දැන් ඉතින් කල් ගියා හොඳටම ප්රමාණවත්ය. දැන් ඇත්තේ ජනරැල්ල දිගටම පවත්වාගෙන යා හැකි ජන හද දිනාගත හැකි සංවර්ධන ව්‍යාපෘති ඇරඹීමය. රූප
වාහිනී ප්රවෘත්ති හරහා ජන මනස මෝහනය කිරීම තවදුරටත් කළ නොහැකිය. නීති අණපනත් චක්‍රලේඛ නිකුත් කළ පමණින් ජනරැල්ල රැකගත නොහැකිය. වහාම රට හදන වැඩපිළිවෙළ ඉදිරිපත් නොකළහොත් එළැඹෙන ප්‍රාදේශීය සභා මැතිවරණයේ දී ජයපැන් බොන්නේ ආණ්ඩුව නොව විපක්ෂයය.
වත්මන් ආණ්ඩුව බලයට පත් වූයේ ප්‍රධාන වශයෙන්ම ‘ෆේස්බුක්’ මෙහෙයුමකිනි. මුහුණු පොත එපා වන තරමටම ජාතික ජනබලවේගයට පක්ෂපාතී එම බලවේගයේ මැතිවරණ ප්‍රචාරණය රැගත් ‘පෝස්ට්’ මුහුණු පොත මගින් හුවමාරු විය. ජීවිතයෙන් කිසිදා හමුවී නැති අයගේ ‘පෝස්ට්’ මුහුණු පොතේ මතුවී තිබුණේ ජාතික ජනබලවේග රජයක් යටතේ රට හැදෙන හැටි සහ ජනතාවට ලැබෙන වරප්‍රසාද ආදිය පෙන්වා දෙමිනි.
ජාතික ජනබලවේගයේ ප්රචාරක කටයුතු එතරම් ප්‍රබල හා සූක්ෂ්ම විය. බලය ලබාගත් පසු මෙකී පොරොන්දු එකක්වත් තවම ඉටුවී නැත. පොරොන්දු අපගේ දෑස ඉදිරිපිටම ගෙන ආ මුහුණු පොතේ ප්රචාරක පිටු ද නැවතිලාය. මාලිමාව වෙනුවෙන් දිවා රෑ නොබලා මුහුණු පොතේ ප්රචාරක කටයුතුවල යෙදී සිටි රාජ්‍ය සේවකයන් ද යළිත් මුළුගැන්විලාය. ඒ වෙනුවට එදා මුළුගැන්වී සිටි වෙනත් පක්ෂවල හිතවතුන් මුහුණු පොතෙන් හිස ඔසවා ජාතික ජනබලවේගයේ පොරොන්දු මතක් කරමින් පෙරළා පහර දෙන ව්‍යාපෘතියක් අරඹා ඇත. මාලිමා ජනරැල්ල යට ගොස් විපක්ෂයේ යටගිය ජනරැල්ල යළි මතුවෙමින් තිබේ.
ජයග්‍රහණයට පෙර තිබූ ජනරැල්ල ජයග්රහණයෙන් පසු නඩත්තු කිරීම අතිශය දුෂ්කර වන්නේ මේ නිසාය. කථානායකගේ ආචාර්ය උපාධි සහතිකය තබා උපාධි සහතිකයක්වත් ඔප්පු කර ගන්නට බැරි වූ සිද්ධියේ සිට මාලිමා රජයේ මැති ඇමැතිවරුන් ඈඳුණු සිදුවීම් කිහිපයක් එළියට එද්දී ආණ්ඩුවේ සුවිශාල ජනරැල්ල නිද්‍රාවට පත්වී ඇති බවක් දැකගත හැකිය.
