IMG-LOGO

2025 අප්‍රේල් මස 18 වන සිකුරාදා


‘ආණ්ඩුවේ වැක්සීන් දේශපාලනය නවත්වන්න‘

(නිමල කොඩිතුවක්කු)
කොරෝනා ගරානාවක් කරගත් ආණ්ඩුවේ  ‘වැක්සීන් දේශපාලනය’ වහාම නවතන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බව සමගි ජන බලවේගය නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

සමස්ථ පුරවැසියන් කෙරෙහි සමානව සැලකීම වෙනුවට තම පාක්ෂිකයාගේ ජීවිතය පමණක් ජීවිතය සේ සලකා කටයුතු කරන ගෝත්‍රික ආණ්ඩුවක් බවට වත්මන් ආණ්ඩුව පත්ව සිකොරෝනා ගරානාවක් කරගත් ආණ්ඩුවේ  ‘වැක්සීන් දේශපාලනය’ වහාම නවතන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බව සමගි ජන බලවේගය නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි.

එන්නත් නියමිත වේලාවට ලබා ගැනීම, මුල්‍ය සම්පත් වෙන් කිරීම, මානව සම්පත් පුහුණු කිරීම, එන්නත් බෙදා හැරීම, සැලසුම් කිරීම සහ ප්‍රමුඛතාවය දිය යුත්තේ කාටද යන්න පිළිබඳව පැහැදිලි සැලැස්මක් ආණ්ඩුවට මුල සිටම නොතිබුණ බවත් විපක්ෂනායකවරයා සඳහන් කරයි.

  "මෙරට පුරවැසියන්ට අවශ්‍ය එන්නත් ඇනවුම් කරන ලෙස අපි මීට මාස කිහිපයකට පෙර කිහිප අවස්ථාවක් ආණ්ඩුවට සිහිපත් කළද ඒ් සියල්ල සුපුරුදු උද්දච්ඡ සහ වගකීම් විරහිත ස්වරූපයෙන් බැහැර කළ ආණ්ඩුව කළේ අශ්වයා පලා යනතුරු බලා සිටීමය.

වර්තමාන ආණ්ඩුව යටතේ කලුකඩ රටාවට එන්නත් සොයා යාමේ තත්ත්වයට රට පත්ව තිබේ. එය ආණ්ඩුවේ ආශිර්වාදය මත කෙරෙන ‘වැක්සීන් දේශපාලනය’ ක් වී ඇති අතර සමස්ථ පුරවැසියන් කෙරෙහි සමානව සැලකීම වෙනුවට තම පාක්ෂිකයාගේ ජීවිතය පමණක් ජීවිතය සේ සලකා කටයුතු කරන ගෝත්‍රික ආණ්ඩුවක් බවට දවත්මන් ආණ්ඩුව පත්ව සිටී" යැයි ද එහි තවදුරටත් දැක්වේ.



අදහස් (15)

‘ආණ්ඩුවේ වැක්සීන් දේශපාලනය නවත්වන්න‘

Galapara Monday, 31 May 2021 07:18 AM

එන්නත් ලබාදෙන එකේ කිසිම පිළිවෙලක් නෑ. වෛද්‍ය සංගම් කාරයින් තොගපිටින් නෑදෑයින්ට සහ යාළුවන්ට පස්ස දොරෙන් එන්නත් විදිනවා. අර නර්ස් නෝනලාගේ වැඩ ගැන බලන ස්වාමීන් වහන්සේගේ පන්සලේදී යාලු හිතමිත්‍රාදීන්ට පොලිසියෙන් ඇවිත් එන්නත් ලබාදුන්නා. දැන් සේරම අනාගෙන කියලයි මිනිස්සු කියන්නේ...

:       13       21

HemaMonday, 31 May 2021 08:00 AM

විරුද්ධ පක්ෂ නායකයාගේ ප්‍රකාශය සත්‍යයයි. ගොඩාක් තැන්වල එන්නත් දීලා තියෙන්නේ පක්ෂයේ ආධාරකරුවන්ටයි...

