IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


‘‘ආණ්ඩුව සමඟ ගිවිසුමකට එන්න‘‘

(අංජුල මහික වීරරත්න)

අසීරුවෙන් ආරක්ෂා කරගත් රටේ ආර්ථිකය තවදුරටත් ගොඩනැගීම සඳහා ජනතාව ගැන සිතා ආණ්ඩුව සමඟ ගිවිසුමකට එන්නැයි සජබ ,ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු සියලු පක්ෂවලට ආරාධනා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයේ මැයි දින සමරු රැලිය අමතමින් අද (1) පැවසීය.

රැක ගත් ආර්ථිකය කඩා දමන තීරණ ගතහොත් යළිත් ඉන්ධන පෝලිම් සහිත අඳුරු යුගයකට රට ඇද වැටෙන බවද ජනාධිපතිවරයා කීය.

ලංකාවේ හොඳම නැකැත් තිබෙන්නේ එක්සත් ජාතික පක්ෂයට මෙන්ම රටට බව පැවසූ ජනාධිපතිවරයා හැම විටම රට වැටුණු විට  ගොඩට ගත හැක්කේ එක්සත් ජාතික පක්ෂයට පමණක් බවද කීය.

ජනාධිපති  රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් " යළි නොවැටෙන අභිමානවත් රටක්"යන තේමාවෙන් මාලිගාවත්තේදී  එජාප මැයි දින සමරු රැළිය පැවැත්විණි.

දිවයිනේ නන් දෙසින් පැමිණි ජනතාවගෙන් මාලිගාවත්ත ප්‍රදේශය පිරී ගොස් තිබූ අතර මාලිගාවත්තට පිවිසෙන සියලුම මාර්ග ඔස්සේ පෙළපාලි වලින් පාක්ෂිකයන් රැස්වීම් භූමියට පැමිණෙන අයුරු දැක ගත හැකි විය.



අදහස් (15)

‘‘ආණ්ඩුව සමඟ ගිවිසුමකට එන්න‘‘

Asoka Wednesday, 01 May 2024 07:26 PM

ගිවිසුම කිව්වේ මෙයාලා මේ දවස්වල විපක්ෂේ මන්ත්‍රීලාට බෙදාගෙන යන බාර් ලයිසන් ගිවිසුම වෙන්න ඇති...!

:       13       64

පුර්වැසියා Wednesday, 01 May 2024 07:33 PM

රටේ ජනතාවට කන්න තියෙන මුදල් බදු විදිහට හූරාගෙන පාලකයින්ට සුර සැප විඳින්න හදලා තියෙන ආර්ථිකය ආරක්ෂා කරගන්න ගිවිසුමක් ගහන්න කියලද කියන්නේ...?

:       13       58

Chathuri Wednesday, 01 May 2024 08:08 PM

හරි මහන්සි ඇති බයියෝ ටික හිරේ යන්න නොදී ආරක්ෂා කළා. රට ගොඩගත්තේ කොහොමද? දේපල පිට රටට විකුණලා ගිනි පොලියට සල්ලි අරන්. ඔය වගේ වැඩ නූගතුන්ට හොඳට කරන්න පුළුවන්... රට තවමත් බන්කොළොත්... තවමත්. නඩේ අයට ඉස්සර විදියටම ඕන ඕන විදියට බාර් පර්මිට්. වාහන පර්මිට්. නොමිලේ බෙදනවා ඡන්ද ගන්න. දුප්ප්ටත් මිනිහට ගෙයක් හදා ගන්න. ප්ලෑන් එක පාස් කරන්න කාල කන්නින්ට වඳින්න ඕනෑ. කාටවත්ම ඡන්දෙ දෙන්න එපා අනුරට ඇර... රනිල් හිරේ ඉන්න ඕනෑ කෙනෙක්. මුදල් වන්චා කරලා. හොරුන් ආරක්ෂා කරලා රට වැට්ටුවා. දැන් බලේ ඉන්නේ... කිසිම දෙයක් නොකරපු ගානට.