බඩු මිල අඩු කරන, ජනතාවට සහන දෙන, විදුලිබිල අඩුකරන මැතිවරණ පොරොන්දු කිසිවක් ඉටුනොකර ආණ්ඩුව ජනතාවට ලබා දෙන්නේ සතුරාට පහර දෙන සහ සතුරාගේ ඥාතීන් සිරගත කරන චිත්ත ප්‍රීතිය පමණකි. විදුලිබිල අඩු කරන බවට මැතිවරණ සමයේ හතර අතේ දිවුරා පොරොන්දු වූ ජාතික ජනබලවේගය එම පොරොන්දුව ඉටුකිරීම වෙනුවට රාජපක්ෂ පාලනයේ හා රනිල් වික්‍රමසිංහ පාලනයේ වගකිවයුත්තන්ගේ ඥාතීන් සිරගත කරන රූප පෙළහරකට යොමුව සිටී. මෙම රූපරාමු දුටු පමණින් ජීවන වියදම් බර අඩුවන්නේ නැත. රාජපක්ෂ පවුලේ ඥාතීන් කළ ජාතික ධනය සොරා කෑමට දඬුවම් කළ යුතු මුත් එයට සමාන්තරව බඩු මිල ඉහළ යාමෙන් ජනතාව වැටී ඇති දුෂ්කරතාවට ද සහනයක් ලබා දිය යුතුය.
ජාතික ජනබලවේගය බිහි වූයේ දක්ෂිණාංශික අන්තයක් සහ වාමාංශික අන්තයක් එකට එකතු වීමෙනි. වාමාංශික අන්තය නියෝජනය කළේ භීෂණ සමයේ ටයර් සෑ මතින් පක්ෂය රැකගත් එමෙන්ම ආණ්ඩුවේ මර්දනයෙන් දිවි පිදූ ජවිපෙ සාමාජිකයන් සහ එම පවුල්වල සාමාජිකයන්ගෙනි. දක්ෂිණාංශික අන්තය නියෝජනය වූයේ ඉකුත් යහපාලන ආණ්ඩු හා රාජපක්ෂ ආණ්ඩු නිසා කලකිරී පාවෙමින් සිටි ඡන්දදායකයන් සහ අලුත බිහිවන පාවෙන ඡන්දදායකයන්ගෙනි. සමාජ මාධ්‍යයේ වැඩිපුරම මාලිමාවට පක්ෂ පාත වූයේ කිසිදා ජවිපෙ නොවූ එහෙත් රාජපක්ෂ හා යහපාලන ආණ්ඩුවලට ඡන්දය පාවිච්චි කර කලකිරී සිටි ඡන්දදායකයන්ය. 2010 දී සරත් ෆොන්සේකාට, 2015 දී මෛත්‍රීපාල සිරිසේනට සහ 2019 දී ගෝඨාභයට ඡන්දය ප්‍රකාශ කර බලාපොරොත්තු කඩ වූ මේ පිරිස සැබෑ ජවිපෙ කාඩරයටත් වඩා රාජපක්ෂ හා රනිල් විරෝධීහුය. රැකියා ප්‍රශ්න ජීවන වියදම් ප්‍රශ්න උසස්වීම් ආදී ප්‍රශ්න නිසා වේගයෙන් අලුත් නායකයන් සොයා යන මේ පිරිස ඉක්මනින්ම බලාපොරොත්තු සුන්කර ගන්නෝය.
රජයේ පාසල්වල ගුරු භවතුන් ලක්ෂ දෙකක් මහින්ද ජයසිංහගේ සමස්ත ලංකා ගුරු සංගමයේ සාමාජිකයන් වී සිටින්නේ ඒ නිසාය. මෙවැනි බොහෝ දෙනාට පූර්ණ කාලීන ජවිපෙ සාමාජිකයන් විඳි දුක් වේදනා ගැන අවබෝධයක් නැත. මැතිවරණවල දී ඡන්ද එකතු කිරීම සඳහා මෙවැන්නන් අත්‍යවශ්‍ය වන අතර ඔවුන්ගේ බලපොරොත්තු විවිධය. විවිධ වෘත්තිකයන් මාලිමාව වටා වේගයෙන් එකතු වූයේ තමන්ගේ ජීවන රටාවට පැවැති ආණ්ඩුවලින් ලැබුණු සහනය මදි වූ නිසාය. ඔවුන්ට වුවමනා වූයේ ජීවන වියදම අඩුකර ගැනීමටය. වැටුප් වැඩිකර ගැනීමටය. රනිල් වික්‍රමසිංහ යටතේ රාජ්‍ය සේවකයන් ප්‍රමාණය විශාල වශයෙන් අඩුකරන බවට තිබූ රාවය හේතුවෙන් රාජ්‍ය සේවකයන් අඩු නොකරන, රජයේ ආයතන විකුණා නොදමන පාලනයක් බිහිකර ගැනීමටය. කොටින්ම කියනවා නම් ‘වැඩි වැටුප් සමග අඩු වැඩ’ ලැබෙන පාලන ක්‍රමයක් සෙවූ මේ පිරිස වසර පහකට වතාවක් අලුත් අත්තක වසන්නන්ය. අලුත් කූඩුවක් තනවන්නන්ය. අත්තෙන් අත්තට පනින මහා ජනකායක් අනුර කුමාර දිසානායක තෝරා ගත්තේ අප පෙරකී ආකාරයට අඩුවෙන් වැඩ කර වැඩි ප්රතිලාභ ලබා ගැනීම සඳහාය.