:       37       20

සමිත සේනක අලුත්ගමගේ. Monday, 31 May 2021 07:41 AM

පවතිනා ක්‍රමය ගැන අපගේ හා බොහෝ දෙනාගේ කිසිඳු විශ්වාසයක් නැහැයි කියමුකෝ..! ඒත්, ඔබතුමා කෙරෙහි නායකයෙකු ලෙස කෙසේ විශ්වාසය තබන්නෙමුද? ඒ මන්දයත්, රන්ජන් බේරාගැනීමට ජනපති ඉදිරියේ පිං සෙණුඩු වූ ඔබතුමා ඊට පසු දිනෙක ඒ අයට හොඳහැටි දොස් නැගුවා මතකයි. මෙවැනි දෙබිඩි පිළිවෙත්, හොඳ නායකයෙකුගේ ලක්ෂණ නොවෙයි. හරි, වැරැද්ද කුමක් වුවත්, ප්‍රේමදාස හිටපු ජනපතිගේ කිසියම් පෞරුෂයක් තිබුණා. දුර්වලකම් හා පරාජය කිරීමට හැකි බොහෝ දේ ඔබ ඉදිරියේ තිබියදීත්, වර්තමාන පාලනයට එරෙහිව දැනෙනා යමක් කිරීමට ඔබ තවමත් අපොහොසත්... එය තමයි සත්‍යය.

:       0       0

kamal Monday, 31 May 2021 07:51 AM

අපි ඔබලාට බලේ දුන්නා. කරපු දේවලුත් දැක්කා. දැන් ඉතින් නියරේ ඉඳන් සීසාන්න.

:       28       49

ganegoda Monday, 31 May 2021 07:55 AM

කලබල වෙන්න එපා සජිත් මහත්තයෝ.. රාජපක්ෂ පැටිකිරිය ජනතාවට හොඳින් හඳුනාගන්න අවස්ථාවක් දෙන්න...

:       21       22

chandima Monday, 31 May 2021 08:05 AM

එන්නත් දේශපාලනේ කරන්නේ ආණ්ඩුවද? නැතිනම් ඔහේලද? එන්නත්වල එල්ලිලා පණ ගැට ගහගන්න හදන අමන අවස්ථාවාදී දේශපාලඥයෝ. ඔව්වාට හුරේ දාන හරක් ඉන්නකල් අපේ රට වැලේ තමයි..

:       108       148

SUNIL Milano Monday, 31 May 2021 08:09 AM

මෙයා යටිගිරිය කඩාගෙන බොරුවට කෑගහනවා. එපා කියද්දී පිකටින් කරලා කොරෝනාත් හදාගත්තා. බයට බෙහෙත් විදගත්තෙත් නැහැ. ජාතියට ආදරයක් තිබේ නම් වැරැදි පෙන්නලා දීලා උදව්වක් කරන්න.. දේශපාලන වාසි ගන්නේ නැතිව...

:       34       28

nisal Monday, 31 May 2021 08:38 AM

උසනම් ඇස්ට්‍රා සෙනෙකා, මිටිනම් ෆයිසර් දෙන්න.

:       18       28

යාපා Monday, 31 May 2021 08:44 AM

මුලින් එන්නත විදගත්තේ නෑ. මැරෙයි කියලා බයේ. ඊට පස්සේ තව මිනිස්සුන්ටත් බෝකළා. ඒ මදිවාට පෞද්ගලික රෝහල්වල සැප විඳිනවා ලක්ෂ ගණන් වියදම් කරලා. උස නම් සිකුරිටි මිටි නම් කම්කරු දීපු මොලකාරයනේ මේ...

:       10       29

Hamid Monday, 31 May 2021 10:11 AM

මොකේ හරි එල්ලිලා වෙස්සන්තර වෙන්නමයි බලන්නේ...!!!

:       8       45

Sri Lanka Monday, 31 May 2021 11:06 AM

ඒකම නේද අවුරු 70 ක් කළේ

:       9       7

Range bandara Tuesday, 01 June 2021 11:57 AM

කිලි මහරජාගේ පුස්කොලේ.., අපේ රනිල් සර් පාර්ලිමේන්තු ඇවිල්ලා පයින් ගහලා එළවයි.

