටට සහ ජනතාවට බරක් නොවී වැඩ කළ හැකි බව ඔප්පු කරමින් සිටින බවත් දූෂණය, වංචාව සහ නාස්තිය නතර කර ඇති බව සියය
මාලිමා ආණ්ඩුව යටතේ ගොවියා රජ කරවීම කෙසේ වෙතත් පච දේශපාලනය නම් රජ වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
මේ වන විට ආණ්ඩුව ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා හදා ගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අක්කරපත්තුවේ ජන රැළියකදී පැවසීය.
අයවැයෙන් වෙන් කළ මුදල් විනිවිදභාවයෙන් ගමේ සංවර්ධනයට යොදවන්න පිරිසිදු ප්‍රාදේශිය පාලනයක් නිර්මාණය කරගන්නා ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය
සුබ නැකැතට රට අනුරට දුන් ජනතාවට ජීවත් විමේ අරගලයක නිරත වීමට සිදුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
රණවිරුවන්ට බ්‍රිතාන්‍ය පැනවූ තහනමින් ප්‍රවර්ධනය වන්නේ මානව හිමිකම් නොව ත්‍රස්තවාදී අභිලාෂයන් බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ආණ්ඩුවේ බොරුව ජනතාව දන්නවා - ඩී.වී.චානක
Saththaya Sunday, 19 August 2018 07:00 AM
රටේ බදු බර වැඩි වුනේ කවුරුන් නිසාද ? කට කටඋත්තරයක් ගන්නේ විහිලුවකටද ? වැරදි නොකලානම් උත්තර දීල නිකම් ඉන්න පුළුවන් . රටේ නීතිය එකිනෙකාට වෙනසක් වෙන්නේ නැහැ . රටේ නීතිය කාටත් පොදුයි. දේශපාලනය යනවා එනවා. හැමෝම නීතියට යටත්. නීතිය මෙහයවන්න දේශපාලනයට අයිතියක් නැහැ . එකයි වැදගත් නම් මහත්වරු පිළිපදින්න ඕනේ .