එහෙත් මේ වනතුරුත් ඒ පිරිසේ බලාපොරොත්තු ඉටුවන බවක් පෙනෙන්නට නැත. වැඩි වැටුප් ගැන කතාවක්වත් රජයේ වගකිවයුත්තන්ගෙන් නෑසෙන තරම්ය. ජනාධිපතිවරයා මෙතෙක් කියා නැති මුත් රජයේ වෙනත් වගකිවයුත්තන් කියන්නේ රාජ්‍ය සේවයෙන් ලක්ෂ පහක්වත් ඉවත් කළ යුතු බවය. එවැනි ගණනක් ඉවත් කළ යුතු බව සැමදාම ධනපති පන්තියේ සිටි රනිල් වික්රමසිංහවත් කීවේ නැත. රාජ්‍ය සේවකයන් පැතූ ලෝකය ඉටුවන පාටකුත් පෙනෙන්නට නැත. ඇද වැටුණු විපක්ෂය සමාජ මාධ්‍යයේත් ආණ්ඩුව පතුරු අරිද්දී ආණ්ඩුව පිහිටුවන්න දැඟලූ රජයේ සේවකයන් දැන් දතකට පූට්ටු වී සිටින්නේ මේ නිසාය.
ආණ්ඩුවක් කරගෙන යන විට විපක්ෂය මතුකරන විවේචන ජනතාව පිළිගන්නේ ආණ්ඩුව නිද්‍රාශීලීව සිටිනවා නම් පමණය. එසේ නොමැතිව තමන් මැතිවරණයේ දී පොරොන්දු වූ දේ ඉටුකරන්නේ නම් විපක්ෂයට ජනතාව ඇදගැනීමේ ශක්තියක් නැති වන්නේය. ‘එල් බෝඩ්’ ආණ්ඩුවක් නිසා ආණ්ඩුවට වැඩ බැරි බවට විපක්ෂය ගෙන යන ප්‍රචාරය ජනතාව පිළිගන්නේ ආණ්ඩුව වැඩ නොකරනවා නම්ය. තවමත් ජනතාව විපක්ෂයේ ප්‍රචාරවලට කන්දෙන්නේ නැත. තවමත් විපක්ෂය ජනතාවගෙන් ප්‍රතික්ෂේප වී ඇද වැටුණු විපක්ෂයමය. ජනතාව තවමත් ආණ්ඩුව එල්බෝඩ් බව පිළිගන්නේ නැත.
එයට හේතුව එල්බෝඩ්කාරයන් වැඩ පෙන්වූ අතීතයක් මෙරට තිබූ නිසාය. මැතිනිගේ මස්සිනා වූ ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක එකල වැඩ පෙන් වූයේ එල්බෝඩ් ඇමැතිවරයකු හැටියට එදා විපක්ෂය ඔහුට අභියෝග කරද්දීය. ජේආර්ගේ අගසව්වන් වූ ලලිත් ඇතුළත් මුදලි හා ගාමිණී දිසානායකත් 1977 ආණ්ඩුවේ හොඳම වැඩකාරයන් වූයේ එල් බෝඩ් ලේබලය යටතේය. ගාමිණීගේ මහවැලියත්, ලලිත්ගේ මහපොළත් ජනතාව හද බැතියෙන් වැලඳගත් සංවර්ධන ව්‍යාපෘතිය. ජේආර්ගේ ආණ්ඩු වෙනත් අංශවලින් ජනතා අප්‍රසාදයට පත්වෙද්දී ගාමිණීගේ මහවැලියට ලලිත්ගේ මහපොළට මෙන්ම ප්‍රේමදාසගේ ගම්උදාවට ජනරැල්ල ඒ ලෙසට පවත්වාගෙන යාමට හැකිව තිබිණි. වර්තමාන ආණ්ඩුවට ද අවශ්‍ය වන්නේ එවැනි ඇමැතිවරුන්ය.