:       3       7

Chris Berenger Wednesday, 02 June 2021 07:17 AM

දේශපාලන ඇඟිලි ගැසීම්වලින් තොරව එන්නත්කරණ වැඩපිළිවෙළ ක්‍රියාත්මක විය යුතු බවට විවාදයක් නැත. කෙසේවුවද ජනතාවගේ අවශ්‍යතා සපිරෙන අන්දමට, ඔවුන්ට සිදුවන පීඩාව හැකිතරම් අවම කරගනිමින් එන්නත්කරණ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම රජයේද වගකීමක් බවත් පෙන්වාදීමට කැමැත්තෙමු...

:       1       9

Jaga Friday, 04 June 2021 05:58 AM

හිටපු කාලේ කරපු හරිය අපි දන්නවනේ. ඔයාලා හිටියත් ඔච්චරයි.

:       1       35

hesa Friday, 04 June 2021 06:48 AM

ශවේන්ද්‍ර සිල්වා මහතා ද පසුගියදා රටේ සියලු‍ ජනතාවගෙන් ඉල්ලා සිටියේ එන්නත්කරණ වැඩපිළිවෙළට සහාය ලබාදීම මිස එයට බාධා සිදුවන කිසිඳු කටයුත්තක් නොකළ යුතු බව නේද..? එන්නත්කරණ වැඩසටහන් ක්‍රියාත්මක වන අවස්ථාවලදී ජනතාව සෞඛ්‍ය නීති අනුගමනය කරමින් කටයුතු නොකළහොත් ඔවුන්ගේ ජීවිත අවදානමට ලක්විය හැකි බවද ඔහු පෙන්වා දී තිබුණා. යුද හමුදාපතිවරයා මේ බව කියා තිබුණේ පසුගිය දිනවල එන්නත්කරණ වැඩපිළිවෙළට බාධා ඇතිකළ සිදුවීම් ගණනාවක් සැලකිල්ලට ගනිමින් බව පැහැදිලියි. සෑම දේටම හරස් නොවී, එක්ව රට බේරාගැනීම නොවේද කළ යුත්තේ..? මෙයින් මහඡනතාවගේ සුලු කැමැත්තක් ඔබ කෙරෙහි හෝ තිබුණා නම්, එයද නැතිවී යන බවත් හිතන්න...

:       1       8

ඔබේ අදහස් එවන්න

 

 
 

දේශපාලන

වර්තමාන ආණ්ඩුව ජනතාවට බරක් නොවන බව ඔප්පු කළා
2025 අප්‍රේල් මස 17 413 1

වර්තමාන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය සහ මැති ඇමතිවරු රටට සහ ජනතාවට බරක් නොවී වැඩ කළ හැකි බව ඔප්පු කරමින් සිටින බවත් දූෂණය, වංචාව සහ නාස්තිය නතර කර ඇති බව සියය


පච දේශපාලනය රජ වෙලා
2025 අප්‍රේල් මස 17 541 7

මාලිමා ආණ්ඩුව යටතේ ගොවියා රජ කරවීම කෙසේ වෙතත් පච දේශපාලනය නම් රජ වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


ජනපතිට ජපානයෙන් ආරාධනයක්
2025 අප්‍රේල් මස 11 5949 2

මේ වන විට ආණ්ඩුව ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා හදා ගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අක්කරපත්තුවේ ජන රැළියකදී පැවසීය.


පිරිසිදු පුංචි ආණ්ඩු ටිකක් හදාගන්න
2025 අප්‍රේල් මස 11 703 1

අයවැයෙන් වෙන් කළ මුදල් විනිවිදභාවයෙන් ගමේ සංවර්ධනයට යොදවන්න පිරිසිදු ප්‍රාදේශිය පාලනයක් නිර්මාණය කරගන්නා⁣ ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය


සුබ නැකතට රට අනුරට දුන් අය විපතකට
2025 මාර්තු මස 26 2030 33

සුබ නැකැතට රට අනුරට දුන් ජනතාවට ජීවත් විමේ අරගලයක නිරත වීමට සිදුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද
2025 මාර්තු මස 25 3735 16

රණවිරුවන්ට බ්‍රිතාන්‍ය පැනවූ තහනමින් ප්‍රවර්ධනය වන්නේ මානව හිමිකම් නොව ත්‍රස්තවාදී අභිලාෂයන් බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 202 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 378 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 1123 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

Our Group Site