(නිමල කොඩිතුවක්කු)
‘‘යාපනය නගරාධිපතිවරයා ත්‍රස්තවාදියකු ලෙස හංවඩු ගසමින් ඊට මුවාවී ආණ්ඩුව පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවන් සෙවීමේ කටයුත්ත යට ගැසීමේ උත්සාහයක නිරතව සිටින බව’’ සමගි ජන බලවේගය නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී පැවසීය.
‘‘වෙනත් ගෝනි බිල්ලන් නිර්මාණය කරමින් බොරු ත්‍රස්ත බියක් රටේ ඇති කරමින් ජනතාව නොමග නොයවා පාස්කු ප්‍රහාරයට වගකිව යුත්තන් නීතිය හමුවට ගෙනැවිති ඒ අයට දඬුවම් දෙන්නැයි’’ද විපක්ෂනායකවරයා වැඩිදුරටත් ඉල්ලීය.
‘‘යාපනය නගරාධිපති අත්අඩංගුවට ගැනීම වැනි සිදුවීම් හරහා සැබෑ ප්‍රශ්න යට ගසමින් නැති ප්‍රශ්න ඉස්මතු කර එදා වේල දේශපාලනය කිරීමට ආණ්ඩුව කටයුතු කරන බවත් කොළඹ මාක්ස් ප්‍රනාන්දු මාවතේ විපක්‍ෂ නායක කාර්යාලයේදී මාධ්‍ය හමුව කැඳවමින් ඔහු පැවසීය.
සමගි ජනබලවේග නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් මෙසේද කීවේය.
‘‘යාපනය නගරාධිපතිවරයා අත්අඩංගුවට ගැනීමේ ක්‍රියාවලිය මා දකින්නේ ජනතාවගේ අවධානය වෙනත් අතකට යොමු කරන ආණ්ඩුව ගත් ක්‍රියාවලියක් ලෙසයි. පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවන් වර්තමාන රජය එළිදරව් කරන තෙක් මුළු රටම බලා ගෙන හිටියා. පාස්කු ප්‍රහාරය වින්දිතයන් ඇතුළු රටේ සමස්ත ජනතාව හිතුවේ මේ ආණ්ඩුව යටතේ තමන්ට සාධාරණයක් ඉෂ්ට වෙයි කියලයි.
යාපනය නගරාධිපතිවරයාගේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් ගැටලු තිබෙනවා නම් ඒවා විමර්ශනය කරන්න යම් යම් ක්‍රමවේද තිබෙනවා. පළාත් පාලන අමාත්‍යාංශය මගින් හෝ වෙනත් ක්‍රමවේද තුළින් හෝ ඒ ගැන විමර්ශන කළ හැකියි. යාපනය නගර සභාවේ නිලධාරීන්ගේ නිල ඇඳුම් සම්බන්ධයෙන් වෙනමම පරීක්ෂණයක් කරන්නත් ආණ්ඩුවට ඉඩ ප්‍රස්ථාව තිබුණා.
ඒත් ආණ්ඩුව අනුගමනය කර තිබෙන ක්‍රියාදාමය දිහා බලපුවහම යාපනය නගරාධිපතිවරයා හරියට හඳුන්වන්නේ ත්‍රස්තවාදියකු හැටියටයි. ආණ්ඩුවේ ඒ උත්සාහය මා ප්‍රතික්ෂේප කරනවා.
පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවන්, ප්‍රධාන අපරාධකරුවන් තවමත් එළිදරව් නොවුණු තත්ත්වය පිළිබඳව ජනතාව මේ ආණ්ඩුව ගැන විමතියට පත් වෙලා. පාස්කු ප්‍රහාර දින අත්අඩංගුවට ගැනුණු පුද්ගලයෙකු අද හිටි හැටියේම පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු හැටියට හඳුන්වන්න ආණ්ඩුව කටයුතු කර තිබෙනවා.