දැන් ඉතින් කල් ගියා හොඳටම ප්රමාණවත්ය. දැන් ඇත්තේ ජනරැල්ල දිගටම පවත්වාගෙන යා හැකි ජන හද දිනාගත හැකි සංවර්ධන ව්‍යාපෘති ඇරඹීමය. රූපවාහිනී ප්රවෘත්ති හරහා ජන මනස මෝහනය කිරීම තවදුරටත් කළ නොහැකිය. නීති අණපනත් චක්‍රලේඛ නිකුත් කළ පමණින් ජනරැල්ල රැකගත නොහැකිය. වහාම රට හදන වැඩපිළිවෙළ ඉදිරිපත් නොකළහොත් එළැඹෙන ප්‍රාදේශීය සභා මැතිවරණයේ දී ජයපැන් බොන්නේ ආණ්ඩුව නොව විපක්ෂයය.
ජනතාව ඡන්දය දෙන හේතුව නිසි ලෙස වටහා නොගන්නේ නම් ජනතා ආකර්ෂණය රැල්ලක් ලෙස හමාගොස් ලබන ජයග්‍රහණය වසර පහකට පසු අවසන් වන්නේ බලවත් ජන අප්‍රසාදයකින් බව මෙරට දේශපාලන ඉතිහාසය අපට උගන්වයි. 1956 පංච මහා බලවේගයන් සැදි බණ්ඩාරනායක වරුන්ගේ අතිශය ජනප්‍රිය රැල්ල 1965 දී අවසන් වූයේ බලවත් ලෙස පිරිහුණු ආණ්ඩුවක් වශයෙනි.
යළිත් 1970 දී මහා ජන රැල්ලකින් නැගුණු බණ්ඩාරනායක ආණ්ඩුව 1977 දී අවසන් වූයේ බලවත් ජනතා අප්‍රසාදයක් මැදය. සෑම ආණ්ඩුවකටම මේ තත්ත්වය පොදු විය. ඉතිහාසයේ දුසිමක් වැනි උදාහරණ අපට පෙන්වා දෙන්නේ ජනප්‍රිය රැල්ලෙන් නැගී ආ කිසිදු ආණ්ඩුවක් ධුර කාලයේ අවසානය තෙක් ජනප්‍රියත්වය රඳවා නොගත් බවය.
1965 දී දරුණු පරාජයකට මුහුණ පෑ බණ්ඩාරනායක මැතිනිය හා ශ්‍රීලනිප යළි අති විශාල ජනතා රැල්ලකින් බලයට පත් වූයේ 1970 පැවැති මහා මැතිවරණයේදීය. 1965 පරාජයේ දී ඇයට ගැරහූ වුන් පවා 1970 දී ඇය දුටුවේ රටේ ගැලවුම්කාරිය ලෙසය. ‘අපේ අම්මා ළඟ එනවා... හාල් සේරු දෙක දෙනවා...’ ඇය වෙනුවෙන් ගැයුණු එක් සටන් පාඨයක් විය. ‘සිරිමා මැතිනි සීදේවී. රට කිරියෙන් ඉතිරේවී...’ තවත් සටන් පාඨයකි. මැතිවරණ සමයේ අතිවිශාල සෙනඟත් ඇගේ රැස්වීම්වලට පැමිණි අතර ඔවුන් මැතිනිය පිළිගත්තේ ‘අපේ අම්මා මෙහි ආවා....අප බලන්න මෙහි ආවා..’ යන වදන් කවියක් සේ ගසමිනි. ජනතා උන්මාදය වූයේ මැතිනියය.
අගමැති බණ්ඩාරනායක ඝාතනයෙන් පසු දේශපාලනය ගැන මෙලෝ හසරක් නොදැන දේශපාලනයට ආ බණ්ඩාරනායක මැතිනියට ‘ගෑනුන්ට පුළුවන් ද රට කරන්න.’ යනුවෙන් කී තැනැත්තන් පවා 1965 – 1970 එජාප රජය නිසා කලකිරී ඊළඟට මැතිනියට පිළි ගත්තේ ‘රට බේරා ගන්නා අම්මා’ ඇය බව කියමිනි.
