IMG-LOGO

2025 අප්‍රේල් මස 19 වන සෙනසුරාදා


ආනන්ද සංගරිගෙන් තමිල් අරසු කච්චි පක්ෂයට චෝදනා

එෆ්.අස්ලම්
 
යුද්ධයෙන් සිදුවූ විනාශයේත් එල්.ටී.ටී.ඊ නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් ඝාතනය වීමේත් සම්පූර්ණ වගකීම ඉලංගයි තමිල් අරසු කච්චි පක්ෂය විසින් බාරගත යුතු බව දෙමළ විමුක්ති පෙරමුණේ නායක වී.ආනන්ද සංගරි මහතා සඳහන් කළේය.


මඩකලපුව කල්කුඩා ප්‍රදේශයේ දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ රැස්වීමකට එක් වෙමින් සංගරි මහතා මේ බව කියා සිටියේය.


ප්‍රභාකරන්ව මම හදුනන්නේ ඔහු කුඩා කල සිටයි. ඔවුන් කරපු ඇතැම් වැරදි මා මීට පෙරාතුවම කියල තියෙනවා. මම එදා පෙන්වා දුන්න ඒ වැරදි අද සනාථ වෙලා තියෙනවා. මම කොටි සංවිධානය විනාශ කිරීමටත් එම සංවිධානය පාවා දීමටත් උත්සහා කළා කියලා බොරු කතන්දර ප්‍රචාරය කරල ඇතැමුන් මට ද්‍රෝහියා කියන ලේබලය අලවන්න හදනවා.


කොටි සවිධානය පැවසු ආකාරයට සියළුම දෙමළ දේශපාලන පක්ෂ  එක්සත් වී ජනතාවට සේවය කරන්න මූලිකත්වය ගත්තා නම් එක්සත්ව මැතිවරණයට මුහුණ දුන්නා නම් 2004 අප්‍රේල් මාසයේම යුද්ධය ඉවර කරන්න තිබුණා.


නමුත් අවසානයේ සිදුවුණේ මොකක්ද? දෙමළ ජනතාව අද සිටින තත්වයට ඉලංගයි තමිල් අරසු කච්චි පක්ෂය වග කියන්න ඕනෑ. මෙය සම්බන්ධන් හෝ මාවෙයි සේනාධිරාජා හෝ ප්‍රතික්ෂේප කරයිද? එසේ ප්‍රතික්ෂේප කරනවා නම් ඒ ගැන කතා කරන්න තමන් හා විවාදයකට එන්නැයි මා අභියෝග කරනවා.


එදා දෙමළ පක්ෂ එකතු වෙලා තිබුණා නම් ප්‍රභාකරන් තවමත් ජීවමානව සිටිනු ඇති. ජනතාවට මේ වගේ පීඩාවකුත් අත්විදින්නට සිදු නොවනු ඇති. මේ සියල්ලටම වගකිව යුත්තේ තමිල් අරසු කච්චි පක්ෂයයි.
 



අදහස් (1)

ආනන්ද සංගරිගෙන් තමිල් අරසු කච්චි පක්ෂයට චෝදනා

Saman Friday, 27 July 2018 07:18 AM

ඔබ හරි ........ සියලුම දේශපාලකයන් වගකිව යුතුයි....

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දේශපාලන

වර්තමාන ආණ්ඩුව ජනතාවට බරක් නොවන බව ඔප්පු කළා
2025 අප්‍රේල් මස 17 556 5

වර්තමාන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය සහ මැති ඇමතිවරු රටට සහ ජනතාවට බරක් නොවී වැඩ කළ හැකි බව ඔප්පු කරමින් සිටින බවත් දූෂණය, වංචාව සහ නාස්තිය නතර කර ඇති බව සියය


පච දේශපාලනය රජ වෙලා
2025 අප්‍රේල් මස 17 762 18

මාලිමා ආණ්ඩුව යටතේ ගොවියා රජ කරවීම කෙසේ වෙතත් පච දේශපාලනය නම් රජ වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


ජනපතිට ජපානයෙන් ආරාධනයක්
2025 අප්‍රේල් මස 11 6173 2

මේ වන විට ආණ්ඩුව ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා හදා ගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අක්කරපත්තුවේ ජන රැළියකදී පැවසීය.


පිරිසිදු පුංචි ආණ්ඩු ටිකක් හදාගන්න
2025 අප්‍රේල් මස 11 723 1

අයවැයෙන් වෙන් කළ මුදල් විනිවිදභාවයෙන් ගමේ සංවර්ධනයට යොදවන්න පිරිසිදු ප්‍රාදේශිය පාලනයක් නිර්මාණය කරගන්නා⁣ ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය


සුබ නැකතට රට අනුරට දුන් අය විපතකට
2025 මාර්තු මස 26 2034 34

සුබ නැකැතට රට අනුරට දුන් ජනතාවට ජීවත් විමේ අරගලයක නිරත වීමට සිදුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද
2025 මාර්තු මස 25 3737 16

රණවිරුවන්ට බ්‍රිතාන්‍ය පැනවූ තහනමින් ප්‍රවර්ධනය වන්නේ මානව හිමිකම් නොව ත්‍රස්තවාදී අභිලාෂයන් බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 146 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 226 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 395 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site