ජනතාවට තවදුරටත් බොරු කරන්න එපා යාපනය නගරාධිපතිවරයාගේ ක්‍රියා කලාපය සම්බන්ධව වෙනමම අමාත්‍යාංශ මට්ටමේ පරීක්ෂණය කළ යුතුයි. ඒ පිළිබඳ කටයුතු කරන්න කියලත් අප ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා. නිලධාරීන්ගේ නිල ඇඳුම ප්‍රශ්නයක් නම් මේ රටේ වෙනත් නගර සභාවල නිල ඇඳුම් එක්ක මේ පිළිබඳ යම් සංසන්ධනාත්මක ආකාරයට බලා ඒ නිල ඇඳුම්වලත් වැරදි තිබෙනවද කියන එක සොයා බැලුවොත් හොඳයි කියන එකත් මා රජයට යෝජනා කරන්න කැමතියි.
බොරු විගඩම්, බොරු දේශපාලන නාඩගම් ක්‍රියාත්මක කරනවා වෙනුවට, අලුත් ගෝනි බිල්ලන්, ත්‍රස්ත බිල්ලන් නිර්මාණය කරනවා වෙනුවට ජනතාව වෙනුවෙන් තමන්ගේ යුතුකම් ඉෂ්ට කරන්න කියා අප ආණ්ඩුවට මතක් කරනවා. පාස්කු ප්‍රහාරයේ සැබෑ මහ මොළකරුවන් රටට නිවේදනය කළ යුතුයි.
ඒ වෙනුවට බේරුවට නිර්මාණය කළ මහ මොළකරුවන් එක් එක් නම් විටින් විට එළියට දාලා ජනාතව මෝඩයන් කොට්ඨාශය විදියට ගණන් ගන්නේ නැතුව, ජනතාවට බොරු සපයන්නේ නැතිව සැබෑ ත්‍රස්තයන් නීතිය හමුවට ගෙනැල්ලා දඬුවම් පමුණුවන්න.’’
වර්තමාන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය සහ මැති ඇමතිවරු රටට සහ ජනතාවට බරක් නොවී වැඩ කළ හැකි බව ඔප්පු කරමින් සිටින බවත් දූෂණය, වංචාව සහ නාස්තිය නතර කර ඇති බව සියය
මාලිමා ආණ්ඩුව යටතේ ගොවියා රජ කරවීම කෙසේ වෙතත් පච දේශපාලනය නම් රජ වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
මේ වන විට ආණ්ඩුව ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා හදා ගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අක්කරපත්තුවේ ජන රැළියකදී පැවසීය.
අයවැයෙන් වෙන් කළ මුදල් විනිවිදභාවයෙන් ගමේ සංවර්ධනයට යොදවන්න පිරිසිදු ප්‍රාදේශිය පාලනයක් නිර්මාණය කරගන්නා ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය
සුබ නැකැතට රට අනුරට දුන් ජනතාවට ජීවත් විමේ අරගලයක නිරත වීමට සිදුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
රණවිරුවන්ට බ්‍රිතාන්‍ය පැනවූ තහනමින් ප්‍රවර්ධනය වන්නේ මානව හිමිකම් නොව ත්‍රස්තවාදී අභිලාෂයන් බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
‘‘ආණ්ඩුව බොරු ත්‍රස්ත බියක් ඇතිකර ජනතාව නොමඟ යවන්න හදනවා‘‘
Gihan Monday, 12 April 2021 10:17 AM
එහෙනම් යහපාලනය කාලේ වගේ ජාතික ආරක්ෂාව නැතිකරලා දාමු
Bamunuarachchi Tuesday, 13 April 2021 11:22 AM
යහපාලකයෝ ඒ කාලේ හිතුවෙත් ත්‍රස්ත බිය බොරු බියක් කියලනේ.
Raveendra Sunday, 18 April 2021 09:28 AM
විපක්ෂ පට්ටියට පැමිණෙන "සෑම ගොනෙක්ම" ක්‍රියා කරන්නේ කෙසේ හෝ බලය ලබාගෙන දියවන්නාව පට්ටියේ "මහගොනා වීමට" බව අතීතය මෙන්ම මෑත අතීතයද සියලුම රටවැසියන්ට මනා ලෙස ඔප්පුකර හමාරයි. මේ එහි වර්තමාන ක්‍රියාව බව කණගාටුවෙන් වුවද සඳහන් කරන්නෙමු...