මැතිනිය ගිය ඇතැම් රැස්වීමක දී කාන්තාවෝ තම දිගු කොණ්ඩා පාරේ අතුරා ඒ අසල දණ ගසා ඇය හිසකෙස් මාලයක් උඩින් වේදිකාවට ගෙන ගියහ. ජනතා උන්මාදය වූයේ මැතිනියය. මැතිනියගේ ආකර්ෂණීය රුව රැගත් පෝස්ටර් එකල නිවාසවල බිත්ති සරසා තිබිණි. ‘රට හදන අපේ අම්මා’ වූයේ මැතිනියය. ඇගේ පාලන සමයේ ක්‍රියාත්මක කළ ඇතැම් ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩිකල් නොයැදීම ජනතාවට එපා විය. ඇගේ රජයේ ‘සරල’ මන්ත්‍රීවරුන් වැඩිකල් නොයැදීම වස්තුව රැස් කරන්නට ආ කොල්ලකාරයන් බව පෙනුණේය. ඇගේ රජය ක්‍රියාත්මක කළ ආනයනික භාණ්ඩ හා අත්‍යවශ්‍ය භාණ්ඩ සීමා නිසා මහජනතාව අතිශය දුෂ්කරතාවට පත්වුවද 1977 මැතිවරණයෙන් ශ්රීලනිපය පරාජය වූ වහාම ශ්‍රීලනිප බලවතුන්ගේ නිවාස වැටලූ ඡන්ද දායකයන්ට වෙළෙඳසල්වල හිඟ වී තිබූ කිරිපිටි සීනි වැනි පාරිභෝගික භාණ්ඩ එම ශ්‍රීලනිප බලවතුන්ගේ නිවාසවල තොග ගණනින් රැස්කර තිබී හමුවිය. රට හදන්න ආ අම්මාගේ පාලනය ජනතාවට තිත්ත විය. ඒ නිසාම එතෙක් කිසිදු පක්ෂයක් නොලැබූ ආකාරයට අතිවිශාල බලයක් හෙවත් ආසන හයෙන් පහක අතිවිශාල බලයක් සහිතව විරුද්ධ පක්ෂයේ නායක වූ ජේ.ආර්. ජයවර්ධන ජය ගත්තේය. ඒ ජේ.ආර්. ජයවර්ධන යනු 1970 දී යැංකි ඩිකී යැයි නම් පටබඳිමින් ඇමෙරිකානු ගැත්තකු, සම්බෝල හා බත් කන ගැමියකු නොව ධනපති ඒජන්තයකු ලෙස ජනතාව විසින්ම නම් පටබඳින ලද ජේ.ආර්. ජයවර්ධනම මිස අනිකකු නොවේ.
ජනතා රැලි නගින්නේ හා බසින්නේ එපරිදිය. ජනතාව විසින් සිංහාසනයට නංවන නායකයන් සිංහාසනයෙන් බස්සවන්නේ ද ජනතාව විසිනි. හයෙන් පහක බලයක් තිබූ ජේ.ආර්ගේ රජය මැතිනිගේ රජය ලැබූ පරාජයෙන් පාඩම් ඉගෙන ගත්තේ ද නැත.