:       20       60

විජිත් Wednesday, 01 May 2024 08:11 PM

මේ මිනීමරු බැංකු හොරුත් සමග ගිවිසුම්? ඊට වැඩිය හොඳයි තමන්ගේ ගෞරවය, ප්‍රතිපත්ති ආරක්ෂා කරගෙන සටන් කරනවා. මීළඟට එන ඕනෑම ඡන්දෙකින් ජාතික ජනබලවේගය ඉහළින්ම දිනවීමට ජනතාව තිරණය කරලා අවසන්. රජයක් පිහිට වූ පසු මොවුන් වැනි දූෂිත හොරුන්ට සිදුවන්නේ අධිකරණය ඉදිරියේදී චෝදනා රාශියක් හමුවේ වැරැදි කරුවන් බවට පත්වී සමහර විට ජීවිතාන්තය දක්වාම හිරගත වීමටයි. එයින් බේරෙන්න උපක්‍රමයක් තමයි මේ ගිවිසුම්..!

:       18       61

ජනතාවThursday, 02 May 2024 07:41 AM

ජනතාව කියන්නෙ පොහොට්ටුවට ඡන්දෙ දීල රටට කෙලවල මාලිමවට ඡන්දෙ දෙන උන් විතරක් නෙමෙයි විජිත්.අනෙක ඔයා කොහොමද තක්කෙටම කියන්නෙ අධිකරණයෙන් වැරදිකරුවො වෙනව කියල.ඕව නිකං මිනිස්සු ගොනාට අන්දන කතානෙ.

:       12       4

ගමේ එකාලා Wednesday, 01 May 2024 08:40 PM

ආණ්ඩුවට එකතුවෙලා ඇමැතිකම් ගත්තු බලලෝභී බඩගෝස්තරවාදී කාලකන්නි දේසපාලුවෝ කීප දෙනෙක් ඉන්නේ... ඒ මදෑ?

:       13       54

වැසියා Wednesday, 01 May 2024 08:59 PM

චන්ද්‍රිකායි, ඔයයි, මහින්දයි 1993 ඉඳලා ජනපති, අගමැති වෙලා මේ රට මේ තත්වෙට ගෙනත් දැන් ඔක්කොම එකගේ කන්න වගේ සූදානම

:       1       0

Gang of Thieves and Goons Wednesday, 01 May 2024 09:07 PM

එන්න අපි ඔක්කොම එකතුවෙලා හොරකම් කරමු

:       0       3

Pradeep Wednesday, 01 May 2024 09:37 PM

රට හිගමනට පත් කලෙත් ඔයා ඇතුලු මජර දේශපාලුවො තමා, දැන් නිකන් නින්දෙන් නැගිටල වගේ විකාර දෙඩවුවට අපිට ඔක්කොම මතකයි

:       0       3

chandima Thursday, 02 May 2024 12:39 AM

රෙද්දක් කියවනවා .මිනිස්සු රාජපක්ෂලාව එලවද්දී යන්තම් පුටුවේ වාඩි නොවුනානම් අනුන්ට අංචි ඇද ඇද ,ලංකාවට වල කප කපා තවම ලයිට් කණුවක් යට කලිසම එල්ලාගෙන ඉන්නවා

:       6       11

බණ්ඩා Thursday, 02 May 2024 01:21 AM

මෙවැනි දවල් හීන දකින ජේ.වී.පී. කාරයෝ පව් අප්පා. "වැඳලා බහින මේ නඩේට සම්මා සම් බුදු සරණයි" කියලා තමයි කියන්න තියෙන්නේ.

:       14       6

ranjith Thursday, 02 May 2024 06:34 AM

ඡන්දයක් තියලා ජන මතේ ඇති අතර ගිවිසුම් ගහන්න පුළුවන්නේ

:       2       5

NDF Leader Thursday, 02 May 2024 07:02 AM

අතීත පොහොට්ටුවන්ගෙන් යුතු සභාග ආණ්ඩුවක් හදන්න කලින් මහ මැතිවරණයක් තබා වර්තමානයේ ඇති ජනතා කැමැත්ත අනුව ‌තේරී පත්වන මන්ත්‍රීන්ගෙන් ආණ්ඩුවක් හදන්න. ඒකටත් රනිල් සුදුසුදැයි ජනතාවගෙන් දැනගන්න. 2019 හා 2020 පත් වුනු පොහොට්ටුවෝ බහුතරයක් දැන් අවලංගු වී ඇත.