බලයට පත්වන විට ජේ. ආර්ගේ රජයට තිබූ අති විශාල ජනරැල්ල නැතිකර ගන්නට මහා කාලයක් ගියේ නැත. බලයට පැමිණ ඉදිරිපත් කළ පළමු අයවැය යෝජනාව ලියෙන්ම රජය පොදු ජනතාවගේ හාල් පොත කපා හැරියේය. නිදහස දිනූ දා පටන් ජනතාවට හිමිව තිබූ හාල් පොත ඉවත් කරනු ඇතැයි ජනතාව ජේ.ආර්ට ඡන්දය පාවිච්චි කරද්දී කල්පනා කළේත් නැත. ජනතාවට වුවමනා වූයේ තිබූ ආහාර පෝලිම් නැති දුෂ්කරතා අඩු ජීවන ක්රමයකි. ජේ.ආර්ට ඡන්දය දෙන්න ප්‍රධාන හේතුව වූයේත් ආහාර සුලබ කරන බවට ජේ.ආර් ලබා දුන් පොරොන්දුවය. ජේ.ආර්ගේ ආහාර සුලබ කළා සේම ආහාර නොමිලේ දීම නැවැත් වූයේය. වෙළෙඳසල්වල ආහාර ද්‍රව්‍ය සුලබ වුවත් මිලදී ගන්නට මුදල් තිබුණේ නැත. ජේ.ආර් කළේ වෙළෙඳසල් ආහාරවලින් පුරවා රජයෙන් නොමිලේ ලබාදුන් හාල් සේරුව කපා හැරීමය. එහෙත් ජනතාව ජේ.ආර්ට ඡන්දය දුන්නේ නොමිලේ දෙන හාල් සේරුවට ජේ.ආර් තට්ටු කරනු ඇතැයි සිහිනෙන්වත් සිතා නොවේ. නව රජයකින් බලාපොරොත්තු වන්නේ එතෙක් ලැබුණු දේ අහිමි කර නොගෙන අලුත් සහන ලබා ගන්නය. එහෙත් ජේ.ආර් කළ හාල්පොත කැපීමෙන් ජේ.ආර් රජයට තිබූ අසීමිත ජනතා කැමැත්ත වේගයෙන් පහළ බැස්සේය.
ඊළඟ රැල්ල හැදුණේ 1994 දී චන්ද්‍රිකා කුමාරතුංගටය.
එජාප ආණ්ඩුවේ සිටි ඇමැතිවරුන් අතිවිශාල වරප්‍රසාද හා පඩිනඩි ලැබූ බවත් ඒ සඳහා රජයේ අයවැයෙන් කෝටි ගණනක ධනස්කන්ධයක් වැය වූ බවත් පොදුජන එක්සත් පෙරමුණ 1994 මැතිවරණ සමයේ කියා සිටියේය. එවකට එජාප ඇමැති මණ්ඩලය විශාල වැඩි බව පවසා සිටි පොදුජන එක්සත් පෙරමුණ තම රජයක් යටතේ ඇමැති මණ්ඩලය විසි දෙනකුට සීමා කරන බවද කියා සිටියේය. එහෙත් පොදුජන පෙරමුණු ආණ්ඩුව පිහිටුවද්දීම ඇමැති මණ්ඩලය 23 කින් ඇරඹුණේය. නියෝජ්‍ය ඇමැතිවරුන් විසි හතරක්ද පත් කෙරිණි. මැතිවරණ සමයේ එජාප මැති ඇමැතිවරුන්ගේ වැටුප් ගැන විවේචනය කරමින් බලයට ආ ඔවුන් ද එලෙසම තමන්ගේ මැති ඇමැතිවරුන්ට වැටුප් දීමනා සහ නිල රථ ලබා දුන්නේය. එජාප මැති ඇමැතිවරුන් ලැබු වරප්‍රසාද කිසිවක් පොදුජන එක්සත් පෙරමුණේ මැති ඇමැතිවරුන් ඉවත දැමුවේ නැත. එදා විරුද්ධ වූ සියලු වරප්‍රසාද නව රජයේ මැති ඇමැතිවරුද භූක්ති වින්දෝය. එජාප රජයේ ඇමැතිවරුන් භුක්ති විඳි බවට චෝදනා කල එකල ලක්ෂ 80 – 90 ක් වැනි වටිනාකම්වල වූ සුඛෝපභෝගි බෙන්ස් රථ මහජන ප්‍රදර්ශනයට තැබිණි. ‘අනේ අපොයි අපේ සල්ලි.’ කියා ජනතාව එම රථ දැක හීල්ලුවා විනා රටට අත්වූ ප්‍රයෝජනයක් නැත. නව රජයේ මැති ඇමැතිවරුන්ට ටික දිනකින් පෙරටත් වඩා මිල අධික අලුත්ම නිලරථ ආනයනය කෙරිණි. ඉන්පසු චන්ද්‍රිකාගේ රැල්ලට වූ දෙයක් සොයා ගැනීමටවත් නොහැකි විය.