:       0       11

පිටරටවැසියා Thursday, 02 May 2024 07:48 AM

මේ මග එන ගමන්. ඔක්කොම ලෑස්ති කරලා තියන්න, කණ අත්සන් ගහන්න...

:       1       11

ජයනාත් Thursday, 02 May 2024 08:26 AM

මෙයා මෙහේ බයිල ගහ ගහ ඉන්නවා. ඇමරිකාව කියන ඕන පදේකට මෙයා නටනවා. තානාපතිනිය බොක්කේන්ම වැඩ කියල පෙන්නනවා. ඒත් අන්න බහමාස් වලට යන්න ඉන්න රිලේ කණ්ඩායමට ඇමරිකාව හරහා යන්න දෙන්න බැහැ කියල නතර කරල. එයාල අනාථයි. මොකක්ද රනිල් මහත්තයෝ මේ බොරුව. රිලේකණ්ඩායම කියන්නේ කඩා කප්පල්කාරින්ද? ලංකාවේ ඇමරිකා තානාපති කාර්යාලය කරන්නේ මොකක්ද?

:       3       12

ඔබේ අදහස් එවන්න

දේශපාලන

‘‘රටේ සංස්කෘතිය අප ආරක්ෂාකරනවා‘‘
2024 සැප්තැම්බර් මස 07 172 0

රටේ සංස්කෘතියට හානියක් වන කිසිඳු දේශපාලනික හෝ සමාජීය තීන්දුවක් ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, පාර්ලි


අනාගතය ගැන කතා නැති අයට රට භාර ගන්න අයිතියක් නෑ
2024 සැප්තැම්බර් මස 07 1079 15

රටේ අනාගතය ගැන කතා කිරීමට නොහැකි පුද්ගලයින්ට රටේ අනාගතයේ භාර ගැනීමට අයිතියක් නොමැති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


‘‘ඉන්න බැරි නම් යන්න‘‘
2024 සැප්තැම්බර් මස 06 6373 24

මෙවර ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය නොදෙන ආණ්ඩු පාර්ශ්වය නාමිකව නියෝජනය කරන සියලු මැති ඇමතිවරුන්ට සහ මන්ත්‍රීවරුන්ට ඉවත්ව යන


‘‘කොළ - රතු අලිපැටව් එකතු වෙලා‘‘
2024 සැප්තැම්බර් මස 06 6180 12

කොළ අලි පැටව් රතු අලි පැටව් එකට එකතු වී රනිල් අනුර හොර සන්ධානයක් සකස් කර ඇති බැවින් ජනතාවගේ වටිනා ඡන්දය හොරු රකින සන්ධානයට නාස්ති කරන්න එපා යැයි සමගි ජන


‘ජාති භේදයක් නැති වෙනසක් ඇති කරනවා‘
2024 සැප්තැම්බර් මස 06 2189 0

දකුණේ සිංහල දෙමළ මුස්ලිම් භේදයකින් තොරව ජනතාව වෙනසක් වෙනුවෙන් පෙනී සිටියදී උතුරේ ජනතාවද එම වෙනසෙහි කොටස්කරුවන් වන ලෙස ජාතික ජනබලවේගයේ ජනාධිපතිවරණ අ


’’අපි ඉතාමත් සැලසුම් සහගතවයි මේ ගමන ආවේ’’
2024 සැප්තැම්බර් මස 05 2446 26

ජාතික ජනබලවේගයේ අපි ඉතාමත් සැලසුම් සහගතවයි මේ ගමන ආවේ. ගිය ජනාධිපතිවරණේ ඡන්ද ප්‍රතිඵල දිහා බැලුවොත් කවුරුවත් විශ්වාස කරන්නේ නැහැ. මේ ජනාධිපතිවරණ ඡන්


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site