මැතිවරණයකින් බලයට පත්වූ ආණ්ඩුවකින් ජනතාව බලාපොරොත්තු වන්නේ එතෙක් රටේ පවත්වාගෙන ආ පාලන ක්‍රමය සම්පූර්ණයෙන්ම කණපිට හැරවීම නොවේ. තම ජීවන ක්‍රමයට පහසුවක් උදාකර ගැනීමය. එහෙත් ජාතික ජන බලවේගයේ අත්දැකීම් නොමැති ඇතැම් දේශපාලකයන් ඇමැතිවරුන් බවට පත්වීමේදී තමන්ගේම ක්‍රමයක් රාජ්‍ය සේවය මත මුදා හැරීමට යත්න දරන්නේ ද යන සැකයක් දැන් මතුව ඇත්තේ ඇමැතිවරුන් එක් පසෙකටත් රාජ්‍ය නිලධාරීන් තවත් පසෙකටත් ගමන් කිරීමට උත්සාහ දරන බවක් පෙනෙන්නට ඇති නිසාය. මේ තත්ත්වය තවදුරටත් උග්‍ර වුවහොත් ඇති වනු ඇත්තේ එළහරකා සහ මීහරකා එක බැගින් බැන්ද් ගොවියාට ඇති වූ ගැටලුවමය. එනම් හීය හෑමට නොහැකි වීමය. ආණ්ඩුවක් කරගෙන යෑමද හීයක් හෑමට සමානය. හරිහැටි සී සෑමට නොහැකි වුවහොත් ගොවියාට බඩගින්නේ සිටීමට සිදුවේ. රාජ්‍ය නිලධාරීන් හා ඇමැතිවරුන් එකට වැඩ නොකළොත් ජනතාවට කුසගින්නේ සිටීමට සිදුවේ. ඇමැතිවරුන්ගේ ක්‍රමයට නිලධාරීන්ට හැඩ ගැසීමට නොහැකි වන අතර නිලධාරීන් වැඩකරන ක්‍රමයට ඇමැතිවරුන් හැඩ ගැසිය යුතුය. රජය යනු ඇමැතිවරුන් නොව සමස්ත නිලධාරී තන්ත්රයයි. ලැබුණු ජනරැල්ලට සාධාරණය ඉටුවන්නේ ජනතාවගේ ජීවන බරට සහනයක් ලබා දීමෙන් මිස නිතිපතා නිලධාරීන් මාරු කිරීමෙන් නොවේ.
ප්‍රේමකීර්ති රණතුංග
රටත්, ජනතාවත් වෙනුවෙන් බොහෝ යහපත් දේ ඉටු කිරීමට දුන් ප්‍රතිඥා එලෙසම ඉටු කිරීමට පසු නොබස්නා වීර්යෙන් කැප වී සිටින බව ජනාධිපති අනුර දිසානායක මහතා තෛපොංග
එකිනෙකා අගය කිරීම සහ කෘතගුණ සැලකීමේ උතුම් ගුණාංග උදෙසා දමිළ ජනප්‍රජාව විසින් සෑම වසරකම ජනවාරි මාසයේ සැමරෙන තෛපොංගල් උත්සවය සැබෑ සංස්කෘතික වටිනාකම් ක
ගුණාත්මක, ප්‍රශස්ථ සහ විධිමත් නිදහස් සෞඛ්‍ය සේවාවක් මෙරට ජීවත්වන ජනතාවට අඛණ්ඩව ලබා දීම සඳහා ඉදිරි වසර තුන තුළදී ප්‍රධාන ධාරාවන් පහක් ඔස්සේ මෙරට සෞඛ්
ආණ්ඩුවේ නව බදු ක්‍රමය ජනතාවට විශාල බරක් මෙන්ම රටේ ආර්ථිකයට ද අහිතකර බලපෑමක් ඇති කළ හැකි බව එක්සත් ජනරජ පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහ
උසස් පෙළ අධ්‍යාපනය ලබන දරුවන් පාසලෙන් ඈත්වීම පිළිබඳ සොයා බැලිය යුතු බවත් කුමන හේතුවක් මත හෝ දරුවන්ගේ අධ්‍යාපන අවස්ථා මගහැරීම නතර විය යුතු බවත් අග්‍රා
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
ආණ්ඩුවේ ජන රැල්ල නඩත්තු කිරීමේ අභියෝගය